ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපි ඉතාලි අග‍්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කොනිට එවූ අවසන් ලිපියක් පැරිස් පුවත්පතක පළවිය. ගඩාපි විසින් බෙරලූක්ස්කෝනි වෙත අරාබි බසින් එවූ ලිපියේ කොටසක් ද පළකොට තිබිණි. ගඩාපි තම හොඳම මිතුරකු වූ ඉතාලි අගමැතිට එවු ලිපිය අරඹා ඇත්තේ ‘හිතවත් සිල්වියෝ‘ යනුවෙන් අමතමිනි. ‘‘මම මේ ලිපිය එවන්නේ මෙවැනි අසීරු අවස්ථාවක මාගේ සහෝදර ජනතාවගේ උදව්වට පැමිණි ඔබේ රටවැසියන් පිරිසක් අතය. අප දෙරට අතර තිබූ දැඩි මිත‍්‍රත්වය මත ඔබගෙන් මෙවැනි හැසීරිමක් මා කිසි විටෙක බලාපොරොත්තු නොවුයෙමි. හුදෙක් මා විශ්වාස කෙළේ මෙම බිහිසුණු යුද්ධයේ දී මාගේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයට සහයෝගය දීමට මත්තෙන් ඔබ මා සමග කතා බස්කොට යම් එකඟතාවයකට එනු ඇති බවයි. ඔබට වගකිව නොහැකි දේ සඳහා මම ඔබට දොස් නොකියමි. එහෙත් ඔබත් ඔබේ රටවැසියාත් අප‍්‍රසාදයට පත්වන කිසිදු දෙයකට ඔබ මැදිහත් නොවනු ඇතැයි මම විශ්වාස කෙළෙමි. මමත් මගේ ජනතාවත් මෙම කළු පැල්ලම අමතක කොට ඔබත් ඔබේ රටවැසියනුත් සමග පෙර සම්බන්ධතාවය යළි තහවුරු කර ගැනීමට කැමැතියි. එහෙත් ඊට ප‍්‍රථම ඔබ මැදිහත් වී මාගේ සහෝදර ජනතාවත්, නොදරුවනුත් නිකරුණේ මරා දමන ගුවන් ප‍්‍රහාර නවතා දැමිය යුතුය. එසේම යුද්ධයට සම්බන්ධ අනෙකුත් රටවල් සමග සාකච්ඡ කොට මාගේ ජනතාවට නිදහස් තීරණ ගැනීමේ අවස්ථාව සලසා දීය යුතුය. දෙවියන් විසින් ඔබ සියලූ දෙනාට නිවැරැදි මග පෙන්වා මෙම මිනිස් ඝාතන නවතා දමතියි මම බලාපොරොත්තු වෙමි.


1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ ඔක්කෝම එකයි....
ඔන්න පෙන්ව නේද ඕකනේ මම ඔය පර සුද්දෝ අතේ දුරින් තියාගෙන ඉන්නේ - රජතුමා
භෞතික සම්පත්වලට කෑදර වූ කළ මිතුරුකම් අමතක වෙනවා.
එකට කෑවත් බොක්ක වෙනයි.
මිතුරන් කවුදැයි දැන ගැනීම වැදගත්
ගඩාපි කවුදැයි ඉතාලි අගමැති අහනවා
දෙවියන් විසින් ඔබ සියලූ දෙනාට නිවැරැදි මග පෙන්වා මෙම මිනිස් ඝාතන නවතා දමතියි මම බලාපොරොත්තු වෙමි.