දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන්ද කඩුවෙල පිවිසුමෙන්ද අද අලුයම සිට වාර්තාගත වාහන සංඛ්‍යාවක් තිබූ බව අධිවේගී මාර්ග ආරංචි කියයි.
කිලෝමීටර එකහමාරක් දෙකක් පමණ දුරට ගොඩගම පෝලිම දක්නට ලැබුණු බව වාර්තා වේ.
අවසන් කිලෝමීටර පසුකර ගොඩගමට ළඟාවීම සඳහා තමාට පැයකුත් මිනිත්තු විස්සක් ගතවූ බව නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.කේ.කේ අතුකෝරාළ මහත්මිය කීවාය.
වැලිගම සිට ගොඩගම දක්වා යෑමට දෙපැයක් පමණ ගතවූ බව රියැදුරෝ කියති.
කොළඹ මහනුවර මාර්ගයේද දැඩි වාහන තදබදයක් පැවතිණ.
ඇතැම් වාහන හිමියන් පැවසූයේ පේරාදෙණියට යෑමට පැය හතකට ආසන්න කාලයක් ගතවූ බවයි.
අද (24) උඳුවප් පොහොය නිවාඩුව හා සිකුරාදා නත්තල් දිනයත් සමග දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබීම නිසා බොහෝ දෙනා විනෝද හා වෙනත් ගමන්බිමන් යති.
කඩුවෙල පිවිසුම් මාර්ගය
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්
ඡායාරූප අමිල මධුශංඛ
වීඩියෝ ක්‍රිෂාන් ජීවක ජයරුක්










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේආර්, පේමදාස, චන්ද්‍රිකා, රනිල්, සම්බන්ධන් උතුමන්ලට පිං සිදුවේවා! (ස)
දැන් වත් මිනිස්සුන්ට මහින්ද කරපු දේවල් මතක් වෙනවද..බොරු වැඩ නැති දකුණේ මනුස්සකම... (කෞ)
ලෝකයේ කිසිම ජනාධිපති කෙනෙක් ගෙදරින් සල්ලි ගෙනවිත් රට දියුණු කරන්නේ නැහැ . මහජන මුදලින් රට දියුණු කිරීම තමයි ජනාධිපති ගේ වගකීම. මහින්ද ඒ දේ කළා. දැන් ඉන්න අය මොන සංවර්ධනයද කරන්නේ? (නි)
මට තේරෙන්නේ නැත්තේ මිනුස්සු අයි අපේ සල්ලි වලින් කාල බීල අපේ සල්ලි වලින් පාරවල් හැදුවම එයාලට පින් දෙන්නේ කියල. වහල් කමද? නිවට කමද? නැතිනම් මෝඩ කමද? (ස)
මිනිස්සු ගම් බිම් බලා යනවා ඇති. (ර)
එලෙක්ට්‍රොනික් කාර්ඩ් ක්‍රමයක් හදුන්වදෙමු. එතකොට ගේට්ටු වල මිනිස්සු තියන්න ඕනේ නැහැ. (ර)
හුන්ඩුවට දැම්මා වගේ. (ර)
සුනිල් ඔබ හරියටම හරි. (ර)
ජැක්සන්, ඕකට තමයි කියන්නේ වහල්කම කියලා.නිවට කම ඇති තැන වහල් කම ඇතිවෙනවා. එකයි තවම කඩේ යන්නේ. (ස)
සමන්, ජැක්සන්, ඔයාලගෙ අාණ්ඩු කාලේ තියපු මුල්ගල් අවුරුදු ගණන් පැලවුණා අමතකද? (නි)
නිල්මිණි, හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (නි)
නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, දියුණු රටවල උත්සව කාලෙට පෝළිම කිමී. 20-30 දිගයි. පේනවා නේද මිනිස්සු මෙයින් ප්‍රයෝජන ගන්නා හැටි? (නි)
සමන් , ඕකට තමයි කියන්නේ ගුණමකු කම කියලා. තමන්ගේ රටට සේවයක් කල අයට ගැරහීම තමයි අපේ රටේ හැමදාම උනේ . එක තමයි අපේ රට තවම එක තැන . හදලා දීපු අධි වේගී මාර්ග නඩත්තු කර ගන්න බැරිවුනා අය තවම ඒවා කලේ කොහොමද කියල හිතා ගන්න බැරිව ලතවෙනවා . රට දියුණු කරන්න හදපු අයට කඩේ ගියාට රටට වරදක් වෙන්නේ නැහැ . (ර)
