එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට ඇතැම් අය හුවා දැක්වුවද එම මතයට එකඟ විය නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම මානව හිමිකම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රණය තුළ ආරක්ෂක හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්කි නැතත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කෙරෙන බවත් විදෙස් විනිසුරුවරුන්, විමර්ශන නිලධාරීන් හා නීතිඥයන් සහභාගීවන බවත් ලංකාවේ යුද සමය අලලා බිහි කරන මේ යාන්ත්‍රණයන් වලට විදේශීය රටවල්වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසෙන බවත් එයින් සිදුවන්නේ ශ්‍රී ලාංකික යාන්ත්‍රණය විදෙස් බලවතුන්ගේ මුදල්වලින් පවත්වාගෙන යන ආයතන බවට පත්වීම බවත් හිටපු ජනපති තම නිවේදනයෙන් පෙන්වා දෙයි.
ලංකාවේ යුද්ධය නැවැත්වීමට විදේශීය ප්‍රභූවරුන් පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව ඇඹිලිපිටියට ගෙන්වා මඤ්ඤොක්කා කෑමට දී ඔවුන්ට සිතා මතා අපහාස කළ නිසා බටහිර රටවල් අපට එරෙහිව යෝජනා සම්මත කරන බවටද අදහසක් පළවූ බවත් එසේ පැමිණි බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමැතිවරුන්ට ලබාදුන් ආහාර මොනවාදැයි තම මතකයේ නැති බවත් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියයි.
යුද මෙහෙයුම් නතර කිරීම තමා එකහෙලාම ප්‍රතික්‍ෂේප කළ බවද අද ත්‍රස්තවාදයෙන් තොර රටක ජීවත් වන්නේ විදේශීය පීඩනයට තමා යටත් නොවුණු නිසා බවද එම නිවේදනයේ දැක්වේ.
‘මා ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆි මහතාගේ කර වටා අත දමා ගැනීම නිසාත් බටහිර රටවල් ලංකාව සමග උරණ වූ බවද ඇතැම් අය කියයි. මේ කියන ඡායා රූපයේ මාගේ කර වටා අත දමා සිටින්නේ ගඩාෆි මහතාය. 2009 දී යුද්ධයේ අවසන් මාස කීපයට අවතීර්ණ වත්ම එවක ලෝකයේ ඇති වී තිබූ දරුණු ආර්ථික අවපාතය හේතුවෙන් ලංකාවේ විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතුණි. මේ අවස්ථාවේ දී බටහිර රටවලින් එල්ල කරනු ලැබූ පීඩනය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපට ලැබිය යුතුව තිබූ ණය පහසුකම් ද ප්‍රමාද විය. ඒ අවස්ථාවේ දී මා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ගඩාෆි මහතා එකග විය. ඒ පොරොන්දුව නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණි‘ යැයිද රාජපක්ෂ මහතා පවසයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ වීරවරයන් අතීතයේ බිහි වී සතුරු ආක්‍රමණවලින් රටත් ජාතියත් ගළවා ගත්තා. ඒ කාලයේ මේ රටේ මිනිසුන්ට ඩොලර් පිස්සුව තිබුණෛ් නැහැ. බොහොම සරල ජීවිත ගතකළේ. ඒ නිසා ඒ වීරයන් අදත් බැබළෙනවා. 1505 සිට 1948 දක්වා වූ යුරෝපීය පාලන සමය තුළ මෙහි ජීවත් වූ සිංහල හා දෙමළ ජාතීන් යූරෝපීයන් සමග මිශ්‍ර වී යුරේෂියන් වෙලා. ඒ නිසා ඒ අය තම තමන්ගේ ප්‍රශ්න බේරගන්න යුරෝපයට යනවා. යුරෝපීය ලේ මිශ්‍ර මොවුන්ට රටට ජාතියට වඩා වටින්නේ සිය මුතුන් මිත්තන්. ඒ ගැන පුදුම වෙන්න එපා. අමිශ්‍ර සිංහල හා දෙමළ ප්‍රජාව පමණක් මේ යුරේසියන් චින්තනය පිළිකෙව් කරනවා. මේ ප්‍රවෘත්තියට වැටී ඇති අදහස් වලින් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. (නි)
