වැලිවේරියේදී යුද හමුදාව සමඟ ගැටුණු බව කියන තරුණයකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.
ඔහුගේ උදරයට වෙඩි වැදී තිබිණැයි වෛද්‍යවරයෙක් කීවේය.
මේ අතර වැලිවේරිය නගරයේ තවත් ස්ථානය වෙඩි හඩ ඇසුණු බවත්, තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් දැනගන්නට ඇත.
වැලිවේරියේදී යුද හමුදාව සමඟ ගැටුණු බව කියන තරුණයකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.
ඔහුගේ උදරයට වෙඩි වැදී තිබිණැයි වෛද්‍යවරයෙක් කීවේය.
මේ අතර වැලිවේරිය නගරයේ තවත් ස්ථානය වෙඩි හඩ ඇසුණු බවත්, තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල නමැති මහතෙක් මෙහි අදහස් දමා ඇත.මහත්තයෝ ,ඔබගේ ගිහි ජීවිතය ගැන මට හරිම කණගාටුවක් දැනෙනවා.වෙලාවකට හිතෙනවා ඔබ තිරිසනෙක්ද කියලා. කරුණාකරලා මනුස්සකමින් යුතුව අදහස් එවන්න.සමහරවිට අද සිට ඔබතුමාට නින්ද නොයන රෝගයක් හැදෙන්නත් ඉඩ තියෙනවා. (නි)
හමුදා නිලධාරියෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා අවබෝධයක් නැති අය දැන් යන්න බැඵම්මහරට ! පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු නිරායුධ ජනතාවට අන්න එලෝ එලෝ ගහනවඵ , රණවිරුවෝ ! (දී)
බන්දුල පෙරේරා, නයිට් රේස් වලටත් කොළඹ නගරයම දවස් දෙකක් වහල තිබුන නේද ? (දී)
අර එල්.ටී.ටී.ඊ එක විනාශ උනෙත් වතුර හින්ද දැන් අණ්ඩුව.......? ඒ මිනිස්සුන්ට වතුර බොන්ඩ විදිහක් නැත්නම් ඒකට පිළියමක් යොදන්න නේද තිබ්බෙ. නැතිව හමුදාව පොලීසිය කැදවන තැනට වෙනකම් උඩ බලාගෙන හිටියෙ මොකටද දැන්කොච්චර කල්ද ඔය පශ්නෙ පටන් අරන්. (දී)
අවම බලය යොදවනවා කියන්නේ වෙඩි තබන එක නම් ? අනේ මට තේරෙන්නේ නැහැ. (නි)
එතකොට බොන වතුර ටිකට වහ දනකොට හරි, බන්දුල මහත්තයො ඔබතුමටත් ඔය වතුර විදුරුවක් බොන්න දුන්නනම් හරි.හැම දෙයටම කඩේ යන්න එපා (දී)
බන්දුල පෙරේරා ,කුසගිනි කියල ජරාව කන්න එපා.
හර්ෂ මනුස්සකමක් නැති කෙනෙක් උනාට ඒ බව ප්‍රසිද්දියේ පෙන්නන්න එපා . (දී)
ආමි එකේ අය හරි ඔය වගේ අයට එහෙම තමයි කරන්න ඕන (ස)
තුෂාර 2013-08-01 23:17:45 බන්දුල පෙරේරා, නයිට් රේස් වලටත් කොළඹ නගරයම දවස් දෙකක් වහල තිබුන නේද ? (දී)
මුලික අයිතීන් දිනන්න ගිහිල්ලා මැරෙන්නත් උනා (දී)
ක්‍රිෂාන් මංගලගේ ප්‍රකාශයට මාගේ ආචාරය ....! (දී)
මෙි කටිටිය නුවර පාරට ගෙනාාවෙ වෙන කවුරුවත් නෙවෙි රජය විසින්මයි. නියපොත්තෙන් කඩන එක පොරවට බාරදුන්නා. මොලේ තියන එවුන් ටිකක් පුරෝහිත කමට ගන්න.දැන්වත් නරි රැල එලවන්න.හැබයි මර්වින්ව තියාගන්න කකුල් මිරිකන්න. (ස)
බලය අසීමිතව ලබාදිමෙහි විපාක ... (නි)
බන්දුල පෙරේරා කියන්නේ ආත්මාර්ථකාමී පුද්ගලයෙක් (දී)