දිල්රුක්ෂි හරියට හරි. ලංකාවේ වැඩිදෙනෙක් කුහකයි. ඇස් මොළ තිබුනට ඒවා හරියට වැඩකරන්නේ නැහැ. (නි)
සමන්, කිසිම වැඩක් නොකර , වැඩ කරන මිනිහට කැලෑ පත්තර ගහන ඔයා වගේ කට්ටිය ලංකාවේ ගම් වලත් හැමදාම හිටියා. (ර)
රට දියුණු කරපු හැටි පේනවා. ඕවා කිව්වොත් හොදයි ගමේ කොන්දේ බැදපු චීනුන්ට , අපිට නම් නෙමෙයි සහෝදරයා. (ර)
එකපාර වාහන ගොඩක් පිට වීම් දොරටුවකට ආවම තදබදයක් ඇති වෙනවා. කාසි හා නෝට්‍ටු වලින් ගාස්තු ගෙවීම වෙනුවට කාඩ්පත් ක්‍රමයක් මඟින් ගෙවන්න හඳුන්වා දුන්නත් ඒක ජනප්‍රිය වුනේ නෑ. ඒකේ ප්‍රහිඵල තමයි මේ. (ර)
නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, ඔයාලා ඔය කඩේ යන ආණ්ඩු 1994 ඉඳලා මුල්ගල් තිය තියා හිටියා විතරයි. රටට කළ දෙයක් නැහැ. යුද්ධය වුණත් ඉවරකරන්න බැරිවුණා. මහින්ද නැත්නම් අද මෙතන අදහස් දාන අය කී දෙනෙක් පොළව යටද දන්නේ නැහැ. හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (අ)
කරලා තියෙන වැඩ දැන් පේනවා නේද? (ර)
නිල්මිණි ,අමිල ,ගයාන් ,රංග ,අතුල ,ජක්ෂන් ,සමන් ,ඔබලා ගැන කණගාටුයි. (ර)
කවුරු මොනවා කීවත් පවතින රජයේ වග කීමක් ජනතාවට සේවය සැලසීම. එක යූ.අන්.පී ද පොදු පෙරමුණද වැඩක් නැත. (අ)
පාරවල් කන්නද කියලා අහපු අයට මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
මහින්ද මහත්තයාගේ වැඩ තමයි. (ර)
මලිත් කියන දේ හරි (නි)
නැති අදායම් මේ ලැබෙන්නේ. (ර)
කොහොම උනත් ඔබතුමාට අපි හැමදාම පිං දෙනවා මෙහි යන එන වාරයක්ම පාසා. (ර)
මහින්ද මහත්තයාට පිං! (ර)
ජයවේවා මහින්ද මහත්තයට! (නි)
සමන් නමින් අදහස් දාන යහපාලන ගැත්තාගේ කතා එච්චර ගනන් ගන්න එපා. (ස)
තව වාහන ගෙන්වමු. එතකොට පෝලිම කිලෝමීටර් දහයක් කරගන්න පුළුවන්. (ස)
අපේ රට රටක් ලෙස ඉදිරියට ගෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබට අප සදා ණයගැතීයි. (ස)
ලංකාවෙනම් ඉන්නේ පුදුම මිනිස්සු. මේ පාරවල් හැදුවේ මහජන මුදල් වලින්, තමන්ගේ බදු මුදල් වලින් නමුත් පින් දෙන්නේ තමුන්ගේ බදු වලිනුත් හොරකම් කරපු කෙනෙකුට. අද ඩොලර් එක නැගල. බඩු ගණන් ගිහිල්ල තියෙන්නේ ඒ හොරකම් කරපු නිසා බව කාටවත් තේරෙන්නේ නැහැ. (ස)
දැන්තමයි මේවායේ අගය තේරෙන්නේ (නි)
මහින්ද මහත්තයාට පින්! (නි)
මහින්ද මහත්තයා නිසානේ මේවා ලැබුනේ. කෝ දැන් නුවර පාර? බොරුවට මුල්ගල් තැබුවට සල්ලි නැහැනේ කරන්න .... (නි)