එඩ්වඩ් පෙරේරා ආචාර්යතුමාණෙනි, ගමන හෙමිහිට යන්න. බුරන බල්ලෝ කවදාවත් හපාකන්නේ නැහැ. (නි)
දේශපාලකයන්ගේ ප්‍රකාශ වලටම ඉඩනොදී රටේ සිටින උගත් බුද්ධිමතුන්ගේ අදහස් කවරාකාරයකට හෝ ජනතාව අතරට පැමිණීම ඉතා අගය කළයුතුය. ඉතිහාසයේ යම් සිද්ධියක් මුල්කරගෙන දේශපාලකයන්ට වන්දනාමාන කරන ජනතාව ඉන් ඉවත්කර දැනුවත් කිරීම උගතුන්ගේ යුතුකම සහ වගකීම වියයුතුය. ආචාර්යතුමත්,මහචාර්යතුමාත් ලංකාදීප පුවත්පත හරහා අපි සමඟ එක්වීම ගරුකොට සළකමු. (නි)
අචාර්ය එඩ්වඩ් පෙරේරා මහතාට මගෙනුත් මල් මිටක්.....! උගතාට අපේ රටේ තැනක් නැති නිසයි බොහෝ උගතුන් රටින් පිටවී සිටින්නේ.බටහිරයන් දන්නවා ඔවුන්ගේ නිසි සේවය ලබා ගැනීමට.යහපාල වැනි මෝඩයෝ නම් දොඩවමින් කරන්නට වැඩක් නොමැතිව අනුන්ගේ රෙදි සෝදමින් සිටිති. පෙරේරා මහතාණෙනි,නැවතත් මව් බිමට පැමිණ ලක්බිමට සේවය කරනු මැනවී. (නි)
ඔබතුමාලා හැමදාම කියන්නේ ඕකනේ. ඔබතුමාලා ඇරෙන්න කවුරු ආවත් රට පාවා දෙනවා කියල මිනිස්සුන්ට කියනවා. කෝ දැන් රට පාවා දීලද තියෙන්නේ? අපිට කොරහේ කිඹුල්ලු පෙන්නලා ඡන්ද ටික කඩාගන්න දරන දෙකේ පන්තියේ උත්සාහයක් මේක. (බ)
අපේ කට්ටිය කවදාවත් ඉගෙනගන්නේ නම් නැහැ. හැමවෙලේම කතාවේ පොඩි කෑල්ලක් අල්ලාගෙන දඟලනවා. මුළු කතාවම දිහා කවදාවත් බලන්නේ නැහැ. (නි)
ඒ මිලියන 500 ට මොකද වුණේ සෑර්...(අ)
තියනවයි කියපු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ටික ඉවර කරලා දැම්මට පස්සේ දැන් කියනවා, ඒකත් වැරදිලු... කොහොමත් එව්වා නැතුව මහින්ද මහත්තයට පැවැත්මක් නෑ නේ...(බ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනියගේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද හරිම අසාර්ථක බව මට වැටහෙනවා. මහින්දට දොස් පවරමින් දරන මේ ප්‍රයත්නයත් පරාදවන බව නිසැකයි. මොකද, කවුරු මොනවා කිවුවත් මේ පාපතර යුද්ධය නිමකළේ මහින්ද බව මේ පොළොවේ පය තබා ජීවත්වන මිනිසුන් දන්නා බැවිනි. (නි)
අලුත්ම අර්ථකතනයක් දීලා වගෙයි. මෙතුමාගේ නොදන්නාකමද? නැත්නම් දැනගෙනම අපිව අන්දන්න හදනවද දන්නේ නැහැ. (නි)
යමුනා, පොත් කියවපු පමණින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. පොත් වලින් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මුලික දැනුම් කොටසක් විතරයි. හේතුව පොත කියවන කෙනාගේ මනසේ තියන දේ අනුවයි ඔහු තේරුම් ගන්නේ. (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, ඔබ අපට ලබා දුන් තොරතුරු වලට බොහොම පින්! මේ රට අගාධයකට ඇදගෙන ගියේ කුමන පිරිසක්ද යන එක දැන් ජනතාවට තේරුම් ගන්න කාලය එළඹ ඇත. (නි)
