පාර්ලිමේන්තුවේ අඟහරුවාදා සිදුවූ ගුටි කෙළිය සම්බන්ධ වාර්තාව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛකලනාදන් මහත්වරු අද (4) කථානායකට බාරදුන්හ.
මෙම වාර්තාව බ්‍රහස්පතින්දා (5) උදේ 9ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සිද්ධියෙන් මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගතකිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා උපදෙස් ලබාගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා අද කථානායක හමුවී සාකච්ඡා පැවැත්වූහ.
මේ අතර ගුටි කා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයා අද රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් පිටව ගිය පසු සමරසිංහ මහතා ගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබ ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය වැඩක් නැහැ. වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. මන්ත්‍රී ධුර අහෝසි කරන්න (නි)
මේකට සම්බන්ද සියලු දෙනාගේ මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න. (ර)
අපේ චන්දය අරන් මේ මහත්තුරු කරන හරියක්. බටහිර රටවල සුද්දෝ කොච්චර හොඳද කියල හිතෙනවා. ඒ මිනිස්සු අඩුම තරමේ අන් අයගේ මත වලට ඇහුම්කන් දෙනවා. සමහරවිට සුද්දෝ අපේ රට පාලනය කලානම් මීට වැඩිය හොඳ තැනක් අපට තිබෙන්නට ඇතිය කියල මට දැන් හිතෙනවා. (ර)