පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී යුද හමුදාව හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමෙන් මාධ්‍යවේදීනට සිදුවුණැයි කියන අපහසුතා ගැන සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීහු හය දෙනෙක් අද (17) මානව හිමිකම් කොමිසම ඉදිරියේ ප්‍රකාශ ලබා දුන්හ.
ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් මානව හිමිකම් කොමිසම වෙත කළ කරුණු දැක්වීමකට අනුව එම කොමිසම විසින් මාධ්‍යවේනීද් කැඳවා තිබිණි.
ලංකාදීප, අද සහ ලක්බිම පුවත්පත් නියෝජනය කරමින් එහි ගිය මාධ්‍යවේදීන්ගෙන් කොමිසමේ නිලධාරීහු පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්හ.
දීපා අධිකාරි, සුනිල් සිරිලංකා, අජිත් මදුරප්පෙරුම, චානුක කුලසේකර, උපාලි රණවීර සහ ගයාන් මධුසංඛ එලෙස ප්‍රකාශ ලබා දුන් මාධ්‍යවේදීහුය.
බැලුම්මහරට හා වැලිවේරියට ආ යුද හමුදා සෙබළුන්ගේ ක්‍රියා කලාපය නිසා තමන් කායික හා මානසික පීඩනයට පත් වූ බවත්, තම රාජකාරිය නිසි පරිදි කර ගැනීමට ඉඩ නුදුන් බවත් කී මාධ්‍යවේදීහු මින් ඉදිරියට හෝ තමන්ගේ රාජකාරි කිසිදු ගැටළුවකින් තොරව සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.
මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් එහි ගොස් සිටි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා ප්‍රකාශ ලබාගෙන අවසන් වන තුරු මාධ්‍යවේදීන් සමග එහි රැදී සිටියේය.
ප්‍රකාශ ලබා දීන ලෙසට දැනුම් දී මානව හිමිකම් කොමිසම විසින් ලිපි යැවූ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අද (17) පැමිණ නොසිටි අතර ඔවුනට වෙනත් දිනක පැමිණ ප්‍රකාශ ලබා දීමට හැකි බව කොමිසමෙන් දැනුම් දුන්නේයැයි රුහුණගේ මහතා පැවසීය.
‘ඇත්තටම ජනමාධ්‍ය සංවිධාන විදියට වැලිවේරියේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්නේ එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණෙන්. ජනමාධ්‍යවේදීන් අරමුණුකරගෙන සන්නද්ධ යුද හමුදාව කළ පහරදීම සම්බන්ධයෙන් හොයා බලන්න කියා මීට පෙර අපි ඉල්ලීමක් කළා.
එය ඔවුන්ගේ විමර්ශනයේදී ඇතුළත් විය යුතුයි කියන දේ අපි දැඩිව අවධාරණය කළා.
ඒ අනුව තමයි අද මානව හිමිකම් කොමිසම සිද්ධියට මුහුණ දුන් ජනමාධ්‍යවේදීන් කැඳවා තිබෙන්නේ.
ලංකාවේ ජනාමධ්‍යෙව්දීන්ට දිගින් දිගටම ඔවුන්ගේ වාර්තාකරණයට බාධා එල්ලවීම්, පහර දීම් හා බලපෑම් සිදු වුණා. වැලිවේරියේ ජනමාධ්‍ය වේදීන්ට සාධාරණය ඉටු කරණවා වගේම ශ්‍රී ලංකාවේ සෑම ජනමාධ්‍යෙව්දියකුට ඔනෑම සිදුවීමක් වාර්තා කිරීමට අයිතියක් තිබෙනවා කියන එක තහවුරු කර ලෙස ඉපි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියා.‘
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය එම ජන මාධ්‍ය සංවිධාන එකමතුවට අයත් සංගම් හතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අද කාලේ අවංක මාධ්‍යවේදීන් ඉන්නේ බොහොම ටිකදෙනයි (නි)
ගුඩ් මෝනින් වරුණ! කොහොමද උරුලෑවා එහෙම? මොලේ පෙඟිලද? (ස)
අද කාලේ නිදහස් මාධ්‍යවේදීන් සොයාගැනිමට හරිම අපහසුය. (නි)