අපේ සිංහලයන්ට 2002 දී රටේ වෙනම රාජ්‍ය පාලනයක් තිබුණු බව අමතක වෙලා. මුදල්, බැංකු, අධිකරණ , ගුවන් පොලිස් සන්නද්ද පාලනය දැන් අමතක වෙලා.ඔක්කොම හිතන්නේ එම සිහිනය බොඳවෙලා කියලා. අපි තරම් ගුණමකු ජාතියක් මේ ලෝකයේ නැහැ. සිහිනය නිකම්ම බොද වෙන්න දෙන්නේ නැති බව විශ්වාස කරන්න. (නි)
පෙරේරා මහතාණෙනි, ඔබගේ ලිපියට තුති පුදමි. (නි)
රණවිරුවන් හිරේ දාලා නේද (අ)
ඔබට අවශ්‍ය කරන්නේ මොනවාද? (නි)
අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ? (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය."ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීම සඳහා රැගෙන ගිය 300 කට අධික ඥාති හා මිත්‍ර පිරිසේ වියදම රුපි. මිලියන 3840 ක් පමණ වුනා. එය මේ රටේ ජනතාව දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් බව අමතක කළ රාජ්‍ය නායකයෙක් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ නොපෑවේ මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී තිබු නිසා බව දැන්වත් සිතට ගන්න".......කම්හලේ ඉන්න බල්ලට හෙන පිට හෙන වැදුනත් දන්නේ නැහැ වගේ රටේ ඉන්න සම-හරක් උදවියට ඒ ගැන එතරම් තේරුමක් නැහැ.ඔය වියදම් ගැන සවිස්තර වාර්තාවක් අන්තර්ජාලයේ තිබුන.ලිමොසින් වර්ගයේ අධිසුඛෝපභෝගී වාහනම 35ක්,ලෝකයේ ධන කුවේරයන් යන ඇස්ටෝරිය කියන අධිසුඛෝපබෝගී හෝටලයේ කාමරම 40 ගානක් ඊට ඇතුලත්.හදවතක් තිබෙන රාජ්‍ය නායකයෙක් නම් රටේ ජනතාවට බදු පිට බදු ගහල එහෙම නාස්ති කාර වියදම් කරාවිද? (බ)
රාජපක්ෂලා රටට කරපු විනාශය මිනීමරු ප්‍රභාකරන් අවරුදු 35 කදී රටට කළ විනාශය වගේ සිය දහස් ගුණයකටත් අද වැඩියි (බ)
මේකේ ඉන්න ගුණමකු අයගෙන් මහින්ද මහත්තයට ආශිර්වාද පතන්න තරම් අපි මෝඩ නැහැ..ඒ වගේම ඉහල කොමෙන්ට්ස්වල රටාව අනුව ගොඩක් දේවල් මේ තීරුවේ වසර ගානක අත්දැකීම් තියෙන අපිට හොදට පැහැදිලියි..මේක ජයග්‍රහණයක් නෙමෙයි අමුම අමු පාවා දීමක් කියන එක මේ රටේ දේශපාලන මතවාද යහපාලනයෙන් කුරුවල් නොකර ගත් සියල්ලන්ට පැහැදිලියි.එකෙක් කියනවා මහින්ද මහත්තය විදුලි පුටුව විකුණන් කෑවලු..ඒ තරමට ගුණ මකුවන් ඉන්න මේ රටට මහින්ද මහත්තය මර බිය නැති කරලා සාමය උදා කරලා දීපු ඒ අපරාධයට එතුමාව ලංකාවේ විදුලි පුටුවක් හදල ඉන්ඳන්න ඕන කියල දැන්නම් අපිටත් සිය දහස් වාරයක් හිතෙනවා..(බ)
රටක යුද්ධයක් නිමාකිරීම රටේ නායකයාගේ රාජකාරිය වේ.මේකම කිය කියා හිඟන්නාගේ තුවාලය මෙන් වවාගෙන කාපු කාලය නිම වී ඇත. ආචාර්ය පෙරේරා මහතාට සුබ පැතුම්.....! (නි)
