ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම ගැන අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
මහා මාර්ග රථ වාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදාගැනීම යෝග්‍ය බව පවසන අමාත්‍යවරයා මුහුදුබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එය ප්‍රචලිත කිරීම පහසු බව ද පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනාව නම් වඩාත් සුදුසුයි. තායිලන්තයේ බැංකොක් නගරය ආශ්‍රිතව මෙන්ම වෙනත් බොහොමයක් ප්‍රාන්තවලද බෝට්ටු සේවාවන් පවත්වාගෙන යනවා. විශේෂය නම් මේකයි. එම රටේ මෙම සේවාව තිබෙන ප්‍රදේශයේ ගංගාව ගලාගෙන යන්නේ තැනිතලා බිමක් හරහායි. ගඟ දෙපස වඩා උස ඉවුරු නොමැති නිසා බෝට්ටු ගමන් කිරීමේදී ඉවුරු ඛාදනය වෙන්නේ නැහැ. බැංකොක් නගරය මැදදී ගඟ දෙපස ශක්තිමත් ලෙස ඉවුරු කොන්ක්‍රීට් කර තිබෙනවා. අපේ රටේ ගඟ දෙපස ඉවුරු උසයි. ඛාධනයට ලක්වීමේ ඉඩකඩ වැඩියි. එම නිසා ඒ ගැනත් යම් වැඩපිළිවෙලක් යොදන්න වෙනවා. යෝජනාව සාර්ථක වේවා! (නි)
බැංකොක් නුවර නගරයේ ඇළ මාර්ග වල බෝට්ටු සේවයක් තිබෙනවා. ගමනත් ඉක්මන්. ලංකාවේ මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් (නි)
කොළඹ ඇල මාර්ග භාවිතා කර බෝට්ටු සේවාවක් දැම්මා නම් ගොඩක් තදබදය අඩුකරන්න පුළුවන්. විශේෂයෙන් බම්බලපිටිය සහ දෙහිවල සිට ශ්‍රී ජයවර්ධනපුර දක්වා. රාජගිරිය පැත්තට ගොඩක් පාරවල් නිදහස් වේවී. (නි)
මට මතකයි දැන් ටිකකලකට කලින් ඉතාමත් කාලෝචිත අදහසක් රටට ඉදිරිපත් කරලා තිබුණා මියගිය ආචාර්ය කුලසිංහ මහත්මයා.එතුමා කීවා ලංකාව කියන්නේ ඉතාම කුඩා දුපතක්, ඒ නිසා රට වටා දුවන දුම්රිය සේවයක් ස්ථාපිත කලොත් රටේ ප්‍රවාහන ප්‍රශ්නයෙන් 50 % පමණ විසදේවි කියලා.නමුත් රට පාලනය කල කිසිම " දේශපාලුවෙක් " ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ... (ම)
ඔන්න ඔය වගේ ධනාත්මක අදහස් දාන්නකෝ. (අ)
ගොඩක් හොඳ අදහසක්.මම කොරියාවේ ඉන්න කාලේ ඔය ප්‍රවාහන ක්‍රමය භාවිතා කරන ආකාරය අත්වින්ඳා. එමෙන්ම අපේ රට දුපතක්. එසේ කිරීම හරි පහසුයි. එමෙන්ම සංචාරක කර්මාන්තය ඉහළ යාහැක. විරැකියව අඩුවිය හැක. රටේ දියුණුව වැඩිවිය හැක. (නි)
ඉදිරි අනාගතයේදී බෝට්ටුවෙන් පාසල් යන්න පුළුවන් වෙයි. බෝට්ටුවෙන් රැකියා වලට යන්නත් පුළුවන් වෙයි. මේවා කරන්න පුළුවන්ද? (නි)
ජය වේවා. ඔබේ ගමනට අපේ ශක්තිය. (ස)
කතාව හොඳයි. සංචාරකයින්ට ගමන් කල හැකි විශාල මගී ප්‍රවාහන නව්කාවක් රට වටේට යොදවන්න. (ස)
විශාල මගී ප්‍රවාහන නෞකා භාවිතා කරනවට වඩා කුඩා ප්‍රමාණයේ නෞකා භාවිතා කරමු වරාය පහසුකම් මදිනේ (බ)
සෝඩා බෝතලේ කැඩුව වගේ හැමෝම ආපු ගමන් මොනවා හරි කරන්න හදනවා. නමුත් කිසි පැවැත්මක් නැති දේවල් කරලා සල්ලි නාස්ති කරනවා. (බ)