පිළියන්දල පාසලක පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට මව්පියන් පිරිසක් පහර දුන් බව පාසල් ආරංචි කියයි.
ගේට්ටුව කඩාගෙන පාසලට ඇතුළු වු ඔවුන් ගුරුවරයා එළියට ඇද පහර දී ඇතැයිද එසේ සිදු වුයේ පිළීයන්දල පොලීසියට පැමිණිල්ලක් කැර තිබියදී යැයිද දැනගන්නට ඇත.
එම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. නැත්නම් ඕවා අන්තිමට සාක්ෂි නැත කියලා අනෙක් පැත්ත ගහන්නත් තිබුණා (නි)
ගුරු පඬුරු ලැබිලා වගේ (අ)
සාමාන්‍ය නීතිය තුළ පිළිසරණක් නැහැ කියලයි මම නම් කියන්නේ. මෙම පිරිස කළ දෙය මම අනුමත කරනවා (නි)
අරවින්ද හරි. ගුරු පඬුරු කලින්ම දුන්න එක හරිද මන්දා (නි)
නියම කාලයට ගැලපුන වැඩක් (නදී)
ඇයි දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ.නිසි දඩුවම් ලබා දෙන්න.(හේ)
මෙවැනි දේවල් ආයෙත් නොවෙන්නට වගබලාගැනීමට විදුල්පතිනිය කටයුතු කල යුතුය. මෙවැනි දේවල් තුලින් විදුල්පතිනියගේ අහිංසක පාලනය මනාව පැහැදිලි වේ. ඔය ගුරාට ගහල මදි. ගුරුකමටත් ලැජ්ජාවක්.(නදී)
ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුව කාගේවත් පාලනයක වරද නොව අන්තර් ජාලය හරහා නොමිළේම ලැබෙන අශ්ශීල හා අසභ්‍ය වෙබ් අඩවි පරිහරණය හා නිවසේ සාලයටම නොමිළේ රූපවාහිනිය හරහා ලබා දෙන කුණු රස නිසා බව කිව යුතුයි. සංනිවේදන තාක්ෂණයේ දියුණුවේ හොඳ වගේම නරක පැති කඩද ඇති බව සියළු දෙනාම තේරුම්ගෙන එම නරක පැත්තෙන් දරුවන් ගලවා ගැනීමට දැනුවත් වීම වර්ථමානයේ ඇති එක් අභියෝගයක් (නදී)