හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අංශය අද පැය හයක් පමණ ප්‍රශ්න කළේය.
බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම කොමිසම පිහිටුවා ඇත.
ප්‍රශ්න කිරීම අවසානයේ ඔහු පිටව යද්දී මාධ්‍යවේදීන් ඇසුවේ කුමක් ගැන ප්‍රශ්න කළේද යන්නයි.
රක්නා ලංකා සමාගම ගැන ප්‍රශ්න කළ බව ඔහු කීවේය.
රක්නා ලංකා යනු විශ්‍රාමික හා හමුදාවෙන් ඉවත් වූ පිරිස්වලින් සමන්විත සමාගමකි.
‘ඔයගොල්ලොන්ට දැන් නිව්ස් නැහැනේ.‘ යනුවෙන් ඔහු කීවේය.
‘ඔබ මොනවද කීවේ?‘ යනුවෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
‘ඒවා කියන එක හරි නැහැනේ. ඒවා ඕනෑ නෑ‘ යනුවෙන් කියාගෙන ඔහු වාහනය දෙසට ගමන් කළේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණ වංචාවල් ගැන ගොඨාගෙන් ප්‍රශ්න කිරීම වරදක්ද?? (නි)
ඕක තමයි පව් කරන්න එපා කියන්නේ. කවදාහරි පටිසන් දෙනවාමයි. (නි)
බලය තාවකාලිකයි, මොනම ආකාරයකින්වත් අනිසි ලෙස භාවිතා නොකළ යුතුයි. (නි)
මුල්‍ය වංචාවට එජාපයේ ලොක්කෝ අත් අඩංගුවට ගන්නේ කවදාද ? (නදී)
මොහු තාම වරදකරුවකු නොවේ.(හේ)
නිශාන්ත , ඔයා දන්නා මොකක් හරි වංචාවක් තියෙනවා නම් පොලිසියට පැමිණිලි කරන්නකෝ. පැමිණිල්ලක් නැතුව අල්ලන්න බැහැනේ.(හේ)
වැරැද්දක් කළැයි කියමින් සරත් ෆොන්සේකාව හිරේ යවන්න පුලුවන් නම් මෙතුමා ගෙන් ප්‍රස්න කිරීම සමහරුන්ට ප්‍රස්න වෙන්නේ අැයි ? නීතිය ඉෂ්ට විය යුතුමයි. මින් ඉදිරියටත් නීතිය කාටත් සමාන බව තහවුරු වේවා ! (නදී)
මේ රටේ පහල වූ අවංක ශ්‍රේෂ්ට සැබෑ යුග පුරුෂයෙක්.(හේ)
යුගයේ සිටි එක හොදම රාජ්‍ය නායකයෙක් (අ)
යුග පුරුෂයෙක් වුනත් හොරකම් කෙරුවොත් දඬුවම් දෙන්න ඕනේ. (බ)
තාමත් අපි පණ බයේ කොටි යටතේ, මොහු නැත්නම් (හේ)
කරන කලට පව් මිහිරිය මි සේ , හාල්මැස්සන් කරෝල කෑවා නම්... ආදී කියමන් පැරැන්නන් කියා ඇත්තේ නිකන්ම නොවේ (හේ)
කළ පවු පල දෙයි කියන්නේ ඕවාට තමයි.(හේ)
දුක තමයි.(හේ)
මොහු යුග පුරුෂයෙක් . (හේ)
අපට නිදහසේ ඉන්න වට පිටාව සෑදු ඔබට දළදා රැක වරණය ලැබේවා!(හේ)
රට බේරාගත් අයව හිරේ යවන්න හදන්නේ රටට ආදරේ කරන අයද? (හේ)
බලය අනිසි ලෙස භාවිතා කරමින් කළ දේවල් සහ තම අණපරිදි ක්‍රියාත්මක වූ සියලු කටයුතු වලට පිළිතුරු දියයුතුයි. (නි)
රටට සේවය කිරිම එකක්.ජනතාවගේ බදු මුදල් තමන්ගේ බුදලයට එක්කර ගැනීම තව එකක්. (නි)
වරදක් ඇතිවන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එහෙත් මේ වැනි උතුම් සේවයක් කළ මහත්මයකුට ගරහන්න නරකයි. මේ රටේ හොරා නොකාපු දේශපාලුවෝ නැතිතරම් (නි)