අනේ අපොඉ..ටිකිරිගේ අසේලගේ.තිලක් දුබයිගේ තියෙන සත්ව කරුණාව..කන්න කන්න විකුණන් කන්න..ඔන්න ඔයාලට ඕන කරන මල මිනිය ලැබිල තියෙනවා..වතුර කොහෙද මහත්තයෝ නුවර පාර මැද..හමුදාවෙන් කිව්වා නේද පාරෙන් අය්න් වෙන්න කියල..වෙන මොනවා කරන්නද කියන්නේ ..ඔයාල මේ ආණ්ඩුව එලවල ඔයාලගේ ආණ්ඩුවක් ආවට පස්සේ පාරවල් ටික උද්ගොෂනවලට බදු දෙන්න ..එතකන් සාමකාමී මහජනතාවට නිදහසේ පාරක යන්න එන්න දෙන එක මේ රජයේ වගකීමක්.. (දී)
බන්දුල, අනෙකුත් සහෝදරයන් ඔබට දක්වා ඇති අදහස් බලලවත් ආදර්ශමත් පුරවැසියෙක් වෙන්න බලන්න!අපිට ඔබ ගැන ලැජ්ජයි!හරිම ආත්මර්තකමියි!මිනිහෙක් වන්න බලන්න ඊට පස්සේ අදහස් දාන්න (දී)
දැන් නැවතත් ඇමෙරිකාවට හොද ගොදුරක් වේවි ලංකාව (නි)
මලිත් මල්ලි කිවුවට ජනතාව කාටද චන්දෙ දෙන්නේ? කණ්ඩායම පත්කරලා එවන්නේ ඒ අයමනේ ? (දී)
බන්දුල පෙරේරාට මේක කියන්නේඔබ ඔය මුට්ටිය අල්ලන දේශපාල තිරිසනා හම්බුනාම වෙලාවක කියන්න කට්ටිය මිනි විකුණන් කන හින්ද වත් මේ වගේ වැඩ නොකර ඉන්න කියල මිට පස්සේ,ඔබ හිතන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලනේ, (ස)
බන්දුල පෙරේරා, ඔබේ දරුවන්ටත් සාප වදිනවා කවදා හරි ඔබ මිනීමරුවන් වෙනුවෙන් පෙනීසිටින නිසා,හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් පිටුදකින්න ඔබට නුවනක් නැහැ,එක නිසා කරුණාකර මන්දබුද්ධික කම නොපෙන්නා ගිහින් නිදාගන්න තවත් පව් නොදී (ස)
මිනිස්සු නොමරා විසදුම් දෙන්න බැරිද (දී)
රණ විරුවෝ අපේ (ස)
එකෙක් මැරෙනකන් තමයි වගකිවයුතු උදවිය මුනිවත රැක්කේ. හැමදාම වෙන්නේ ඕකනේ. උද්ඝෝෂණයේ අවසාන ප්‍රතිඵලය මේක තමයි. මේකද මිනිසුන්ට ලැබෙන විසඳුම. දැන්වත් මේ මිනිසුන්ට අවියෙන් නෙවයි, සාදාරනෙන් පිළිතුරක් ලබාදෙන්න ඔවුන්ගේ පානීය ජාල ප්‍රශ්නයට. මියගිය ඔහුට නිවන්සුව...!!!! (ස)
උද්ගෝෂණ කරන්නේ මිනිස්සු ගෙදර ඉන්න කම්මැලි කමට නොවෙයි (දී)
අනේ බන්දුල පෙරේරා කියල අදහස් දමන්නේ කොහොම කෙනෙක්ද මන්දා? අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නය ඉක්මනින් විසදේවා (නි)
හොඳට මතක තියා ගනිමු. කිසිම ඡන්දයකදී හමුදාවට ගැවුණු කෙනෙකුටවත් දේශපාලන බලය නම් දෙන්න එපා. දැනුත් මෙහෙම නම් දේශපාලන බලයකුත් ලැබුනොත් කොහොම හිටීද රට? (ස)
එතකොට ඔය අණ දීපු ඉහළ තැන් වලින් හමුදාවට අණ දීලා තිබුණේ ඒ සිදුවුණ විදියට කරන්නද? ඔය හමුදාවට දොස් කියන්න එපා කියන අයගෙන් මම මේ අහන්නේ නොදන්නා නිසා (නි)
බන්දුල පෙරේරා මට මුණගැහුනාන්ම්
වතුර ඉල්ලා වෙඩිකා මියගිය අහිංසක මිනිසාට නිවන්සුව පතමි. ඡන්දයක් තියන අවදියක විරුද්ධ පක්ෂයට මාතෘකා සපයන ආණ්ඩුවට මොනවද දැන් කියන්න තියෙන්නේ. (ස)
කුමාර මහත්තයා කියන්න බලන්න එහෙනම් මේ අපේ රටේ ප්‍රශ්න විසඳගන්න හැකි ක්‍රමය මොකද්ද කියලා.(ස)
මේකේ ගොඩක් අය පාරේ විරෝදතා කරාට බනිනවා නම් ඒ මිනිස්සුට මොලයක් නැද්ද හිතන්න ඒ තැනට මේ ප්‍රශ්නය පත්කළේ කව්ද කියල?චන්ද කාලෙට පෝලිමේ චන්දය හිග කන මන්ත්‍රී ඇමතිලා කියක් නම් එන්නවද?එකෙක්ට පුළුවන් උනාද ඔය ප්‍රශ්නය එක්මනට විසදන්න??එහෙම විසදුව නම් ඔය තැනට අද ඔය ප්‍රශ්නය එන්නේ නැ නේද?ලැජ්ජයි............