අස්ටෝරිය කියන අධිසුඛෝපබෝගී හෝටලයේ ජපන් දූත පිරිස කාමර 10 ක් වෙන් කරව ගනිද්දී,ලෝකයේ දියුනුම රටවල් කාමර 10-15 ක් වෙන් කරව ගනිද්දී,දුප්පත් ලංකාවේ දුත පිරිස කාමර 35 ක් වෙන් කරගෙන තිබුන. (බ)
පිවිතුරු යහපාලට හරි දුකයි නේද? (නි)
ඔබගේ ඉතාම පැරණි මිතුරෙක් ලෙස මේ දෙය ඔබට කියන්න සිදුවීම ගැන කනගාටුවෙමි. යුද ජයග්‍රහණයෙන් පසු හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඔබ සහ ඔබගේ සොහොයුරු ගෝඨාභය කළ අමානුෂික ක්‍රියාදාමය නිසාම 2010 පටන් ඔබ සමග කතා කිරීම පවා මම අත හැරියෙමි. ඔබ යුද්ධය නතර කරන්න උත්සාහ කළේ ඔබේ උවමනාවට වඩා ඔබගේ පවුලට බලපෑම් කළ හැකි පුජක බලවතෙකු නිසා බව ඔබ කිසිදාක නොකියනු ඇත. ඔබ යුද්ධය නතර කරන්න ඔබේ සොහොයුරා ට උපදෙස් දුන් නමුත් ඔහු සහ සරත් ෆොන්සේකා ඊට තදින්ම විරුද්ධ වූ නිසා කපන්න බැරි අත ඔබට සිඹින්න වූ බව දන්නේ පවුලට ඉතා සමීපව සිටි කිහිප දෙනා පමණි. මෙය හැකි නම් බොරුයි කියා කියන්න මම ඔබට ප්‍රසිද්ධියේ අභියෝග කරමි. යුද්ධය සඳහා මුදල් හොයන්න ගඩාපිට කරට අත දාගෙන ඉඩ දුන්නා කියල කියන්න තරම් ඔබ බොළඳ වීම ඔබගේ දේශපාලන බංකොලොත් බව මනාව පැහැදිලි කරනවා. 2009 වසරේදී අරලියගහ මන්දිරයේදී මම ඔබට රටට විදේශ විනිමය උපයාගත හැකි මහා පරිමානයේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ විට ඔබ එදා එය නිර්දය විධියට ප්‍රතික්ෂේප කළේ ඔබගේ සොහොයුරන්ට හා ලඟම හිතවතුනට ඉන් ලාභයක් අත්වෙන විධියක් ඒ ව්‍යාපෘතියෙන් මා යෝජනා නොකළ නිසා බව කනගාටුවෙන් උවත් ප්‍රකාශ කරන්න සිදුවෙනවා. බුද්ධිමත් පරිපාලන නිලධාරියෙක් වූ ඔබගේ ලේකම් ලලිත් වීරතුංග මහතා මාගේ ව්‍යාපෘතියට ආශීර්වාද කලත් ඔබගේ එක් සමීපතම පුරෝහිතයෙක් වූ මහාචාර්ය ඇපාසිංහ මා ලංකාවට ආපසු පැමිණ රටේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ වෙනවාට තදින්ම විරුද්ධ වුනා. යුධයට මුදල් හොයන්න ගඩාෆිලාට කරට අත දාන්න දෙනවා කියන්නේ රාජතාන්ත්‍රික බව ගණිකා වෘත්තියේ යෙදවීමක්. ඔබ වරක් එක්.ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීම සඳහා රැගෙන ගිය 300 කට අධික ඥාති හා මිත්‍ර පිරිසේ වියදම රුපි. මිලියන 3840 ක් පමණ වුනා. එය මේ රටේ ජනතාව දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් බව අමතක කළ රාජ්‍ය නායකයෙක් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ නොපෑවේ මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී තිබු නිසා බව දැන්වත් සිතට ගන්න. (බ)
මහාචාර්ය එර්නෙස්ට් එස් ද සිල්වා මැතිතුමනි,ඔබගේ පුද්ගලික පිරිවැයෙන් කල සමීක්ෂණයේ ප්‍රතිඵලයෙන් වත් ශ්‍රී ලංකා වාසී දුප්පත් ජනතාවට සෙතක් සැලසේවා.....!ඔබ වැනි උගතුන් රටට අශිර්වාදයෙකි . (අ)
මහාචාර්යවරුන්ගේ අදහස් පිළිගන්න බැරි ඔවුන් තමන්ගේ මතය හා ගැලපෙන්නේ නැති නිසා නම් ඔයාලට දෙවියන්ගේම පිහිටයි. (අ)
