IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක්  ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර  පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී  අදහස් දැක්වූ අගමැතිවරයා රජයේ ආයතන ගණනාවක් වසර ගණනාවක් තිස්සේ  ගිණුම්  වාර්තා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  නැති  බවයි.

මුදල් පිළිබඳ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඇති බව  ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නිතරම ප්‍රකාශ කරන හෙයින්  මෙම ආයතන ප්‍රධානීන් කැඳවීමෙන් පාර්ලිමේන්තුවේ  බලයට යළි ගෞරවයක් ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවේද අන්තර්ගත වී නොමැති වැදගත් කාරණාවක් ඔබතුමාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට ගේන්න කැමතියි.    ආයතන රාශියක් තම යුතුකම් කොටස ඉෂ්ට කරලා නෑ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, වහාම මෙම ආයතන පිළිබඳව කැඳවීමක්  කරන්න. මොකද අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්  තමයි ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන්නේ. ගිණුම් නිලධාරීන්ට මේවා ගැන  අහක බලාගෙන ඉන්න බැහැ.

"මම කිව්වේ ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය  අපි දෙගොල්ලො ම එකඟ වෙන කාරණාවක්. ඒ නිසා කාරක සභාවේ සභාපති මොන පාර්ශවයේ වුණත්, කතානායකතුමාට තිබෙනවා යම් කිසි බලයක් නියෝගයක් නිකුත් කරන්න. මේ ආයතන කැඳවන්න.



අදහස් (4)

ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න

චමින්ද Thursday, 20 October 2022 02:06 PM

පහලින් සිටින අයගේ අකාර්යක්ෂමතාවය, අනවධානය, නොසැලකිල්ල ,අවංකභාවය නැතිකම,අනිසි හැසිරීම බලන ලොක්කන්ට ඒවා අදාල නැද්ද අගමැතිවරයා කියනදේ වහාම ක්‍රියාත්මක කරන්න ඕන තමන්ගෙ වගකීම ඉටුනොකරන බලධාරීන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය කුමන රජයක් පත්වුනත් එය විනාශ කරන්නෙ ඔවුන් තමයි නිළධාරිවාදය වහාම පාලනය කරන්නෙ ඕන නැත්නම් මේරට හදනවා බොරු (මේක කරන්න දේශපාලනයේ යෙදෙන අයත් අඩුම ගනනේ ඇමති තනතුරු ගන්න අයවත් පරිපාලනය සම්බන්ධ දැනුමක් තියෙන අය වෙන්න ඕන )

:       0       3

sharm warn Thursday, 20 October 2022 02:18 PM

එතකොට ආදායම් වාර්තා නොදුන්නා ගරු කටයුතු මන්ත්‍රීලා ගැන මොකෝ කියන්නේ බොරළු?

:       3       1

Nimal Thursday, 20 October 2022 06:36 PM

එතකොට ඇමතිලා.?

:       0       0

ganegoda Thursday, 20 October 2022 08:51 PM

ගොන් වහන්සේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site