උගන්ඩාවේ ජනතාවට පිරිසිදු ජලය ලබා දීමට කෝටි 2000 වියදම් කල අපිට අපේම රටේ බීමට පිරිසිදු වතුර ඉල්ලන අහිංසකයන්ට දෙන්න තියන විසඳුම මේකද? (ස)
එතකොට රජයේ වගකීම නෙමෙයිද බදු ගෙවන ජනතවගේ අත්‍යවශ්‍ය පොදු පහසුකම් ලබාදීම?ඔබ දන්නවද වතුර බිලට අමතරව ජල මාපක සටහන් කරන්නං ගේ ඝන අඩියකට සිට ඝන අඩි හැත්තෑ පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ජනතාව ගෙවන මුදල් ප්‍රමාණය?හැමෝම හොරට සල්ලි හොයන ජාවාරමේ යෙදෙන්නේ නැහැ!දුක් මහන්සිවෙලා හම්බ කරන සල්ලි තමයි බදු ගෙවන්නේ! (ස)
මෙවැනි නින්ධිත ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. (ස)
වෙඩි..? (ස)
පිරිසිදු පානීය ජලය ලබා දීමට රුපියල් මිලියන 20.000 ක් උගන්ඩාවට අත දිග හැර පරිත්‍යාග කර අපේ රටේ ජනයා දිය පොදක් ඉල්ලු විට අත දිග හැර පොලු පහර දී මරා දැමීම නිහීන ක්‍රියාවකි. (ස)
බන්දුල පෙරේරා, මේ අහිංසක මිනිසුන් අද නුවර පාර හරස් කරන්න කලින් ඊයේ හා පෙරේදා සාමකාමී ලෙස උද්ගෝෂණය කල බව ඔබ රූපවාහිනියෙන් වත් දුටුවේ නැද්ද? ඇමති වරයෙක් පැමිණ බයිලාවක් කියා ගියත්, පලක් නොවූ බව දුටුවේ නැද්ද? මෙම උද්ගෝෂණය වෙඩි උණ්ඩයෙන් මර්ධනය කල හමුදා නිලධාරීන්ට අප දොස් නොකියමු. මන්ද ඔවුන් තම රාජකාරිය රාජ්‍ය පාක්ෂික භාවය මත ඉටු කලයුතු බව අප දන්නා නිසා. නමුත් ඔබ වැන්නන්ට අනාගතයේදී අත් වෙන ඉරණම ඔබ අදහන ධර්මය විසින්ම තීරණය කරාවි.(ස)
එදා මවිල්ලාරු අද රතුපස්වල. (ස)
ටී.56,රොකට් ලෝන්චේර්, බුෆ්ෆෙර් රථ ,මුලටි බර්රෙල් රෝච්කෙට් ලෝන්චේර් තියන් හිටියේ හරියට ත්‍රස්තවාදීන් කොටු කරගෙන වගේනේ.අනේ අන්ත අසරණ මිනිසුන්,කුඩා දරුවන්,ගැබිණි මව්වරුන්,හාමුදුරුවරු එල්ල හිටියේ බොන්න වතුර ටිකක්නේ.අහෙව් අසරනයන්ව වෙඩි තියල මරල දාල මෙයාල මොන නිවනද බලාපොරොත්තු වෙන්නේ. (ස)
මට මොකෝ මම මලෙත් නැහැ මට වතුර ප්‍රශ්නෙකුත් නැහැ (ස)
සිද්දිය දැඩි ලෙස හෙලා දකිනවා. වතුර පොදක් බොන්නට ඉල්ලු අහිංසකයන්ට දෙන තෑගී මේවද. ඔය පැක්ටරිය ඔතනින් ඉවත් කරන්නට හොදින් බැරිනම් නරකින් හරි කරන්න ජනතාව පෙලබෙනු ඒකාන්තයි.(ස)
අපගේ ශාතිෂය සංවේගය. (ස)
වෙඩි තියල මරන්න නියෝග දුන්නු අය හෙට ඉදලා පන්සල් වටේ කැරකිලා,බූඩි පුජා තියල,පිරිත් නුඋල් ගැට ගහල,දාතු කරඩුව ඔලුවේ තියල සෙත් පත ගන්න අවි අපේ හාමුදුරුවනේ. (ස)
දීපල්ලාකෝ ඡන්දය මේපාරත් (ස)
අයියෝ කතාව වෙන අතකට යනවනේ. ? (ස)
බන්දුල පෙරේරා අපේ රටේ නොවේ ඉන්නේ. ඔහු පරදෙසක්කරයෙක්.මෙයා හොදයි කරත්තෙයක් දක්කන්න.ඔහෙට බැරිද ලිපිනය දෙන්න.
හමුදා නිලධාරියෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා අවබෝධයක් නැති අය දැන් යන්න බැඵම්මහරට ! පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු නිරායුධ ජනතාවට අන්න එලෝ එලෝ ගහනවඵ , රණවිරුවෝ ! මේ සිවිල් පාලකයෙක් රජවෙලා මෙහෙම නම් හමුදා නිලධාරියෙක් රජ උනොත් කොහොම වෙයිද ? (ස)
ලංකාව නිතිය නැති රටක් වාසනාවකට මම ලංකාවේ ජිවත් නොවෙමි.