මඩ වලට මේ රටේ මිනිසුන්ගේ මහින්ද මහත්තයට තියෙන බැඳීම නැතිකරන්න බැහැ. එතුමාව කාට කාටත් විඳගන්න බැරි නපුරු හීනයක් බව අපි දන්නවා. අපි ඒ නපුරු හීනය ඉක්මනින් සැබෑ කරවන්නම්. (නි)
ගුණමකුවන් වැඩිපුර ඉන්න මේ රටට මහින්ද මහත්තයා මර බිය නැති කරලා සාමය උදාකරලා දීපු ඒ අපරාධයට එතුමාව ලංකාවේ විදුලි පුටුවක් හදලා ඉන්දන්න ඕනෑ කියලා දැන් නම් අපිටත් සිය දහස් වාරයක් හිතෙනවා.. (නි)
යුද්දයට පෙර තැන තැන බෝම්බ පිපිරෙනකොට - කොටින් ගම්මාන වලට පැනලා මිනිසුන්ව අමු අමුවේ කපා කොටා මරනකොට - යන එන වාහනයේ බෝම්බ පිපිරෙයි කියා බියෙන් වෙව්ලනකොට - පාසල් වල බෝම්බ තබාවි කියා බිය ඇතිවෙනකොට මිනිසුන් කීවේ ඔන්න ඔය ඊලම දීල හරි කමක් නැහැ මේ මිනිස්සු මැරෙන එක නවත්වන්න කියල . නමුත් යුධමය ක්‍රමයකින් කොටි පරද්දා රටට සාමය උදාකරන්න නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා කියන එක බොහොමයක් දෙනා බලෙන් අමතක කරන්න උත්සාහ කරන බවක් පේනවා. මෙතන අදහස් පල කරලා තියෙන මම ඇතුලුව බොහොමයක් දෙනා ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී බැටකාපු අය මිසක් යුද්ධයේදී කරපු දෙයක් නැත . ඇත්තටම අපි මොනවද යුද්දයේදී රට වෙනුවෙන් කරලා තියෙන්නේ ? යුද සමයේදී එදිනෙදා පුවත් කියෙව්වා ඇරෙන්න වෙන යමක් කරලා තියෙනවද? නැත . දැන් යුද්දය ඉවර කළාම ඒකට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු බොහොමයක් දෙනාව සැහැල්ලුවට ලක් කරලා. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ එක එක දේශපාලකයෝ කියනා දේවල් පිලි අරගෙන මෙවැන්නෝ මෙවැනි තැන වල අදහස් පල කරනවා ඇර කරපු දෙයක් නම් නැත. (අ)
සබැ දෙසප්‍රමියන් හැම දම ඔබ සමගයි (අ)
අචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි,ඔබගේ දීර්ඝ සටහනේ අන්තිම ඡේදය මොනතරම් සත්‍යතාවයකින් පිරිපුන්ද?ඔබ ලිවු අනෙකුත් කාරණා අසත්‍ය යැයි කිසිවිටෙකත් නොකියමි. තව,තව අප නොදන්නා දේවල් කොපමණ සැඟවී තිබෙනවා ඇද්ද? රබර් බෝලය දිය යට බොහෝ වෙලාවක් සඟවා තබාගන්නට බැරුවා මෙන් කවදා හෝ සත්‍ය ජයගනු ඇත.ඔබට නිදුක්,නිරෝගී සුවය පතමි! (නි)
මෙතන ආචාර්යවරියෙකුගේ යයි කියන කෙනෙකුගේ අදහස් පමණක් සාකච්ඡා කළ යුතුද. . සිදුවූ සත්‍ය නිගමනය කරන්න බැරිද. ඔය යුද්දය කරන වෙලාවේදී බටහිර රටවල් වලින් සිදුවූ බාධක බිඳගෙන මහින්ද නම් රාජ්‍ය නායකයා මේ අවුරුදු 30 කරදරය ජයගත් විට මුළු ලොවම , සහ ඔය විවේචනනය කරන සැවොම ඇතුළු සියලු දෙනා, එක්කෝ ජයපැන් බිවා, නැත්නම නිහඬව සිටිය. නිහඬව සිටි ඔවුන් අවුරුදු පහකට පස්සේ තමයි කට අරින්න පටන් ගෙන ඇත්තේ. බොරු සෝබන නොවේ , කළ යුත්තේ වැරැද්දක් වෙලා තියනවනම් හදාගමු. ජාතියේ විරවරුන්ට අගෞරව නොකරමු. (බ)
බල්ලෙක් ගිය උඩ. (බ)
අපේ සිංහල ජාතියට මුල මතක නැත .කවදා හරි සත්‍ය ජයගනනියි. ඔබතුමාට ජය ! (බ)
