වත්මන් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නේ ඔහුට බිය නිසාදැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද(27) ප්‍රශ්න කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන ආගමනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරක් යැයි ද ඔහු එහි දි කීවේය.
ඔහු මේ බව පැවසුවේ මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීය.
එහිදි අදහස් දැක් වූ චමීර පෙරේරා මහතා මෙසේ ද කීය.
“පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනය අද වෙනකොට අභියෝගයකට ලක් වී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට යන පාද යාත්‍රාව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ආරූඪ කරගත් බැතිමතුන් විසින් පවත්වන්නක්. එහි යම් දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා ඒකාබද්ධ විපක්ෂය නටන්න හදන නාඩගම මොකක්ද? මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වළපල්ලට යැවීමට ප්‍රමුඛත්වය ගත් ගෝඨාභය රාජපක්ෂ රාජකීයත්වයට ගෙන යෑමටයි මොවුන් උත්සාහ කරන්නේ. එදා ගෝඨාභය ගැන කාටුන් අඳින්න කෙනෙක් හිටියේ නැහැ. ඔහු ගැන ලියන්න කෙනෙක් හිටියේ. එවැනි පුද්ගලයන් නැවත කරළියට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරනවා. එය පරාජයට පත් කළ යුතුයි. එදා ජනවාරි 8 වැනිදා අපි පරාජයට පත් කළේ එයයි.
ආණ්ඩුව ඔහුට එරෙහිව පියවර නොගන්නා නිසා ඔහු රාජකීයත්වය සඳහා සටන් කරනවා. ඔහු මාධ්‍යය ඉදිරියේ විවිධ ප්‍රකාශ කරනවා. ඇයි මේ ආණ්ඩුව ගෝඨාභයගේ ක්‍රියාකාරකම් ඉවසන්නේ. ආණ්ඩුව ගෝඨාභයට බය ද ? මීට එරෙහිව ආණ්ඩුව පියවර ගත නොගතහොත් එහි බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් ආණ්ඩුවට. අපට ලක්ෂ 62ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න බැහැ. ඔහුගේ ආගමනය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.‘‘
COMMENTS
ලක්ෂ 62 න් හරියටම කීයක්ද ඇත්තටම ලැබුනේ. එ්ත් මහින්දගේ ලක්ෂ 52 පිරිසිදු මහින්දවාදීන්. මොකද යුද්ධය අවසන් කරලා අපේ තරුණ පිරිස බේරාගත් කෙනා නිසා. තරහා, එහෙම නැත්නම් භය තියෙන්නේ මහින්ද එක්කද? නැත්නම් ගෝඨාභය එක්කද? (නි)
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නේ කවුරු කවුරුත් දැන් ත්‍රස්තවාදී බය නැතිව ජීවත්වන නිසා (නි)
එහෙනම් පාද යාත්‍රාව නොයන්නේ සිරිසේන මහතා ආරූඪ කරගත් බැතිමතුන් වෙන්න ඇති (නි)
අපිට ලක්ෂ 57ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න බැහැ. දැන් අපිව ඇදගෙන යන්නේ රටෙත් සිංහල ජාතියේත් මළගමටයි (නි)
හොඳට මතක තබාගන්න. කාටත් අද බය නැතුව කට අරින්න පුළුවන් වෙලා තියෙන්නේ එදා ගෝඨා හිටිය හින්ද තමා. (නි)
මේ යාත්‍රාවේ යන්නේ කුමනාකාරයේ පිරිසක්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වගේ පිරිසකට කළ හැකි දෙයක් නැත. කිරීමට නියමිත කාර්යභාරයක්ද නැත. (නි)
කොහේහරි ඉඳගෙන කවුරුහරි මොනවාමහරි කියනවා වැඩක් කරනකොට (නි)
අනේ මෙයාලට වෙලා තියන දෙයක්.(අ)
ඒක තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය. ඇතුළට යන්න ඕනෑ පුද්ගලයෝ කොහොමද එළියේ ඉන්නේ කියලා (නි)
ඔබට සතුටුයි ද දැන් . (අ)