අසරණ මිනිසුන්ට තියෙන්නේ අනේ අපි කොහොමද හිතක් පපුවක් ඇතුව මේ වතුර අපේ කුඩා දරුවන්ට පොවන්නේ කියන හැගීමයි (නි)
බන්දුල පෙරේරාගේ කතාවෙන්ම ඔප්පු කරනවා මොන වගේ කෙනෙක්ද කියලා. (නි)
කුසුම්, ඔය බන්දුල පෙරේරාට ඕවා කියලා ටත්රුම් කරන්න බැහැ. (නි)
දැන් දෙන්න හොද හොදම ප්‍රතිචාරය මේ ඡන්දයෙදි දෙන්න (ස)
වහාම ජනතාවාදී රජයක් පිහිටුවන්න ජනතාවෙනි ..... (ස)
වතුර ඉල්ලූ මිනිස්සුන්ට වෙඩි තියලා. හැබැයි ස්වභාව ධර්මය තවම බොරු වෙලා නැහැ. අවුරුදු 13 කට පස්සේ කට්ටියකට පල දුන්නා. තවත් නිල ඇඳුම් ඇඳපු තුලී මිනී මරුවෙක් හා පවුලටම දැන් පල දීල. තවත් ඔය වගේ සෙල්ලං දාපු බොහෝ අය මේ වෙනකොට ඇස් ඉදිරීයේම අපා දුක් විඳිනව. ඉතින් මේ යුනිෆෝම් එකයි ගිනි අවියයි අතේ තියාගෙන අහිංසකයින්ට පාට් දාන උන්ට මේ ආතිමෙදිම විඳවන්න වෙනවා වතුරවත් නැතුව. (ස)
පිරිසිදු වතුර ටිකක් ඉල්ලන ජනතාවට වෙඩි තියන ආණ්ඩුවක් මොකටද? (ස)
බන්දුල, වැලිවෙරිය පැත්තෙන් පුංචි ඉඩම් කැල්ලක් තියෙනවා දෙන්නද ? (දී)
හමුදා නිලධාරියෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා අවබෝධයක් නැති අය දැන් යන්න බැඵම්මහරට ! පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු නිරායුධ ජනතාවට අන්න එලෝ එලෝ ගහනවඵ , රණවිරුවෝ ! (ස)
ඉතාම අමානුෂික ක්‍රියාවක්. වතුර ටිකක් ඉල්ලපපු මිනිසුන්ට වෙඩි. ඇයි රජයට මැදිහත් වෙන්න බැරි . මේ මිනිස්සු ඉල්ලුවේ වතුර ? (ස)
නිවරදිව වගකීමක් අරගෙන ඒ මිනිස්සුන්ට සාධාරණ තීරණයක් දෙන්න බැරි රාජ්‍ය නිලධරීන් ! මහජන නියෝජිතයින්...!! අමන ඇමතියෝ මොන අසාධාරණය කරත් පත්තු නොවන තුවක්කු අහිංසක අසරණයින්ට පත්තුවන අපූරුව....අහෝ දුකකි ඉරකි තිතකි (ස)
වතුර ඉල්ලුවම මෙහෙම ද කරන්නේ. (ස)
බන්දුල ඔයා කන්නේ මොනවාද
මම වැලිවේරියට දැන් කතාකලා එකම යුද්දයයි කිව්වා හෙට එළිවෙනකොට කීදෙනෙක්ව මරාවිද දන්නේ නැහැ . (ස)
මම නම් අපේ හමුදාවට මොකුත් කියන්නේ නැහැ (දී)
මේවා හෙන ගහන අපරාද (ස)
රූකාන්තලට දුන් තීන්දුව වගේ කවදා හෝ දඩුවම් ලැබේවි. (ස)
වෙඩි වැදුනේ අහිංසක ළමයින්ට
කනගාටුයි මේ ජනතාවට සිද්ද වුනු දේ
තිත්ත ඇත්ත .තව ඉස්සරහදි පෙනේවි (ස)
නියම දඩුවම පාරවල් වහනවට (ස)
දිය බිදක් ඉල්ලා හඩන උන්හට ගිනිඅවි එසවෙනවනම් යම් දිනක උබලගේ සනුහරෙටම ඔයදේ කරාවි (ස)
බන්දුල, මේ වගේ දේවල් තවත් ඉදිරියට වෙන්න දෙන්න බැහැ. මෙතන අනවශ්‍ය මනුස්ස ඝාතන කීපයක් වෙලා තිබෙනවා. අනෙක් අයට කොච්චර දුකක්ද? මොනවද ඔබ දොඩවන්නේ. (නි)
තවත් මේ අයම පත් කර ගන්න , හොඳ වැඩේ.
හර්ෂ ,නුඹලා වැනි මිනිසුන් මුළු ජාතියටම කරන්නේ අවමානයක්. මෙතන සිදුවෙන්නේ ජනතාවට විනාශයක් (නි)
මෙම ඝාතනයට රජය වගකිවයුතුයි. (ස)
ගම්පහ අය එන පාරත් මේ අයට ඡන්දෙ දෙන්න අමතක කරන්න එපා හොඳේ (ස)
බන්දුල පෙරේරා කියන්නේ නියම ජාති හිතෛශිකයෙක්,1000ක් මැරුවත් එයාට වැඩේ සාධාරනයි. (නි)
මේ ජනතාව කොච්චර ගුටි කෑවත් හෙට ඡන්දයක් තිබුනොත් උඩ දාගෙන දෙන්නේ මේ දේශප්‍රේමි ආණ්ඩුවටම තම.ඒ නිසා මම නම් කියන්නේ හොඳ වැඩේ .මේවා ජනතාවගේ ගොන් කම් වල ප්‍රතිඵල (ස)
ජනතාවනි පක්ෂ,පාට හා ජාති බේද ඉවතලා නැගිටිවු! (නි)