ප්‍රභාකරන් ඉපදුනේ නැත්නම් යුද්ධයක් නැහැ (බ)
රටට සම්බාදක දැම්මා නම් මහින්ද වහලුන් මේ වගේ ප්‍රතිචාර දාන්නේ නෑ.(අ)
සමහර දේවල් අමතකවෙන අතර, තවත් සමහර දේවල් සිහියට ඒම නම් ටිකක් බරපතලයි (නි)
එහෙනම් දැන් කරන්න තිබෙන්නේ ගඩාෆි මහතා සිහිකර සුදුසු හොඳ දෙයක් සංවිධානය කිරීමයි. (නි)
මහින්ද කියන්නේ ගැරඬියාවත් දරනුවට ගන්න පුළුවන් මිනිහෙක් .අවුරුදු 30ක් තිස්සේ මහජන මුදල් නාස්තිකාර ජිවිත විනශ කර යුද්දය වාවගන කාපු ආණ්ඩු හිටපු කාලය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ .යම රජ්ජුරුවන්න්ගේ කරට අත දාල හරි අපේ දරුවන්ට ඒකීය රටක් ලබා දුන්න ඔබට තුති . (අ)
හිතවත් ජයා සෙනෙවිරත්න සහෘදයාණනි, දහසක් මෝඩයින් සත්‍ය ප්‍රතික්ෂේප කරන විටක එක් නුවණැත්තෙක් එය වටහා ගැනීම මා දකින්නේ තරු දහසක් මැද ගුවන් ගැබ දිළිසෙන සඳ ලෙසයි. ඔබට නිරෝගී සුව. (නි)
පිවි යහපාල, ඔබ රාජිත මහින්ද වෙනුවෙන් විදුලි පුටු ඇටවීමේ තේරුමක් නැත. ඔහු දේශපාලනයෙන් පැරදුනේ ජනවාරි 8 වෙනිදා නමුත් තමා අතින් සිදුවූ වැරදි වලට ආත්මීය වශයෙන් පැරදුනේ යුද්ධය දිනුවාත් සමඟයි. මේවා මතක්වෙන මොහොතක් මොහොතක් පාසා ඔහු සිය දහස් වාරයක් තැවෙනු ඇත (නි)
පිවිතුරු යහපල මහින්ද විදුලි පුටුව විකුණන් කපු බව නොදන්න බබෙක් වුණාට මේ රටෙ 5පන්තියෙ බබෙකුගෙන් අහලවත් දැනගන්නවා (අ)
මමත් තවත් විදේශීය රටවල ජීවත්වෙන උගතුන් 6 දෙනෙකුත් එක්ව මෑතකදී අපගේ පුද්ගලික වියදමින් සමීක්ෂණයක් කළා. අපි මේ හරහා උත්සාහ දැරුවේ ලංකාවෙන් මන්දපෝෂණය සම්පුර්ණයෙන්ම දුරලීමට නම් අත්‍යවශ්‍ය හා වෙනත් ආහාර මිල කෙතරම් පහත වැටිය යුතුද යන්නයි. මෙහි ප්‍රතිඵල සැබවින්ම භයානක බව පෙනීගියා. 78% කින් අහාර මිල පහත වැටුනොත් පමණක් සම්පුර්ණයෙන්ම මන්දපෝෂණය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව අපගේ සමීක්ෂණයේ නිගමනය වුණා. නමුත් මෙහි කිසියම් ප්‍රායෝගික ගැටළු ඇති බැවින් අනවශ්‍ය වියදම් අඩුකොට යාහැකි සැබෑ ඉලක්කය 57% කින් අත්‍යවශ්‍ය හා වෙනත් අහාර මිල පහත දැමීම බව පෙනීගියා. රටක් දියුණු කිරීමට නම් ශරීර ශක්තියෙන් පිරිපුන් ජනතාවක් ඇති කිරීම අංක එකේ අවශ්‍යතාවයයි. (නි)
පුජක බලවතකු නිසා යුද්දය පැරදවුවලු ...මාරයිනේ ....(බ)
ආචාර්යවරයෙක් කියා කියා ගන්න එකෙක් කියන කතාවක් මේ.." එය මේ රටේ ජනතාව දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් බව අමතක කළ රාජ්‍ය නායකයෙක් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ නොපෑවේ මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී තිබු නිසා බව දැන්වත් සිතට ගන්න" පුලුවන්නම් ඔය ඕපාදුප වෙබ් වලට වෙලා පාලු ගෙවල් වල වලන් බිදින්නේ නැතුව යහපාලනයක් තියෙන රටට ඇවිත් පිරිමියෙක් වගේ ඔය කතාව කියන්න. මිනිස්සුන්ගේ මහින්ද මහත්තයට තියෙන බැදීම තේරුම් ගන්න පුළුවන් වේවි ඉස්පිරිතාලේ ඇදක ඉදගෙන... එතනට යන්නත් ඉතුරු කළොත් විතරක්..(බ)
