මණ්ඩලයකි. එහි කළමනාකාර අධ්‍යක්ෂවරියකි. මුලදී ඇගේ ඉල්ලුම්පත්‍රය කුණු කූඩයට ගියාලු. ඒත් දේශපාලකයෙක් ඇයට උදව් කළාලු.
ඇය කටුනායක පැත්තේ රජයේ ආයතනයක ලොක්කියක් කළෙත් ඔහුලු. ඇය වෙන අයට වඩා ඉහළින් පියාසර කළත් එදා රැකියාව ගැනත් කිසිවක් දැනගත්තේ නැතිලු. ඉන් පසුව ඇය තොටුපළ අධිකාරියකට පත් කළාලු. තොටුපොළ ගැනද හසරක් නොදැන සිටියත් අර දේශපාලකයා ඇගේ පැත්තේ නිසා ජොබ් එක ලැබුණාලු. ඒත් දැන් කොස්සක් මතු වෙලාලු.
ඇගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සහතික නැතිව ඇම්.ඩී.පදවියේ කොන්ත්‍රාත්තුව තවම අත්සන් කර නැතිලු. ඇයට ඇත්තේ ඒ.එල් පමණක්ලු. එහෙත් ඇගේ කයිවාරුවෙන් කියවෙන්නේ ඇයට නීති උපාධියක් ඇති බවලු. හැබැයි ඇය කලකට පෙර නීති උපාධිය කිරීමට පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වුණාලු. ඇය අලුත් පදවියට පත්වූ පසුව සේවකයන්ට හීලත් දී රුපියල් 65,000ක බිලක් තරු පහේ හෝටලයකින් ගෙනාවාලු.
එක් සේවකයකුට කිරිබත් කෑල්ලක්, කට්ට සම්බෝල ටිකක් සහ ඇඹුල් තියල් මාළු කෑල්ලක් දීමට බදු ගෙවන්නන් 65,000ක් ගෙව්වේ එහෙමලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සංග්‍රහය ලැබූ සේවක සංඛ්‍යාව හරියටම දැනගන්න පුළුවන් නම්...
සුදුසුකම් නැති අය ඔහොම තමා. මොළෙන් නොවේ වැඩ කරන්නේ (නි)
එකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ... (ර)
අනේ ඉතින් මේවට මොනවට උත්තර දෙනවද? (නි)
රුවින් අග තැන්පත් තවත් ඩයස් බණ්ඩාරනායක කෙනෙක්ද ? මොනා වුනත් අමාත්‍යංශ භාරව ඉන්න ඇමතිලාට වඩා මෙයාට ඉංග්‍රීසි හොඳට පුළුවන් (බ)
අප පැතූ වෙනස මෙයද? (නි)
ගැහැණු මොළේ හැඳිමිටේ දිගට තිබුණේ ඉ්සසර (නි)
දොඩන්ගොඩ කිව්වා හරි. මෙයාව පත් කරපු කෙනාගේ මොලේ හැදී මිටෙන් බාගයටත් වඩා අඩු ඇති. දිලිනිකා නම් එයාගේ තරම හොදින් පෙන්වා තියෙනවා. අද ගැහැණිය නැත්නම් ලෝකය කොතනද? (ර)
අනේ එයා අහිංසක කෙල්ලෙක් වෙන්න ඇති. පව් අනේ! ආණ්ඩුව පෙරළෙනකොට තමා මට දුක (නි)
මෙයාව පත් කළේ හැමදාම නෝන්ඩි වැඩ කරන ජෝන් කියලයි කියන්නේ (බ)
බොරු සහතික පෙන්නා රැකියාවක් ලබා ඇත්නම් වහාම ඇයට විරුද්ධව කටයුතු කළයුතුය. තවද රැකියාව දුන් අයටද විරුද්ධව ක්‍රියා කළයුතුය. එසේ වුවහොත් මින් ඉදිරියටවත් රැකියා දීමේදී නිලධාරීන් මෙසේ කරන්නේ නැත. (නි)
ගැහැණු මොළේ හැඳිමිටටත් වඩා අඩුයි කියලා අපිට පිළිගන්න පුළුවන් නම් පිරිමි කොහොමද ඒ ගැන කියන්නේ? (නි)
මෙම සිද්ධියට නුගත් තනතුරට නුසුදුසු කළමනාකාර අධ්‍යක්ෂවරියට දොස් පවරා වැඩක් නැහැ , මෙවෙනි කෙනෙක් පත්කරන්න උදව් කරපු අර දේශපාලකයට දොස් නැගිමත් ඔහු ගෙන සොයා බලා කටයුතු කිරීමත් හොඳයි (බ)
ටෙනිසන් කියන දේ හරියටම හරි (නි)