බීමට වතුර ඉල්ලීම නිසා මරණය... (නි)
අනේ මේ බන්දුලගේ ගෙදර වතුර මීටරේ කඩන්න කෙනෙක් නැද්ද? (නි)
බන්දුල මහත්තයෝ ඔයාට ආණ්ඩුවෙන් කීයක් දුන්නද කඩේ යන්න. (දී)
ඔන්න දැන් මළමිනී දේශපාලනයට ගොදුර ලැබිල තියෙනවා...කට්ටිය පාරට දැක්කුවේ ඕක ගන්න තමයි..හෙට ඉදල බලාගන්න පුළුවන් ඕක විකුණන් කන හැටි..(ස)
ගහන්න ඕනෑ අපිටම තමා. ලංකාවේ මීලග පළාත් සභා ජන්දයේදී මේ අය කිසිම දෙයක් මතක නැහැ වගේ කතිරය උඩින්ම ගහයි. (නි)
බන්නාහිර ඡන්දයක් වත් නැහැනේ ? මේකට උත්තර දාන්න (ස)
ලොව දියුණු රටවල ජීවත්වන මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය හරියට හදුනනව.ලංකාවෙ තියෙන්නේ වචනවලට සීමාවුණ ප්‍රජාතන්ත්‍රවාදයක්.ජනතාවගෙන් ඉගෙන ගෙන පඩි ලබන අය නිරායුද ජනතාව මරා දමනව. බල උම්මාදය තුල ජනතා හඩට තැනක් නැහැ. (ස)
බන්දුල පෙරේරා, මම නම් හිටන්නේ ඔබ මිනිස් වෙසින් ඉන්න තිරිසන් ආත්මයක් බවයි. සමාවන්න, ඔබේ නරුම අදහස් වල අවම මිනිස්කමක්වත් පිලිබිඹු නොවේ. (නි)
මෙහෙම අයටද අපි බෝධි පුජා තියන්නේ? (නි)
උඹලා මුන්ට නේද බෝධි පුජා තිබ්බේ (ස)
අනේ දෙවියනේ බය හිතෙනවා. (ස)
පිරිසිදු වතුර ටිකක් ඉල්ලන ජනතාවට වෙඩි තියන ආණ්ඩුවක් මොකටද? (ස)
හමුදාවෙන් ආසාවට ගැහුවේ නැහැ ක්‍රිෂාන් මහත්තයෝ..පාර උද්ගොෂකයන්ගේ බුදලයක් නෙමෙයි .නුවර පාර මැද වතුර ලිං නැහැ..හමුදාව කලේ සාමකාමී අනෙකුත් ජනතාව වෙනුවෙන් යුතුකම ඉෂ්ට කිරීම පමණයි. හමුදාව කරපු දේ අපි අගය කරනවා..කියන දේ තේරුම් ගන්නේ නැත්නම් තේරෙන භාෂවකින් කියල දෙන්න ඕන.. (ස)
මෙහෙම ගියොත් රණ විරුවට ආදරේ කරපු මිනිස්සු නැතිවෙයි. එත් ඉතින් ඉහලින් ආපු නියෝග පිළිපදින්නත් ඕනනේ. මේක ද ආසියාවේ විනාශේ. මියගිය කෙනාට නිවන් සුව පතමු. ! (ස)
බෝධි පුජා තැබුවේ අපි මේ අයටමද? (නි)
පිරිසිදු දිය පොදක් වෙනුවෙන් නිරායුධව සටන් කල විරුවාණනි ඔබට නිවන් සුව. (ස)
අපි බන්දුල පෙරේරා වැනි අයට අනුකම්පා කළ යුතුයි. ඔය නිල් පාට කන්නාඩි දෙක ගලවනකම් මේ වැනි අයට හරි වැරදි පෙනන්නේ නැහැ. (නි)
බූරු කතා කියන්න එපා.මෙතන පොර ටෝක් දෙන අය දන්නේ නැහැ හමුදාව මොකද කරන්නේ කියල. උන් කරන්නේ උන්ට දෙන නියෝගය. කවුද නියෝග දෙන්නේ අපි උඩ පැනගෙන ඡන්දෙ දීල පත් කරපු ටික. හමුදාවට බනින්න එපා උන්ට කරන්න දෙයක් නැහැ. සොල්දාදුවා හිතල තීන්දු ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. දෙන නියෝගය ක්‍රියාත්මක කරන කෙනෙක්. (ස)
බන්දුලගේ සහෙදරෙයෙකුට වෙඩි වැදුනා නම් මොනවා කියනවද කියලා බලන්න තිබුණා. (නි)
අපේ හමුදාව මානුෂිය නම් එතකොට මියගියේ රටේ ද්‍රෝහියෙක්ද? (නි)
මීට වසර 230 කට පෙර පාන් නැත්නම් කේක් කාපල්ලා කිවූ අයට ප්‍රංශ ජනතාව දුන් උත්තරය මතක් වුණා. අපිට මොළය පෑදෙන්නේ කවදද? (නි)
මාවිල් ආරුවේ වතුර නැවැත්තුවම වතුර දෙන්න මානුෂිය මෙහෙයුම කරපු හමුදාව වතුර ඉල්ලන ජනතාවට මේ මොකද කළේ? (නි)
මේ සියල්ලටම වැරදි විපක්ෂනායකයා (ස)
සාගර මනුස්සයෙක්ද? ඔයාගේ කාටහරි ඔහොම වුණා නම් මොනවා වෙයිද? (නි)
සමන් හරියට හරි ඔබේ අදහස (ස)
රටේ මෙච්චර දෙයක් වෙද්දී කෝ අපේ අරයා? (නි)
බන්දුල කියන්නේ කොහොම කෙනෙක්ද මන්දා? (නි)
