ඇමෙරිකා පුරවැසි භාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පැහැර නොහරින්නැයි ඇමෙරිකා ද්‍රවිඩ සංසදය ඉල්ලීමක් කරන්නේ යැයි අමෙරිකා වෙබ් අඩවි වාර්තා කරයි.
දැනගන්නට ඇති පරිදි ඔහු මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටියි.
ආරක්ෂක ලේකම් පදවිය බාර ගැනීමට පෙර ඔහු සිය බිරිය හා දරුවන් සමග ඇමෙරිකාවේ පදිංචි වී සිටියේය.
රාජපක්ෂ මහතා එතෙර යෑමට බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමෙන් අවසර ගත් බව එම කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු ඇමෙරිකාව කවදාවත් දෙමල ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැහැ. දැන් අමෙරිකාවත් ජීවත් වෙන්නේ අමාරුවෙන්, හැමෝගෙන්ම නය අරන් ඉන්නේ. (අ)
නාමල්, ඔයාට ඇමරිකාව ලොකුවුණාට අපිට එහෙම නැහැ (නි)
ඇමෙරිකාවට කියල වැඩක් නැහැ එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය දැන් එතුමා ලාංකිකයෙක් අනික ඔහේලට ඕනේ ඕනේ විදියට අපේ රටේ අයෝ අල්ලන්න බැහැ.(අ)
සමහරු මේකෙත් කතා කරන්නේ අනිත් අයගේ කටවල් වහන්න (නි)
දැන් අයිත් සෙල්ලම් කරන්න පටන් අරන් මහින්ද නැති නිසා(අ)
ඒ කාලේ වචනයක්වත් කතානොකළ අය දැන් එළිපිට වෙනම රටක් ඉල්ලනවා. කොහොමද වෙනස? එහෙම රටින් කෑලි දෙන්න මෙරට කාගෙවත් බුදලයක් නොවෙයි. (නි)
ඔව් ඔව් ඒ මනුස්සයා කළ සේවයට එහෙම තමයි කරන්න ඕනෑ (නි)
ඇමරිකාව ඔයාලා වගේ අයට හරි කැමති ඇති චතුරි. (නි)
රොහාන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරියේ නෑ, අනික මෙය ලංකාවේ මිනීමැරුම් ගණනාවක් කරපු කෙනෙක්.. ඇමරිකාවට ඕනෙනම් තමන්ගේ රටේ ඇතුලේ ඉන්න ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගන්න පුළුවන් (බ)
නිම්මි, ශම්මි, ඔබ දන්නා දෙයක් නැහැ. (නි)
එළුවොත් රැවුලේ පාරනව කපපන් කියල . එතරම්ම නිවටයි.(අ)
ඇමරිකාව ඉල්ලීම ඉටුකරයිද දන්නෙත් නැහැ. මොකද ශ්‍රේෂ්ට මිනිසුන් විනාශ කිරීම ඇමෙරිකා ප්‍රතිපත්තිය නිසා. (නි)
චතුරි කියන කෙනා ඇමෙරිකාව ගියා නම් හරිනේ. මොකටද මෙහේ ඉන්නේ? (නි)
නියම වැඩේ අල්ලාගත් තම ලංකාවේ වගේ පස්සෙන් යන්න. කට්ටිය හොයන්න වෙයි ඇමරිකාව බල්ලන්ට හරිම ආදරෙයි උන්ට හිංසාවක් කරනඅයට දැඩි දඩුවම් දෙන්නේ (අ)
නාමල් - නිව්යෝර්ක්, අනේ මගේ කට! මෝඩකමෙත් සීමාවක් තිබෙන්න ඕනෑ (නි)
ඇමරිකාව ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ (නි)
මොකක්දෝ විනාශයකට මඟ පාදා ගන්න හදන බව පෙනෙනවා. (අ)
නැවතත් වැඩේ පටන් ගන්න වගේ කට්ටිය දඟලන්නේ. මුළු අමතක වෙලා වගෙයි. (අ)
රොහාන් නොදන්නා දේ ගැන කියන්න එපා එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරියේ කවදාද ? (බ)
කව්ද මේ චතුරි කියන්නේ ?මොන වරදක් තිබුනත් මේ මිනිස්සු නිසා තමයි අද මේ අපි ජීවත් වෙලා ඉන්නේ. (බ)
මේ මනුස්සය නිසයි අපි බයක් නැතුව අද ජීවත් වෙන්නේ.මේ චතුරි කියනකෙනා අහු වුනොත් මන් කට කපනවා හිරගෙවල් හතක ගියත්. (බ)
දේශපාලන එදිරිවාදිකම් මොනා උනත් මමනම් මෙතුමාට කරදරයක් වෙනවට කොහෙත්ම අකමැතියි. (ර)
බුද්ධි ඇතුළු සැමට. මම ඉන්නේ ඇමරිකාවේ නිව්යෝක් කුයින්ස් කියන පළාතේ. අවුරුදු 18. මට දුක රට සහ වැසියෝ මහින්ද පිනට වැඩ කෙරුවේ නැහැ එයාට රජෙකුට වගේ ඉන්න දීලා වැටුපකුත්. දුන්නා අන්තිමට. හිගන්නාගේ. පාත්තරෙත් අරන් මහින්ද මාරුවුණා. දැන් අඩනවා (බ)
අනේ රොහාන්, ඔය නොදන්නා දේ ලියන්න එපා. මෙතන ඉන්නේ මෝඩයෝ නෙමෙයි. (නි)
ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගන්න තරම් ඇමෙරිකාව පටු ආකල්ප ඇති රටක් නොවේ. බළලුන් ලවා කොස් ඇට බෑවීම ඔවුන්ගේ ක්‍රමයයි. (නි)
ශසික, හතරට නෙමෙයි මම නම් අටකට කපනවා එයාගේ. හැබයි කට නෙමෙයි! අනේ මගේ කට. අම්ම තාත්ත ඉන්නවද දන්නේ නැහැ. (බ)
චතුරි ඉන්නෙත් ඇමෙරිකාවේ කියල මගේ හැගීම . ඝෝට සහ එම පවුල එහි පුරවැසියෝ. ඉල්ලීම කරන්නෙත් ඇමරිකන් පුරවැසියන්. මෙහෙ ඉන්න අය කලබල වෙන්නේ මොකටද (බ)
ශෂික, ඔය කට හතරට ඉරන්නට හිතෙනවා මට (නි)
එහෙනම් ඇමෙරිකාවේ අය චතුරිට කැමති වෙයි. නාමල් - නිව්යෝර්ක්, ගෝඨාභය මිනීමරනවා ඔයා දැක්කද? (නි)
චතුරිලා වගේ අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මේ සමහර අදහස් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් ඉතින් ඉක්මණට අතීතය අමතක වෙනවනේ (නි)
නාමල් සහ චතුරිට නම් මුල මතක නැහැ වගෙයි (නි)
නාමල් සහ චතුරි යන දෙදෙනා කන්නේ බත් නෙමෙයිද කියලා හිතෙනවා (නි)
මේ මිනිස්සු මොකද මේ මහත්තයා එක්ක මෙච්චර තරහා? (නි)