වංචා හා දූෂණ සෙවීමට පත් කැරුණු ජනපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (9) පෙනී සිටියේය.
ඔහු පසුගිය දිනවල ඇමරිකාවට ගොස් සිටියේය. කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි ඔහුගේ නිවසක් ඇත.
බැසිල් අභ්‍යන්තර ගුවන් ගමන් මගින් මූල්‍ය පාඩු කළැයි හා බැසිල්ගේ ආරක්ෂාවට වැඩිපුර පොලිසිය යෙදවීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඔහු එහි ගියේය.
හිටපු ජනපති ත්‍රස්තවාදය පරාජය කළ කෙනෙක් බැවින් ඔහුගේ ආරක්ෂාව තර කළ යුතු බවද ඔහු එහිදී කීවේය. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ‘බූවල්ලෙන් ගහන්න ඕනෑ සරත් ෆොන්සේකා වැනි අයව හමුදාපති කළ අපට‘ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලි වෙන ජාමෙට හොද හොද දේ එළිවෙනවා. එත් ඉතින් ගොලිබෙලි ගමන නිසා අපිට හිතෙන්නේ නැහැ ජනතාවට සාධාරණය ඉෂ්ටවෙයි කියල (අ)
කොන්ද පණ තියෙන කාර්යක්ෂම ස්වාධීන අධිකරණ ඇමති කෙනෙක් පත් වුනානම් හොරු වංචා කාරයෝ අල්ලන්න තිබුණා.කොහෙද අවුරුදු ගණන් පැළවුණු නඩුයි ඒවා කල් දම දමා එදිනෙදා දෙපැත්තෙන්ම ගාණ කපාගෙන දරු පවුල් ආරක්ෂා කොරගන්නත් එපැයි. (බ)
චන්දි මොනවද එළිවන ජාමෙට එළිවෙන්න තියෙන්නේ. ඔප්පු කරන්න දෙයක් නැති වුණාම ගොලුබෙලි ගමනින් යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (බ)
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි නිවස විකුනනවනම් ගන්න කැමති . නඩු කියන්න සල්ලිත් එපෑ (බ)
අනේ ඔව් චන්දි ඔයාලට නින්ද යන්නේ නැතුව ඇති සාධාරණේ වෙනකම්. තමුන් අද ජීවතුන් අතර ඉන්නේ මේ මිනිස්සු නිසා බව මතක තිය ගන්න. ගුණමකු කමේ සීමාවක් තියෙන්න ඕනේ. මේ වගේ ජරා ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (බ)
බූවල්ලෙන් ගහන්න ඕනෑ කම්බා හොරුන්ට නිසි පිළිතුරු නොදුන් ජනතාවටයි. (නි)
අජිත්, කැලිෆෝර්නියා වල නිවසක් ගැනීමට මෙහි විත් අවුරුදු 10ක් විතර රැකියාවක් කළ කෙනෙකුට පුළුවන්, අරපිරිමැස්මෙන් වියදම් කළොත්. ඒ කියන්නේ සම්පුර්ණ මුදලම දී නොව මුලික මුදල හැටියට ඩොලර් 50000 පමණ දීලා, ගෙවීමේ ක්‍රමයට මාසිකව අවුරුදු 30 කින් ගෙවෙන්න. ලංකාවෙන් ඇවිල්ලා ඉන්න බොහොමයක් ගෙවල් අරගෙන ජීවත්වෙනවා. ගෝඨාභය මහතාත් මෙහි අවුරුදු 12ක් හෝ ඊට වැඩි කාලයක් සිටි කෙනෙක් බව මතක තියාගන්න. (නි)