බන්දුල...කට වහන් ඉන්නකම් මොඩයත් පණ්ඩිතයෙකි. (ස)
හමුදාවට බැනලා වැඩක් නැහනේ. ඒ අය කරන්න එයාලට පවරපු රාජකාරිය. පොඩි දෙයක් නිසා හැමදේම අමතක කරන එක හරිම නරක දෙයක්. (ස)
අනේ මගේ රටට මොකද මේ කරන්නේ? වතුර ඉල්ලපු මිනිස්සුන්ට බවුසර් වෙනුවට යවලා තියෙන්න බෆල් රථ. මගේ රටට දෙවියන්ගේ පිහිට ලැබේවා. (නි)
දැන් දේශයේ දරුවන්ගේ පියාට සහ අනෙක් ඇත්තන්ට හොදට නින්ද යාවි. (ස)
මිනිස්සුන්ව උසිගන්වලා මේ වගේ සිද්ධි ඇති කරලා ඒවායින් වාසි ගන්න දේශපාලුවන්ට නම් ශාපවෙන්න ඕනෑ. මීට වැඩිය හොඳ ක්‍රමයකට විසදන්න තිබුනු මේ ප්‍රශ්නය වවාගෙන කාලා දැන් අහිංසකයෝ දෙතුන් දෙනෙක් මැරිලා. හමුදාවටත් නරක නාමේ ගෑවිලා. (නි)
අපේ ඡන්ද දීපු ගම්පහ ජනතවට සලකන්නේ මෙහෙමද? නැවත ඡන්දය ඉල්ලන්න එන්න එපා. අහිංසක මිනිස්සු බොන්න වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට ගහනවා මරනවා. මේකද ආශ්චර්ය. ජීවිතය පුද කල ඔබට මොකක් සුව. අහිංසකයින්ට තලපු මරපු යට දෙවියෝ දඩුවම් දෙනවා. (ස)
මට මෙහි ප්‍රතිචාර දුටුවිට හැඟෙන්නේ බලයට එන්න වුවමනාවෙන් ඉන්න අය හා බලයේ ඉන්න අයගේ ප්‍රශ්නයක් ලෙසයි.සමහරුන්ගේ පක්ෂයේ පාටද කිව හැකිය.මෙහෙව් මිනිසුන් සිටින රටකට දියුණුවක් නම් තිබේද? මිනිසුන්ට උද්ගෝෂණය කිරීමට සාධාරණ අයිතිවාසිකමක් ඇත.එයට සාධාරණ වූ ප්‍රශ්නයකුත් ඇත.මෙය මෙතරම් දුර දිග නොයා විසඳීමට යමෙක් නැද්ද? ප්‍රශ්නයක් තිබූ පමණින් මාර්ගයට බැස අනෙකුත් මිනිසුන්ට අවහිර කිරීමද අනුමත කළ නොහැක.මෙයට එකම විසඳුම උද්ගෝෂණය කිරීමම පමණක්ද? එය ලංකාවේ විලාසිතාවක් බවට පත්වී ඇති බව පෙනේ.මෙය විසඳීමට මිනිසුන් මැරෙන තුරු බලා සිටීමට සිදුවීම අපගේ අවාසනාවකි.මෙය නීති මාර්ගයෙන් විසදිය යුතු ප්‍රශ්නයක් ලෙස හැඟේ.පළමුව කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය විශ්ලේෂණය කළ හැක.එමගින් මෙහි අයිතිකරුවන්ට නඩු පැවරීම කළ හැක.ඔවුන් අපද්‍රව්‍ය චක්‍රීකරණය කළ යුතුයි.නමුත් ලංකාවේ බලය තිබේ නම් ඒවා තඹයකට මායිම් නොකරන වග මම දනිමි.මෙපමණ විසදුම් තිබියදී ප්‍රශ්නවලට විසදුම් නැතිවීම අභාග්‍යකි. (නි)
මේ වැනි නිරායුධ උද්ගෝෂණයක් වළකන්න හමුදාවට නීතිමය බලයක් නැහැ. බලය තිබෙන්නේ පොලිසියට. අවම බලයක් යොදනවා කියන්නේ බැටන් පොලු , ජාල ප්‍රහාර සහ රබර් උණ්ඩ භාවිත කිරීමයි. මේ රටේ සිංහල මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්න කවුරුත් නැහැ. (නි)
මම මේකේ තව පැත්තක් දකිනවා. මේවා ජාත්‍යන්තරයට ගියාම අපේ රණවිරුවෝම නේද යුද අපරාධකාරයෝ කියලා හංවඩු ගැහෙන්නේ?. (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, තුවාලේ අමාරුව තියෙන්නේ එක තියන එකාට නැතුව ඔහෙලා වගේ වන්දි බට්ටකයින්ට නෙමෙඉ.... (ස)
බන්දුල හරි, මියගිය කෙනා ගැන කනගටුය්.හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න දැන් පාරවල් වාහන එක පුරුද්දක් වෙලා,ඔය පාර වහගෙන ඉන්නකොට ගිලන්රථ කීයකට යන්න බැරිවෙන්න ඇද්ද,හදීසි අවශ්‍යතාවට දුර සිට එන මිනිස්සු කීදෙනෙක් අතරමන් වෙන්න ඇද්ද. (දී)
මිය ගියේනම් අහිංසකයෙක් විය යුතුයි. සංවිධායකයන් පැන ගන්න ඇති. (ස) .
