රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවී යැයි කියන අවිආයුධ අස්ථාන ගතවීම් ආදියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේසම් දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ හා ජයන්ත පෙරේරා ද අවි ආයුධ අපහරණය කළැයි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංඛ සේනාධිපති ද වගකිව යුතු අය ලෙස සැලකීමට බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම අද ක්‍රියා කළේය.
නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධයක් මතු කරමින් ඔහු ඊට වගකිව යුතු යැයි නම් කිරීමට විරුද්ධත්වය දැක්වීය. මේ අතර කොමිසම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කළැයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී ගාමිණී ජයරත්නට එරෙහිව පියවර ගැනීමටද කොමිසම තීරණය කරයි.
මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් දෙසැම්බර 3, 4,11,22 හා 28 යන දිනවල පැවැත්වීමට ද ඉන් පසුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතිපතිට යොමු කරන බව ද කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න ඉක්මණින් අවසන් වෙනවා නම් හොඳයි (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අනේ අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා හිතාගන්න බැහැ (නි)
කිසිම වැරද්දක් නැතුව සරත් ෆොන්සේකා මහත්තයව කුඩුවට දානකොට සමහරු කොහෙද දන්නේ නැහැ හිටියේ. (ම)
සුදු කොඩි කතාවම ඇති. එ්ක අල්ලාගෙන තමයි යුද අපරාද කතන්දරේ එලියට ආවේ. (ස)
බලපෙරේත දේශපාලනය නිසා අපි අපි මරාගත යුතුද? සිංහලයාගේ අනාගතය එවිට රැකේද? (නි)
කට්ටියම අල්ලාගෙන ඇවිත්, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා , මිරිස් කුඩු නස්නයක් දීලා,බැටන් පොල්ලෙන් සුන්දර " මසාජ් " එකක් දුන්නානම්...ඔක්කොම වමාරයි...(බ)
ඒ කියන්නේ වංචා හා දූෂණ වෙලා තියෙනවා. (ස)
රණවිරු උපහාර. (ස)
මටත් කියන්න තියෙන්නේ දුමින්ද කියපු දෙයම තමයි. (නි)