IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ජනපති කොමිසමට යළි එයි

වංචා හා දූෂණ සෙවීමට පත් කැරුණු ජනපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (9) පෙනී සිටියේය.

ඔහු පසුගිය දිනවල ඇමරිකාවට ගොස් සිටියේය. කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි ඔහුගේ නිවසක් ඇත.

බැසිල් අභ්‍යන්තර ගුවන් ගමන් මගින් මූල්‍ය පාඩු කළැයි හා බැසිල්ගේ ආරක්ෂාවට වැඩිපුර පොලිසිය යෙදවීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඔහු එහි ගියේය.

හිටපු ජනපති ත්‍රස්තවාදය පරාජය කළ කෙනෙක් බැවින් ඔහුගේ ආරක්ෂාව තර කළ යුතු බවද ඔහු එහිදී කීවේය. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ‘බූවල්ලෙන් ගහන්න ඕනෑ සරත් ෆොන්සේකා වැනි අයව හමුදාපති කළ අපට‘ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (0)

ගෝඨා ජනපති කොමිසමට යළි එයි

චන්දි Monday, 09 May 2016 11:42 AM

එලි වෙන ජාමෙට හොද හොද දේ එළිවෙනවා. එත් ඉතින් ගොලිබෙලි ගමන නිසා අපිට හිතෙන්නේ නැහැ ජනතාවට සාධාරණය ඉෂ්ටවෙයි කියල (අ)

:       0       0

අමිරා Monday, 09 May 2016 12:42 PM

කොන්ද පණ තියෙන කාර්යක්ෂම ස්වාධීන අධිකරණ ඇමති කෙනෙක් පත් වුනානම් හොරු වංචා කාරයෝ අල්ලන්න තිබුණා.කොහෙද අවුරුදු ගණන් පැළවුණු නඩුයි ඒවා කල් දම දමා එදිනෙදා දෙපැත්තෙන්ම ගාණ කපාගෙන දරු පවුල් ආරක්ෂා කොරගන්නත් එපැයි. (බ)

:       0       0

අරුණ Monday, 09 May 2016 01:37 PM

චන්දි මොනවද එළිවන ජාමෙට එළිවෙන්න තියෙන්නේ. ඔප්පු කරන්න දෙයක් නැති වුණාම ගොලුබෙලි ගමනින් යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (බ)

:       0       0

අජිත් Monday, 09 May 2016 02:22 PM

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි නිවස විකුනනවනම් ගන්න කැමති . නඩු කියන්න සල්ලිත් එපෑ (බ)

:       0       0

නිම්මි Monday, 09 May 2016 02:59 PM

අනේ ඔව් චන්දි ඔයාලට නින්ද යන්නේ නැතුව ඇති සාධාරණේ වෙනකම්. තමුන් අද ජීවතුන් අතර ඉන්නේ මේ මිනිස්සු නිසා බව මතක තිය ගන්න. ගුණමකු කමේ සීමාවක් තියෙන්න ඕනේ. මේ වගේ ජරා ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 09 May 2016 05:32 PM

බූවල්ලෙන් ගහන්න ඕනෑ කම්බා හොරුන්ට නිසි පිළිතුරු නොදුන් ජනතාවටයි. (නි)

:       0       0

අරුණ Monday, 09 May 2016 06:09 PM

අජිත්, කැලිෆෝර්නියා වල නිවසක් ගැනීමට මෙහි විත් අවුරුදු 10ක් විතර රැකියාවක් කළ කෙනෙකුට පුළුවන්, අරපිරිමැස්මෙන් වියදම් කළොත්. ඒ කියන්නේ සම්පුර්ණ මුදලම දී නොව මුලික මුදල හැටියට ඩොලර් 50000 පමණ දීලා, ගෙවීමේ ක්‍රමයට මාසිකව අවුරුදු 30 කින් ගෙවෙන්න. ලංකාවෙන් ඇවිල්ලා ඉන්න බොහොමයක් ගෙවල් අරගෙන ජීවත්වෙනවා. ගෝඨාභය මහතාත් මෙහි අවුරුදු 12ක් හෝ ඊට වැඩි කාලයක් සිටි කෙනෙක් බව මතක තියාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site