බන්දුල පෙරේරා කියන්නේ ගොඩක් බුද්දිමත් කෙනක් වගේ පෙනන්නේ. හැම ප්‍රස්නයක් දිහාම ආණ්ඩුවට කඩේ නොගිහින් බලනවා. (දී)
බන්දුල මේ රටේ පවට උපන් කෙනෙක් (දී)
බන්දුල පෙරේරා ,කුසගිනි කියල අසුචි කන්න එපා.වාතය,ජලය,සහ ආහාර,මිනිසාගේ මුලික අවශ්‍යතා බවවත් නොදන්නා නරුමයෙක් වගේ හිතන්න එපා. (දී)
මේ ප්‍රශ්නය මෙතරම් උග්‍ර වෙන්නට කලින් පැහැදිලි විසඳුමක් දුනනානම් ජීවිත හානියක් නොවී සමතය කට යන්න තිබුන. ජනතා වාදී ගැටළුවක් ඉක්මනින් නොවිසදා කල් මර මර හිටියම මෙහෙම වෙනවා. (දී)
වෙඩි උණ්ඩයෙන් ජනතාව මර්දනය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා මේක තමයි දැන් ප්‍රවනතාවය,,මානව හිමිකන් නැද්ද මේ මිනිස්සුන්ට,හැම ප්‍රශ්නයක්ම හමුදාව පොලිසිය යොදාගෙන විසදන්න ගියොත් රට කොයිබටද යන්නේ,මේක ඒකාධිපති පාලනයකට ගමන් කරමින් පවතින්නේ,පොදු ජනතාවගේ සබැ සතුරා හදුනා ගන්න,ධිවරයෝ වෙඩිතබා මැරුවා,ගාමන්ට් කොල්ලෙක් මැරුවා දැන් වතුර ප්‍රශ්නෙට ගැමියෙක් වෙඩි උන්ඩෙට බිලි දුන්න,රටේ මහජනතාවට අවශ්‍ය ගුවන්තොටුපළවල් ,පැන් පොදක් දෙන්න බිමට,මේ රටේ දේශපාලකයෝ මොකට පත්කලද මේවගේ වැඩ කරන්න (දී)
කවුද මේ බන්දුල?මහ පොළොවේ පයගහලා ඉන්න කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
මිනිස් බිලි ගන්න එපා (දී)
අපි ඉන්නේ ලිබියාවේද නැත්තන් මිසරයේද?. (දී)
අනේ අසේල මහත්තයෝ එහෙනම් ඔයා කට වහගෙන ඉන්න..ලංකාවේ මහා මාර්ග බාවිතා කරන මාර්ග උපයෝගී කරගෙන තමන්ගේ අවශ්‍යතා ,රැකී රක්ෂා දිවි පෙවත කරගන්න ලක්ෂ සන්කයාත සියලු ජනයා රජය සහ හමුදාව ගත් මේ ක්‍රියා මාර්ගය අගය කරනවා උද්ගොෂන්වලින් අවහිර නොවුණු මහා මාර්ගයක් වෙනුවෙන්.. (දී)
ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්තයාගේ අඩුව දැන් අපට කොපමණ දැනෙනවද ඔහු අද හිටියනම් මෙවැනි විපත් කවමදවත් වෙන්නේ නැ. (දී)
බන්දුල පෙරේරාට නාදයෝ එහෙම ඉන්නවාද
ආණ්ඩුවේ බල කණුවක් වන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරාට අයත් විනිග්‍රොස් කර්මාන්ත ශාලාව දීර්ඝ කාලයක් තිස්සේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා ප්‍රදේශයේ ගම් 10 ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන ජල මූලාශ්‍ර විෂ වී ජනතාව විනාශයට ඇද වැටී ඇත. නිවන්සුව පතමි.
අපරාදේ අහිංසක ජීවිතයක්. ටික කලකින් ඔක්කොම අමතක වේවි. පාඩුව වින්ද ගන්න වෙන්නේ පවුලේ අයට. මෙය පළමු වතාව නෙවේ. රජයට මේවා තේරුම් ගන්න බැරි මොකද මන්ද. ජීවිතේ නැති උන අයට නිවන් සුව පතමි. (දී)
නිදහස් ජනමාධ්‍යක් නැති උනහම ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත්කරන්න විකල්ප මාර්ග හොයන්න වෙනවා, මේ සිදුවීමත් එවැනි දෙයක්,ආණ්ඩුව වගකියන්නේ නැහැ කිසිම දෙයකට, ජනතාව පිළිගන්න ඕනි දැන්වත් මේ ආණ්ඩුව ජනතාවාදී නොවන බව, (දී)
ආණ්ඩුවට ජයවේවා! බන්දුල පෙරේරා නමැති අදහස් දැමූ අයට බොන බොන වතුර විෂ වේවා! (නි)
ලංකාවේ තමා හැමදේටම පාරවල් වහගෙන ඔයවගේ දේවල් කරන්න පොදුජනතවට මොනව උනත් කමක් නැහැ (දී)
උද්ඝෝෂණයට උසිගැන්නුවේ මොන පක්ෂයකින්ද කියලා බලාගන්න පුළුවන් මරණ ගෙදරට එන දේශපාලුවන්ගෙන්. (නි)
ත්‍රස්ත මර්දන පුහුණුවේදී මොලේ සුද්දකරපුවහම පලගැටියත් ත්‍රස්තවදියෙක්වගේ පෙන්න පටන් ගන්නවා. පොලීසයට විතරක් මේ කැරලි මර්දන රාජකාරිය පැවරුවොත් හමුදාවේ නම්බුව රෙකෙනු ඇත. හමුදාව ඉන්නේ ආක්‍රමණිකයෝ සහ බෙදුම්වාදීන් මර්දනයට මිසක් අහිංසක නිරායුද මිනිසුන් මර්දනයට නොවෙයි (අ)
බන්දුල කියන්නේ හිතක් පපුවක් තියෙන මිනිහෙක්ද
