ආණමඩුව කොට්ටුකච්චියේ නිවසක මාස කිහිපයක් රැඳී සිටි යකැදුරකුගෙන් ළය විරේකයක් කර ගත් දියණිය සහ පියා මරණයට පත්ව ඇති බව පුත්තලම සහ හලාවත රෝහල්වලදී සිදුවූ හදිසි මරණ පරික්ෂණ වලදී අණාවරණය වී තිබේ.
මල්නයිදෙගේ තුෂාරි සංජීවා ප්‍රනාන්දු (39) තිදරු මවක් හා ලයනල් ප්‍රනාන්දු (60) ඔවුහුය.
බන්ධන හා කොඩිවින ඉවත් කිරීමට යැයි පවසමින් තැඹිලි ගෙඩි හත බැගින් ගෙන විවිධ ඖෂධ හා පිටි කිරි දමා බීමට දී ඇති බවත්, එය පානය කිරීමෙන් පසු මොවුන් දැඩි ලෙස රෝගාතුරවී රෝහලට ඇතුළත් කර ඇති බවත් කියති.
දියණිය 18 වැනිදාත් පියා 22 වැනිදාත් මරුමුවට පත්වූහ.
‘අදාල ළය විරේකය සිදු කල යකැදුරාට ළය විරේකය කිරීම සදහා ආයුර්වේද සභාවේ හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ආයතනයක සහතිකයක් නැහැ. යකැදුරා මීට පෙර ගඩොල් කපන්නෙක්‘ බව කියති.
සිරුරු කොටස් රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කළ හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර මහතා තීන්දුව කල් තැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රූපවල ඉන්න කට්ටිය නම් හොඳ වැඩකාරයෝ. (නදී)
මේ වගේ මිත්‍යදුෂ්ටිකයෝ. මැරිච්ච අයට අපහාස කරන එක නරකයි තමා. ඒත් මේ 21 වන සියවසේදීත් මේ වගේ හරක් නම් මැරිලා හරි ඒ වල්ලේම ඉන්න අනිත් අයට හරි පාඩමක් කියල දීල මැරිලා යන එක තමා හොඳ. නමුත් ප්‍රශ්නය අනිත් හරක් මේක පාඩමක් හැටියට ගනීවිද කියන එකයි. හොර කපුවෝ දුටු තැන උන්ට මතක හිටින්න නෙලන්න ඕනේ. (නදී)
ඒ ලය විරෙකයම යකඳුරාටත් පොවන්න. (නදී)
කියන්න හොඳ නැති උනත් මන් නම් කියන්නේ මේ වගේ මෝඩ වැඩ කරනවට ඔහොම වෙන්න ඕනේ (නදී)
තවමත් අපේ රටේ අඳ බාලයෝ ඉන්න එකනේ වැඩේ. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලෝකේ (නදී)
මේ වගේ මිත්‍යා දෘෂ්ඨික දේවල් රට හැම තැනම තියනවා. අපේ පැත්තේ මිනිස්සු දහස් ගනන් දන්කොටුව පැත්තේ ලෙඩ සුව කරනවා කියන තැනකට යනවා ඇත්තටම අපේ මිනිස්සු දහසකුත් ප්‍රශ්න මත ජීවත් වෙනකොට අසනීපයක් හැදුනම යන්නේ රෝහලට නෙවෙයි මිත්‍යා දෘෂ්ඨිකයන් ලගට. ඒ යන අය තෙල් ගාල එවනවා හැබැයි සමහරු හැමදාම අර ඉංර්‍ගිසි බෙහෙත් ටික බොනවා බොන ගමන් බොරුවට ප්‍රචාරය කරනවා අර තෙල් වලට තමයි ඇරුනේ කියලා. තවත් සමහරු මේක බිස්නස් එකක් කරගෙනත් ඉන්නවා. වාහනය සෙට්කරල රු 4000./5000ක් සතියකට හොයා ගන්නවා. ඇත්තටම ඇයි මිනිස්සු මේ තරම් මෝඩ. අපේ පැත්තේ ගිය අය දැන් අර හිටිය වගේමයි. (නදී)
කුමාර, ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.(හේ)
මේ නුගත් මිනිස්සු අහිංසක මිනිස්සුන්ව රවටා ජීවත් වෙනවා. සියලුම යකැදුරන් අල්ලා සෞදිය දෙන දඩුවම දිය යුතුයි(නදී)
දන්නෙ නෑති නිසා අහන්නෙ. ලය විරේකයක් කියන්නෙ මොකක්ද?(නදී)
මිත්‍යාවේ ආදීනව (නදී)
යැකදුරු වෘත්තියක් ලෙස කරන අය ලියා පදංචිකිරීමක් කල යුතුය. මන්ද මොවුන් මේ වගේ ප්‍රතිකාර ක්‍රමත් කරන නිසා. ලියා පංදිංචි කිරීමේදි එම වෘත්තිය පිළිබද දැනුම පරික්ෂාවක් මෙන්ම ප්‍රතිකාර සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ආදිය ලබා ගැනිමට කටයුතු කල යුතුයි. එසේ ක්‍රම වේදයක් ඇති කල නොහැකිනම් මෙම මිත්‍යා දුෂ්ටි ක්‍රියාවන් සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි.(නදී)
මේ හොර කපුවෝ ඔක්කොම එල්ලලා මරන්න ඕනේ (නදී)
සමහරු මේකප් වලින් මැරෙනකොට තවත් සමහරු බෙහෙත් වලින් මැරෙනවා (නදී)
ලෙඩා මලත් බඩ සුද්දයි (නදී)
කොලොම්බියා හරි පිටරට ඉන්න අය හරි හිතන්නේ ලංකාවේ හැමතැනම ඒ වගේ කියලා. තවම ලංකාවේ කටුමැටි ගෙවල්වල ඉන්න ගම්මානවල දුප්පත් මිනිස්සු ඉන්නවා (නදී)