ත්‍රිරෝද රිය හා යතුරු පැදි වලින් ගොස් ගැට කපන කල්ලියක ගැහැණුන් සිව් දෙනකු හා පිරිමින් දෙන්නකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලීසිය සමත් විය.
මොවුන් සියලු දෙනාම එකම පවුලේ සාමාජිකයන් බව කියති.
බැංකු, සුපිරි වෙළදසල් හා වෙනත් සාප්පුවලට ගොස් ගැට කැපු මොවුන් අල්ලා ගැනීමට මතුගම පොලීසියේ නොවිසුදුණු අපරාධ අංශය හා බුද්ධි අංශය සති ගණනක් වෙහෙසුණේය.
සීසීටීවී ආරක්ෂක කැමරාවල තොරතුරුද ඔවුන් අල්ලා ගැනීමට රුකුලක් විය.
ගැට කපන්නියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පාරේ තිබු ත්‍රිරෝද රියකට නැඟුණු පොලිස් නිලධරයකු දැලි පිහි පහරකින් බේරුණේ අනු නවයෙනි.එම ත්‍රිරෝද රිය ගැට කපන්නනගේ බව පසුව හෙළි විය.මොවුන් ළඟ යතුරු පැදි දෙකක් හා ත්‍රිරෝද රිය තුනක් තිබී සොයාගත් බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ආශ්චර්යය ළඟයි වගේ (නි)
පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
එයාලා කපන්නේම ගැහැණු ගැට. (නදී)
පවුලම ඇතුළේ හින්දා, ඇප දෙන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද මන්දා......? (නි)
පවුලේ කට්ටියම ඇතුලට යන නිසා, ඇප දෙන්න කෙනෙක්වත් සොයා ගන්න පුළුවන් වේවිද මන්දා. (නදී)
පින්තුරත් එක්ක නම ගම විස්තර ටික දාන්න,(අ)
ඔය ජාතියේ ලොකු පවුලුත් තියෙනවා ශාන්ති!(අ)
පවුල් පිටින්ම දැන් හොරකමේ .හරි ෂෝක්(අ)
ගැට කපන පවුලක්ම..........? තවත් කොයිතරම් ලංකාවේ ඇද්ද? (නි)
ලොකු ලොකුම අයත් පවුල් පිටින්මනේ හොරකම් කරන්නේ. ඒක ආදර්ශයට අරගෙන වෙන්න ඇති. (නි)