මැර කල්ලියක මරණීය තර්ජනයට ලක්ව දිවි ගලවා ගත් සන්ඩේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය සිය සැමියා වන එම පුවත්පතේම ව්‍යාපාරික කර්තෘ රොමේෂ් අබේවික්‍රම සහ එම යුවළගේ 12 හැවිරිදි දියණිය ජීවිතාරක්ෂාව පතා දිවයිනෙන් පිටව යන කතාවක් තියෙනවා නේද? (නදී)
රටකට ගිය කල ....! (නි)
මොනසාක්කි දුන්නත් මිනීමරුවෝ නිදැල්ලේ.වුණ සිද්ධිය අපි සියල්ලෝම දන්නවනේ (නි)
නීල කන්නඩි, කීර වර්ණ කන්නඩි, කොටි පුල්ලි කන්නඩි.....අලි පුල්ලි කන්නඩි...එක එක පාටට ලියනවා ...කෘත වේදී කමට....අර විග්නේස්වර ගොයියා කිව්වා වගේ තමන්ගේ ගෙදර ආරවුල් අල්ලපු ගෙදරට ආයුද කොරන්න විකුණන එකට කැතයි.(නදී)
අනේ අර රිචඩ් ද සිල්වා මහතාට ඒ අපරාධය උන වෙලාවේ මේ මානව හිමිකම් සුරකින සංවිධාන තිබුනේ නැහැනේ. (නදී)
ඕවා අමුතුවෙන් අහන්න දෙයක් නැහැ.එදා දවස තුල සිදුවූ හැමදෙයක්ම මාධ්‍යවේදීන්ගේ වීඩියෝ වල පටිගත වෙලා ඇති.කොහොමත් බ්‍රිගේඩියර්වරයා හා ඔහුගේ සහචරයන් හැසිරුණු විලාසය නින්දිතයි.යුධ සමයේ ඔවුන්ට බෝධි පූජා තබා ආශීර්වාද කළ නිරායුද සිවිල් වැසියන්ට නේද මේ වෙඩි තබන්නේ කියලා හිතුනේ නැත්තේ ඇයි?මම නම් මෙවර පොපි මල් මාසයේ එක මලක්වත් ගත්තේ නැහැ?මට නම් එතරම්ම පිළිකුල් වුණා මේ සිදුවීම (නි)
වරුණ ගොයියා දැකලා තියෙන්නේ ලංකාවේ අපි මාධ්‍යවල දැකපු දේවල් නෙමෙයි.ඔයා හීන දැක්කට අපි රුපවාහිනී නාලිකාවල දැකපු දේ අනුව නම් අපි දැක්කේ මාර්ග හරස් කරලා මාර්ග වල හට් ගහලා පොලිසියට හමුදාවට අභියෝග කළ රටේ නීතියට අභියෝග කළ මගී ජනතාව හිතාමතාම අපහසුවට පත් කරවපු සැලසුම්සහගත උසිගැන්වීමක් මත පවත්වපු ප්‍රචණ්ඩ උද්ගෝෂණයක් (නි)
ප්‍රචණ්ඩ මැර උද්ගෝෂණ පොලිසිය හමුදාව ඉදිරියේම සිද්ධ වෙන හැටි දැකලම නැද්ද බන්දුල මහත්තයා? (නි)
බන්දු කොලුවා දැන් වරද්දන්නෙ නැතුව බෙහෙත් ටික බොනවා වගේ (නි)
රණ විරුවන්ගේ චිත්ත ධෛර්ය සඳහා ද ඔවුන් ජනතාවගේ ගෞරවයට පත් කිරීම සඳහා ද මාධ්‍ය වේදීන් ඉටු කල කාර්ය භාරය විශාලයි.ඒක ඒ අයට අර කවුද කිව්වා වගේ අමතක වුණා.ජනතාවට ඒ අය අමතක වෙයි.කොහොමත් පසුගිය සිද්ධි කාටත් අමතක වෙයි.මේකත් එහෙමමයි. (ස)
හේරත් කියන දේ හරි. නිදහස් මාධ්‍යවේදීන් කියල කොටසක් ඉන්නවද? ඉන්නවා නම් ඉතාම සුළු පිරිසක්. ලෝකේ අපක්ෂපාති කියල කියන මාධ්‍ය ආයතන වුනත් කාට හරි පක්ෂපාතයි. මේ සාක්කි දුන් පිරිස ගැන අපි මොනවද දන්නේ. අර ගම්පහ රැස්වීමේදී කලෙත් අපහාස කිරීම මිසක් "අපක්ෂපාතී වාර්තා කරණයක්ද?(නදී)
වරුණ, මට සමාවෙන්න,මම දන්නවා මම ඔලුවෙන් හිටගෙන කතා කරන බව.මේක මට පැවරී තිබෙන කාර්යයක්.මම පිලිගන්නවා මම අනුන්ගේ කිළුටු රෙදි සෝදන බව. (ස)
ඔය කියන ඔක්කොම පිළිගන්න අමාරුයි. මොකද මාධ්‍යවේදිනුත් විවිද දේශපාලන හූ වෙනයම් අරමුණු එක්කා සම්බන්ධතා එති නිසා. (අ)
ඔය විනිග්රෝ අර්යතනයට කව්ද මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කියලා දන්නවනේ. (නි)
ශ්‍රී ලංකාවෙ වඩාත් අනතුරු දායක රැකියාව.නමුත් සියලුම දේ දවස් පහක් තුල ඉක්මනට අමතක වෙන නිසා, අපට මෙහෙය ගැන යමක් සදහන් කරන්න අපසුවට කරුණක් ? (ස)
හැමෝම මොන මොනවා හරි කරලා තම තමන් රැකෙනවා. සාමාන්‍ය ජනතාව හැම පැත්තෙන්ම තැලෙනවා. (නි)