මහාචාර්යතුමන් පුද්ගලික වියදමින් රට වෙනුවෙන් කළ දේ ඉතාමත් ප්‍රශංසනීයයි. ශරීර ශක්තියෙන් ,පෝෂණයෙන් පිරිපුන් ,මන්දපෝෂණය 100% ක් දුරු කළ රටක් බවට රට පත්කිරීමට අපි සැවොම රජයට බලකළ යුතුයි.බඩු මිල අවශ්‍ය ලෙස පහළ දැමීමට බල කළ යුතුයි.(ම)
ලොකු ලොකු පණ්ඩිතයන්ට ඒදණ්ඩේ යන්න බැහැලු.මේ ආචාරිත් ඒ ගණයේද දන්නේ නැහැ ..ලොකු කුට්ටියක් කඩාගන්න හිතේ තිබිල බැරිවෙච්ච නිසා පුද්ගලික කෝන්තර පිරිමහන්න දොඩවනවා වගේ තමයි අපිට නම් තේරෙන්නේ (බ)
මේ ආචාරි යයි කියා ගන්න කෙනාත් මේ දෙස් දෙවොල් දෙන්නේ තමුන්ගේ ව්‍යාපාරය පටන් ගන්න දුන්නෙ නෑ කියල බව නම් හොඳ හැටි තේරෙනවා.(ම)
මහාචාර්යතුමනි ඔබගේ පණිවුඩය රජය වෙත තදින් ගෙනියන්න . කොහොමහරි බඩු මිල අඩුකරලා දෙන්න . ගොඩක් පින්. (ම)
මහාචාර්ය කියන දේ ඇත්ත .රටක් දියුණු කිරීමටනම් රටේ ජනතාව ශක්තිමත් පෝෂණයෙන් පිරිපුන් ජනතාවක් විය යුතුයි. අපේ රටේ මිනිස්සු කනවා නෙමේ ලෙවකනවා (අ)
ඔබ දිනා දුන් දේශයේ අප නිදහසේ සිටිමු. මහජන කැමැත්තට හිස නමා ත්‍රස්තවාදය විනාශ කළ ඔබතුමාට විදුලි පුටු ගැන කියමින් සරදම් කිරීමට අපට සිත් නොදේ.දැන් බෝම්බ පුපුරන්නේ ද නැත. කෘත ගුණ දත් අයට අතීතය අමතක කළ නොහැක. ඔබතුමා තෙරුවන් බලෙන් ආරක්ෂා වේවා ..! (බ)
මෙසේ ලිබියාවෙන් ලැබුනා කියන ඩොලර් පන්සීයෙන් කීයක් රටට ලැබුනද? කොටසක් කවුරුත් හොරකම් කළේ නැද්ද? නිල් බලකාය නමැති රැකියා විරහිත මැර කණ්ඩායම් පෝෂණය වුනේ සහ එක්තරා ජනාධිපති අපේක්ෂකයෙක් නීති විරෝධී ලෙස තම ඡන්ද ව්‍යාපාරය කළේ කුමන මුදල් වලින්ද? (බ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා , පාළු ගෙයි වලං බිදින්නෙක් බවට කිසිම සැකයක් නැත . එසේ නැතිනම් දේශපාලකයන් සමග ඇති ඇදුනුම් කම් පොදු මාධ්‍ය වල හුවා දැක්වීමට උත්සාහ කරන හීනමානයකින් පෙලෙන්නක් විය යුතුය. තවමත් විශ්වාස කළ නොහැකි ඒ යුද ජයග්‍රහණයේ නියමුවා මහින්ද නොවන බවට ඒත්තු ගන්වන්නට , සමහර කොටස්වල උත්සාහය තවමත් අතහැර නැත. දෙවන ලෝක යුද සමයේ, එංගලන්තයේ අගමැති "වින්සන්ට් චර්චිල්" ගේ මේ කියමන මෙවැනි මෝඩ අදහස් දරන්නනන්ට , දිය' හැකි හොදම පිළිතුරයි "war is too important to be left to the generals" යුද්දය යනු ජෙනරාල්වරුන්ගේ වගකීමට පමණක් ඉඩ හැරිය නොහැකි අතිශය වැදගත් කටයුත්තකි " ඔබට හැකි නම් , ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වූ "සන්ඩේ ටයිම්ස් " හි ලංකාවේ මෙතෙක් බිහිවූ හොදම යුද විශ්ලේෂකයෙක් වූ "ඉක්බාල් අතාස්: මහතා ලියන ලද ආරක්ෂක වාර්තා 2005 සිටම කියවන්න .යුද්දය යනු සංග්‍රාම භූමියේ ඇතිවූ සටන් වලට වඩා බොහෝ විශාල දෙයක් බවත් , එහිදී ගෝඨාබය ගේ කාර්යබාරය කොතරම්ද යන්නත් පැහැදිලි වේවි. ඔබගේ ආචාර්ය උපාධිය , ලංකාවේ සමහර දේශපාලකයන්ට ලැබුන ජාතියේ එකක් දැයි මට නම් සැකයක් ඇත . (බ)