ඔය මහින්ද මහත්තයා ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කළේ කියලා අහන අයට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවට පටන්ගත් ඒවා කරන්න බැරිවුණේ මොකද කියලා කියන්න කියලයි. (නි)
පාරවල් හදන එක පවතින රජයක වගකීමක්. දේශපාලකයන්ට පින් දීලා වැඩක් නැහැ. එහෙනම් ලංකාවේ පාරවල්, රේල් පාරවල් මුලින්ම හදපු සුද්දන්ටත් පින් දෙන්න ඕනෑනේ. (නි)
සමන් මොනවාද පෙනෙන්නේ? හදපු පාරක්වත් නඩත්තු කරගන්න බැහැ. තවත් කඩේ යනවා. (නි)
අපි නම් වැඩ ! ඔබ සැමට සුවදායක සති අන්තයක් හා ප්‍රීතිමත් නත්තලක් වේවා ! (කෞ)
මට මතක්වුණා වවුචර පෝලිම (නි)
අධිවේගී මාර්ග කන්නද කියලා අහපු අයට දැන් මොනවද දන්නෙ නැහැ කියන්න තියෙන්නේ? (නි)
පේනවා නේද මිනිස්සු මෙයින් ප්‍රයෝජන ගන්නා හැටි? (නි)
මෙහෙ මෙහෙම වුණාට දියුණු රටවල උත්සව කාලෙට පෝළිම කිමී. 20-30 දිගයි (නි)
මේ මාසයේ අධිවේගයේ ආදායම හොඳ ඇති එහෙනම් (නි)
මහින්ද මහත්තයාට පින්! (නි)
සංවර්ධනේ ප්‍රතිපල ඇස් පනාපිට පෙනෙනවා. නමුත් දුෂණ ගැන ප්‍රතිපල හොයාගන්න බැරිවෙලා වගෙයි. (ස)
අධිවේගී මාර්ග වලින් මහින්ද මහත්තයට පින පැදුන බව සමන්ත මහත්තය වැටහ ගත යුතුයි. පෝය සහ නත්තල යන ආගමික උත්සව අලලා විනෝද ගමන් යන මිනිස්සු දැන් ලංකාවේ ඉන්නේ. FB එකේ පින්තුර හිටන් දානවා poyaday fun කියල. (කෞ)
ඔය මහින්ද 'හොරාකාලා' හදපු පාරවල්ලුනේ. ඒවායේ හොඳ උදවියට යන්න හොඳ නැහැ. ඒ මනුස්සයට පින් දිදී යනවා නම් හොඳයි ඔය පාරවල් වල. (නි)
කවුරු මොනවා කියලා බැන්නත්. මහින්ද මහත්තයා තමයි මේ රටට දැනෙන වෙනසක් කරේ. එතුමා නැති අඩුව පුරවන්න කාටවත් බෑ. (ස)
සමහරුන්ගේ පපුවේ කුහකකම ලොකුවටම තිබෙනවා. ඔය කියන අයට පුලුවන්නෙ දැනුත් පාරවල් හදලා රට ලස්සන කරන්න. නටන්න බැරි කෙනාට කොහේ නැටුවත් පොළව ඇදයි. (නි)
මේවායේ සේවය කරන නිලධාරීන් මෙවැනි දේට පෙර සුදානමක් නැහැ . ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීම, ගමනට කලින් මුදල් ගෙවීම , එහෙම නැත්නම් ගමන් වාර කිහිපයකට එකවර මුදල් ගෙවා ඒ මුදල් අවසන් වනතුරු ගමන් කිරීමේ හැකියාව ආදී නොයෙකුත් ලංකාවට ගැලපෙන දේවල් මේකට විසඳුමයි . දියුණු රටවල තියන ක්‍රම (පැයට කි මි සීයට නොනවත්වා ගමන් කරන වාහනයෙන් අයවිය යුතු මුදල වාහන අයිතිකරුගේ ගිණුමෙන් එවෙලේම අය කරගැනීම වැනි දේවල් ) අපේ රටට දරාගන්න අමාරුයි . (ස)
හැමදෙයක්ම දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා. සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. කොයි ආන්ඩුවක් ආවත් මාර්ග සංවර්ධනය කිරීම එයාලගේ වගකීමකි. (ස)
ඉතින් වැඩක් තියෙනවද? පැය ගනන් පෝලිම් වල ඉන්නකොට එපා වෙනවා. සාමාන්‍ය පාරේ ගියානම් ගිහිල්ල. නමට අධිවේගී මාර්ග. (ස)
