මඩකලපුව කොම්මාන්තුරෙයි නිවසකට සිවිල් ඇඳුමින් සැරසී රාත්‍රී 11.30ට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු පිහි පහරකින් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

අනවසරයෙන් නිවසකට ඇතුළු වීමට යෑම හා පොලිස් කොස්තාපල්වරයකුට පිහි පහර දීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වෙයි.