මේ ආචාර්ය මහාචාර්ය වරුන් සැබෑ උගතුන් ලෙස සේවය කළ යුතුවන්නේ තම මව් රටටය. මහජන මුදලින් ඉගෙන ගෙන තම මව් බිමට පිටුපා විදේශ වලට ගොස්, තම උජාරුව පෙන්වන්නේද අපටමය...දැන් වත් නැවත සිතා බලන්න. අප විදෙස් ගත වුනේ මේ හේතුන් මතයයි ඔබලා ට ඇති පිළිතුර වන්නට පිළිවන.එත් එය ආත්මාර්ථකාමී එකකි. (බ)
ආචාර්ය පෙරේරා තුමනි ඔබ 100% නිවැරදිය. ඔබට අපේ උපහාරය! (බ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි, ඔබගේ සටහනට ස්තුතියි. නැවත මෙරට ඇවිල්ලා සේවය කරන්න ආරාධනා කරනවා (නි)
මහින්ද මහතා කවදාවත් ඉගෙනගන්නා පාටක් නැත. සම්බාධක දැමුවා නම් මේ කතා අද නැත. අපි ලෝකයේ වෙනත් නීති වලට බැඳ දමා ඇත්තේද ඔබලාමය. (නි)
ඒත් අද අපි භුක්ති විඳින්නේ මහින්ද මහතාගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵල (නි)
එතුමා කියන්නේ රණවිරුවන් බේරගඒන එක රජයේ වැඩක් කියල (බ)
අපිට තවත් කතා අවශ්‍ය නැහැ (නි)
දැන් අලුත් තාලේ බලවත් රටවල් වල නම් පාවිචිචි කරනවා තමන්ගේ මතය බලහත්කාරයෙන් අනුන් මත හුවා දක්වන්න. එයාලගේ ඇතුළාන්තයේ තිබෙන පටු චින්තනය වහගන්න හදනවා ලොකු නම් වලින් (නි)
වපුරන ලද සියලු දේ අස්වැන්න.යුද්දය ඇති තැන. මානව හිමිකම් යහපාලනය දෙවැනි තැන
ඉස්සර හිටපු මහදැන මුත්තා හා ගෝලයෝ අදටත් ජීවමාන බව මෙහි තියන ආචාර්ය ප්‍රතිචාරවලින් පැහැදිලියි. (අ)
තාමත් මහින්දගේ වශී බෝලෙට ඔල්මොරොන්දම් වූ කට්ටිය ඉන්නවනේ අම්මප.(අ)
ඔබ කළ සේවය ගුණ මකුවන්ට මතක නැත.. අනගාරික ධර්මපාල තුමාටත් ලංකාවෙන් යන්න තරම් අපහස කලා. (අ)
පිවිතුරු යහපාල හොඳ මහින්ද ගැත්තෙක් බව නම් ඉතා පැහැදිලියි! (අ)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල, තමුන් කරන කියන දේවල් බැලුහවම අපිට නම් පුදුම තරහක් එන්නේ (නි)
මේ කියන දේවල් වල හැටියට 2005 දී මහින්ද නැතුව මේ මනුස්සයා ජනාධිපති වුණා නම් මේ වෙනකොට ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටි.ටි.ඊ .එක සහ මොහු පමණයි. සුද්දන්ට කන්න මඤ්ඤොක්කා දෙන මිනිහද වටින්නේ? නැත්නම් සුද්දන්ට කන්න උපන් රට දෙන මිනිහද වටින්නේ ? (අ)
අනේ අපි නම් දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ට මල් මිටක්. මහින්ද කවදත් දුර දැකපු නැති නායකයෙක්. පොතක් පතක් කියෙව්වේ නැහැ. ලොකු පොතක් කියවන පින්තුර දැම්මට පොතක් තියා කොලයක් කියවන්න ඉවසීමක් නැහැ. මල්ලිලා හොදය කියපු දේ කළා. අන්තිමට මුළු රටක් අමාරුවේ වැටුනා. මේක තේරුම් ගන්න බැරි කට්ටිය තාම ඉන්නවා. (අ)
දැන් දුක ඇති විදුලි පුටුව විකුණන් කන්න බැරි නිසා. අනේ මහත්තයෝ දැන්වත් පාඩුවේ ඉන්න ජනාධිපති කෙනෙක් කියන්නේ අයිආර්සී කාරයෙක් නොවන බව මතක තියාගන්න (බ)