මහින්ද මහතා ජනාධිපති නොවුණේ නම් මෙවන් සංවර්ධන වැඩපිළිවෙළවල් කිරීමට කිසිවෙක් මුලික නොවෙනු ඇත. තාමත් කොටි බෝම්බ ගසන යුගයක අපි සියල්ලම ජීවත්වනු ඇත. (නි)
නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, ඔයාලා ඔය කඩේ යන ආණ්ඩු 1994 ඉඳලා මුල්ගල් තිය තියා හිටියා විතරයි. රටට කළ දෙයක් නැහැ. යුද්ධය වුණත් ඉවරකරන්න බැරිවුණා. මහින්ද නැත්නම් අද මෙතන අදහස් දාන අය කී දෙනෙක් පොළව යටද දන්නේ නැහැ. හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (නි)
මහින්ද බලයට එනකොට සුනාමි ඇවිත් තිබුණා. ඒකට හම්බවුණ ආධාර චන්ද්‍රිකා මැඩම් ළඟ. එත් ඒවා හැදුවා, යුද්ධෙට සල්ලි වියදම් වුණා, යුද්ධෙ දිණුවා, 2012 වෙද්දී රට මේ තරම් සංවර්ධනය කරා. එත් වෙනසකට දැන් අවුරුද්දකුත් වුණා මුකුත් නෑ, ඉතින් අමු මිරිස් කරලක් හපලා දෙහි ඉස්ම දාපු කොත්තමල්ලි වීදුරුවක් බොමු. එතකොට මොලේ වත් සංවර්ධනය වෙයි. (ස)
මහින්ද මැතිතුමාට හදවතින් තුති පුදමි (කෞ)
අප අදහස් නිදහසේ පළකිරීමට අපක්ෂපාතිත්වයෙන් ඉඩහසර සළසාදුන් ලංකාදීපයට මාගේ හදපිරි ස්තූතිය! (නි)
ඔය අධිවේගී මාර්ගය හදන්න වියදම් වුන හැම සතයක්ම තමන් කන පාන් කෑල්ලෙන් පවා බදු ගෙවමින් එහි බර පැන ඉසිලු හැමදෙනාමට පින්. එක්කෙනෙකුට විතරක් නොවෙයි. අනික ඔය ව්‍යපෘතිය ආරම්භ කලේ 1994-2000 කාලේ තිබුන ආණ්ඩුවෙන්. (කෞ)
අපිට නුවරට යන්න හදනවා කිව්වා අධිවේගී පාර තවම නැහැ (කෞ)
නිල්මිණි 1994-2000 තිබුන ආණ්ඩුවෙන් මොකක්ද ආරම්භ කරේ. (ස)
සමන්ත, මහින්ද මහත්තය ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පාර හැදුවේ? (කෞ)
රට දියුණු වෙන්න පාරවල් හදන එන ආණ්ඩුවේ වගකීම. කව්රුවත් ඒගොල්ලන්ගේ ධනයෙන් හදල නැහැ පින් දෙන්න. (කෞ)
දැනවත් මේ වැඩ දෙස කුහකනොවී ඇස් හැර බලන්න (නි)
යටි මඩි ගහගත්ත සල්ලි වලින් තව මන්තීරු දෙකක් වැඩිකරා නම් මේ තද බදේ නෑ. (ස)
මේකේ මේ කාටවත් පින්දෙන්න යන්න එපා. (ස)
අද මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න ඉක්මනින් ගමනක් බිමනක් යාහැකියි . (ස)
ස්වයන්ක්‍රීයව සල්ලි කැපෙන ක්‍රමයක් දැම්මනම් මේ පෝලිම නෑ. (ස)
ආදායම වඩාත් හොඳ වෙන්න මුළු ලංකාව පුරාම අධිවේගී මාර්ග හදන්න. තවත් ඕන නම් මුළු ලංකාවම සමතලා කරලා එකම අධිවේගී මාර්ගයක් හැටියට සංවර්ධනය කරන්න. එතකොට ඉදිරි ගමන වේගවත් වේවි! පුළුවන් නම් ලංකාව වටේටත් ගොඩකරලා තව තව අධිවේගී මාර්ග හදන්න. (ස)
අඩිවේගී මර්ගය හදන්න මුල්ගල තිවෙවේ මොන රජයයෙන් ද මතක නැද්ද . අපිට මුල මතකයි . (කෞ)
කාටවත් පින්දෙන්න ඕනෙත් නැහැ අපේ සල්ලි වලින් තමයි හැදුවේ. එත් දැන් අවුරුද්දක් වෙනවා යහපාලනෙන් කොයි පරද හැදුවේ ? (කෞ)