අරගල කරුට මගේ උපහාරය . (දී)
සජීවි උණ්ඩ තිබුනාද කියලා පරීක්ෂණයක් අද තියනවා කියලා කියනවා නේද? අනේ කාලේ වනේ වාසේ කිව්වාලු (නි)
හැමදාම කරන්නේ මිනි මරණ එක තමයි කටුනායක කරෙත් මෙකමයි හලාවතත් ඇහෙමයි . දැන් තවත් බිල්ලක් අරන් . (දී)
ජීවත්වීමට වතුර ඉල්ලා මියගිය අය ගැන සහ විපතට පත් අය ගැන කණගාටු වෙමි. (නි)
වතුර නැත්නම් සිසිල් පන් බොන්න බැරි මොකද කියලා අහන දිනයකුත් පැමිණේවි (නි)
ලංකා නාමය නැති කරන්න එපා (දී)
බන්දුල පෙරේරා, නුබ වැනි හිතක් පපුවක් නැති තමන් ගැනම හිතන පුද්ගලයෙක්. ඔහේ මිනිහෙක්ද නැත්නම් ......? (දී)
ඉන්දික,බන්දුල,සජීවී ප්‍රවුර්ති බැලුවේ නැද්ද?ජනතාව බුදුන්ට පස්සේ ගරු කරපු හමුදාව වෙඩි තැබීම් වලට කලින් එයාල කතා කරපු විදිහ බලාගෙන හිටියනම් එදා කොටින්ට සලකන විදිහට වඩා ම්ලේච්ච විදිහට තමයි තර්ජනය කලේ!ඇයි නිරායුද ජනතාවට මේ තර්ජනය?ඊයේ මර්වින් ඇමති තුමා අනතුරු ඇගවීමක් කලේ "අපි දන්නවා ඔයාලව මට්ටු කරන්න ඕන ක්‍රමය වැඩිය කෑ ගහන්න එපා කියල තර්ජනය කරනකොට හිතාගන පුළුවන් ජනතාවට හොද පාඩමක් උගන්වයි!අඩුම ගන්නේ කදුළු ගෑස්/ජාල ප්‍රහාර/රබර් බුලට් වගේ දේවල් තියෙන්නේත් පොලු මුගුරු/ගල් ගෙඩි/අතැති ජනතා උද්ගෝෂණ වලටයි. නමුත් මේ ජනතාව දින හතරක් තිස්සේ ළමා ළපටින්/මහලු මෑණිවරු/සංගාය වහන්සේලා පෙරටු කරගෙන ඉතාමත්ම අත්‍යවශ්‍යම ජීවනලයකබදු කාරණයකට නේද?වැසිකිලියකට වත් නුසුදුසු ජලය,කොහොම පානය කරන්නද?අදහස් දාන කට්ටියට දෙවරක් හිතන්න වෙනවා මේ ක්‍රමයත් ත්‍රස්තවාදයක් සමාන විය හැකි නේද?මිනිසුන් හිතන්නේ කොටි කරොත් විතරයි ත්‍රස්තවාදය කියල.ත්‍රාසය උපදවන සුළු පීඩා ක්‍රියා ජනතාවට සිදුවීම කේදවච්කයක් තමයි (දී)
අය්යෝ අපේ රණවිරුවන් පහත තත්වයට ඇද දමන දේශපාලකයන්ට ශාපවේවා....ශාපවේවා.... (දී)
සර්ව සාධාරන නීතිය යටතේ දුන් නියෝගයකින්.... එහෙම නම් රතුපස්වලත් පසට අහිංසකයන්ගේ රතු ලේ එකතු වුණා. අනේ කාලේ වනේ වාසේ. (නි)
අසේල.ආණ්ඩුවේ බල කණුවක් වන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරාට අයත් විනිග්‍රොස් කර්මාන්ත ශාලාව දීර්ඝ කාලයක් තිස්සේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා ප්‍රදේශයේ ගම් 10 ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන ජල මූලාශ්‍ර විෂ වී ජනතාව විනාශයට ඇද වැටී ඇත. නිවන්සුව පතමි.
පාලකයෙනි, නුබලට සාපවේවා! (දී)
බන්දුල පෙරේරා.ඔහේ ඉපදුනේ කවුරු ඉපදුන වේලාවකද ? සතෙකුට ඇරෙන්න්න මේ වගේ කතා මිනිහෙකුට කියන්න බැහැ .අසරණයෙක් ජීවිතය පුජා කලේ බොන්න ව තුර ටිකක් එල්ල. (දී)
බන්දුල කන්නේ තණකොලද ?බොන්නේ පුන්නක්කුද? (නි)
මේ මිනිසුන් උද්ගෝෂණය කළේ රැකියා ඉල්ලලා ,කන්න බොන්න ඉල්ලලා නෙමෙයි. බොන්න වතුර ටිකක් ඉල්ලලා.ඇය මේ වගේ වැඩ කරන්නේ? මියගිය සොහොයුරාට නිවන් සුව! ඔබ මිය ගියේ ජනතාව වෙනුවෙන්. (නි)
මේ අදහස් පලකරන දිසනයකලගැන අපි දන්නවා..ඔන්න දැන් මළමිනියක් ලැබිල තියෙනවා විකුණන් කන්න.මෙයාල අද පාර හරස් කලේ රජය බලය යොදන බව දැන දැන.. වැලි බෝතල් පැට්‍රොල් බෝම්බ එහෙම හදාගෙන එවිත් තිබුනේ ලස්සනට තියන්න නෙමෙඉනෙ...මිනිස්සු පාරට උසි ගන්නල ඔය මරණේ බලාපොරොත්තුවෙන් ගින්න පත්තුකරන්න බලාගෙන ඉදල පත්තු වෙච්ච ගින්නට පෙට්‍රල් දාපු ඔය දේසපාලනේ ගැන අපි හොදට දන්නවා මහත්තයෝ.(දී)
ආමි එකට මෙහෙම කරන්න බලයක් අපරාද නඩු විධානේ නැහැ. ආමි නියෝග දෙන්න බලයකුත් නැහැ. (දී)
පිරිසිදු වතුර ටිකක් ඉල්ලන ජනතාවට වෙඩි තියන ආණ්ඩුවක් මොකටද? (දී)