ගෝඨා රිමාන්ඩ් එකට ගන්නවා කියන්නේ, රට දිනවපු සෑම රණවිරුවෙක්ම රිමාන්ඩ් එකට සිරයට ගන්නවා වගේ. ගෝඨා තමා යුද්ධය දිනවපු රණවිරුවන්ගේ සංකේතය (නි)
කුලියට ද මේ (අ)
ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න හදන එක මරු පහරක් නම් හිටපු හමුදාපති පාර්ලිමේන්තු ඇමතිකමක් ගැනීම ගැන මොකද කියන්නේ. (නි)
මහින්ද ආරූඪ කරගත් අපිට කිසිදා වරදින්නේ නැහැ (නි)
අනේ අපි ඔය කතා අහපු කාලේ ගියා (නි)
“හොරු ඇල්ලීම නවතනු! දුෂිතයිනි, වහා එක්වවු!“ යන සටන් පාඨ හැර වෙන මොකුත් සටන් පාඨ තියේද අපිට කියන්න? (නි)
අපට ඇසට පෙනෙන දේශපාලනයට රැවටෙන්න එපා. (නි)
සමහරු නොකියන ඇත්ත නම් ලක්ෂ 57 තිබුණ මහින්දගේ ඡන්ද මහමතිවරණයේ අඩුවුණා කියන එක.(ම)
කාට කාටත් ප්‍රජාතනත්‍රවාදී රටක් ඉතිරි වුණේ එතුමා නිසා බව දැනගත්තොත් හොඳයි (නි)
කොටසක් ඉන්නවා තවම වහල්ලු වගේ විලංගු පිටින් වැටි වැටිපිටුපසින් බඩගාන. (ම)
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල මැතිතුමා තමයි කිව්වේ බැරිවෙලා හරි එතුමා පැරදුනානං මෙවෙන විට පවුල් පිටින් එතුමාට ඉන්නවෙන්නේ අඩි 6ක පොලව යටෙ කියල. එතරම් එතුමා දැනගන හිටියේ රාජපක්ෂලාගේ බරපතලකම. දැන් එතුමාට එකත් අමතක් වෙලා. එතුමාට එහමනං, තුමා බලයට පත්කරන්න අයට මොකද්ද වෙන්නේ? (අ)
ප්‍රේතයෝ යක්කු ආරූඪ කරගන්නේ නම් තමාට වැඩක් කරගන්න. ඒත් මහින්ද මහත්තයා එහෙම නොවෙයි. (නි)
නිමල්, විමලගුන, ඔයාලා වගේ සමහර අය අන්තිමට කියන්නේ "මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න, ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න“ සින්දුව. (නි)
රාජපක්ෂ බලය ගත්තාට පසුව කටයුතු කළේ එය රාජපක්ෂලාට පමණක් අයිති දේපොලක් ලෙසටයි (නි)
ගෝඨා කියන්නේ රටට අත්‍යවශ්‍ය කෙනෙක් (නි)
ගෝඨාභයට පින් සිද්ධවෙන්න මර බියක් නැතුව අද ජීවත්වෙනවා. ගෝඨාභය කොළඹ නගරය කොපමණ ලස්සන කළාද? අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවට ඕනෑ කරල තියෙන්නේ අන්න ඒ වගේ මිනිස්සු (නි)
ඒක ඔබතුමා ප්‍රශ්නයක් කරගන්න එපා (නි)
චමීර හරි. මහින්දලා එලවන්න. ප්‍රභාකරන්ගේ කට්ටියට රට බාරදෙන්න. එතකොට ඔයාලට සතුටින් ඉන්න පුළුවන් (නි)
හිටපු ජනපතිගේ සමහර වැරදිත්, ඔහු වටා සිටියවුන්ගේ මහා පරිමාණ වැරදිත් නිසා එදා ලැබුණු 62 ලක්ෂයක ඡන්ද වලින් අද වැඩි කොටසක් ඔබලාටත්, යහපාලනයටත් අහිමිවෙලා. ඉදිරි මැතිවරණයකදී එය ඔබට දැනේවි. (නි)
බැතිමතුන්ට අවශ්‍ය වන්නේ වැඳ නමස්කාර කිරීම මිස නිදහසවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවේ. ත්‍රස්තවාදී මරබියත්, රාජ්‍ය මරබියත් සමාන බව ජනතාව තේරුම්ගත යුතුය. (නි)
ඔය 62 හැමදාම තියෙන්නේ නැහැ. දැන් ඡන්දයක් තියලා බලන්න මොකද වෙන්නේ බලන්න. මේගොල්ලෝ ණය ගත් එක විතරනේ කරලා තියෙන්නේ තාම. (නි)
මේ අදහස නම් යහපත් එකක් නොවේ. (නි)
රට හොරුන් විසින් අල්ලාගෙන ඉවරයි. දශක දෙකක සිට වුණේ එ්කයි. (නි)
දැන්නම් අපි ඉවසුවා හොඳටම ඇති (නි)
හරි හරි. අපි ඒ ගැන බලාගන්නම් (නි)
අනේ හැබෑට මෙහෙමත් කතා! (නි)
මිනිසුන්ගේ බය නැතිකළේ ගෝඨාභය කියලා මිනිස්සු දන්නවා. (නි)
චමීර, ඔහොම අහන්න ගෝඨාභය මහත්තයත් එක්ක බැලුවහම ඔයා කවුද? (නි)
මෙන්න ඉඳලා ඉඳලා කිවුවා නියම කතාවක් (නි)