හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමට පැමිණ ආපසු යද්දී මාධ්‍යවේදීනට පැවසූයේ ‘ඔයගොල්ලන් හෙට එන්නකෝ. මම හෙට එන්නේ කළු ටයි පටියක් දාලා‘ යනුවෙනි.
ගෝඨාභයගේ සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ රජය පරාජය කර වසරක් ගතවන දිනයේ කළු ඇඳීමට සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය සැරසෙන බව මීට පෙර කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් හෙට එහෙම තමයි (නි)
ක්‍රියාවෙන් තමන් වැඩකාරයෙක් කියලා ඔප්පුකළ මිනිසෙක් (නි)
ඔබට ජය! (නි)
ඔබතුමා විතරක් නෙමෙයි හෙට අපිත් කළු තමා. මම කිව්වේ නියම ශ්‍රී ලාංකිකයන්. (නි)
කළු පාට දැන් හරි ජනප්‍රියයිනේ! (නි)
දැන් නීතිය හොඳින් ඉටුවනවා. සුදු වෑන් නැහැ, මාධ්‍ය නිදහස තිබෙනවා, දේශපාලකයෝ මහජනයාව ගස් බඳින්නේ නැහැ, ජාතික ධනය හොරකම් කරන්න කවුරුත් නැහැ. ඒ නිසාද මෙතුමා කළු ටයි පටියක් බඳින්නේ? (නි)
ටයි පටි නෙවෙයි දාගත්තනම් හොදයි බෙල්ලට තොන්ඩුවක් (අ)
මේගොල්ලන්ට ඕනෑ දෙයක් දාන්නත් කතාකරන්නත් නිදහස තිබෙනවා. (නි)
හැබැයි අර ඉස්සර කාලේ කවුද කළා වගේ බෝ එකයි ටයි එකයි එකට ගැටගහගෙන නම් යන්න එපා. (නි)
ලංකාවේ වීරයෝ... (ර)
ජී. නන්දන මොනවද කියවන්නේ? (නි)
"අප්පච්චි මළා" කිවුව අයවත් කළු පටි නොදාන එකේ මොකද මෙයා කළු ටයි දානවා කියන්නේ? (නි)
ඇයි එයා නීතිඥයෙක් වෙලාද කළු ටයි දමන්න? (නි)
පිටිගල මිලානෝ ඔය ඉන්නේ ඉතාලියේ නම් ඔයාගේ අදහස් ගැන පුදුම වෙන්නේ නැහැ. මේ මනුස්සයට පිං සිද්ධ වෙන්න අද අපි සැනසිල්ලේ ජීවත් වෙනවා. ඒ කරපු සංවර්ධනය ඉදිරියට ගෙනියන්නේ නැතුව මොනාද මේ කරන්නේ. අපිට යුද්ධය සඳහා නිසි නායකත්වයක් ලැබුනා. (ර)
තමන්ට බලය අහිමි වුනා කියලා බලය ලබා ගත්ත අයට විරුද්ධව කළු ටයි දානවා කියන්නේ මොන තරමි පහත් වැඩක්ද ජනතාවයි ඒ අයත් ඔබ තුමන්ලවත් බලයට පත්කලේ (හේ)
බලමුකෝ.(හේ)
මෙතුමා කරන ලද කිසිම වැඩක් දැන් ඉන්න කිසි කෙනෙක් කළේ නැහැ දැන් කොළඹ අපායක් වේගෙන එන්නේ යලිත් ජරාජීර්ණ වේගෙන යනවා එක නිසා මෙතුමාට වින කටින එක පැත්තක තියල මෙතුමල නවත්තපු තැන ඉඳල පටන් ගත්තොත් නේද හොඳ (බ)
බටගල මහත්තයෝ, සරමට ටයි දාන්නේ නැහැ. (බ)
අනේ මගේ කට! (නි)
මමත් එහෙම කරනවා (නි)
නීතීඥයෝ නම් හැමදාම කළු ටයි දානවා. (නි)
මේවා මේ රට්ටු හින්නස්සන වැඩ. මුළු ලෝකයම හිනාවෙනවා ලංකාවේ මේ වැඩ දැකලා. (නි)
නියමයි. ජයවේවා! (නි)
සුදු-කළු වෙනස (නි)
දිනපතා කොමිසමට එන්න වුනාම කලු අදින්න හිතෙන්නේ නැද්ද? (බ)
ගෝඨාට ජයවේවා! (නි)