පාර්ලිමේන්තුවේ ගුටි කෙළියට මැදිවූ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම (එජාප) හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීරට සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (5) උදේ සම්මත විය.
ඒ අනුව හෙට සිට සතියකට ඔවුන්ට පාර්ලිමේන්තුව තහනම් වෙයි. අදත් ඔවුහු මැතිසබයට පැමිණ නොසිටියහ.
එම මන්ත්‍රීන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කථානායක දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.
මෙම පරීක්ෂණයට භාජනය වූ ගුටි කෙළියට සම්බන්ධ වීඩියෝපට හා තොරතුරුවලින් ලබාගත් තොරතුරු හා සාක්කි මහජනයාට දැනගැනීමට ප්‍රසිද්ධ කරන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර අද දහවල් තීරණයක් ලබාදෙන බව කථානායක පැවසීය.
මන්ත්‍රීන් දෙදෙනාට පැනවූ තහනම අනුව සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීමට ඔවුනට සහභාගී විය නොහැකි අතර එදිනට පසු මැයි මාසයේ පාර්ලිමේන්තුව රැස්වනවාද යන්න දැනගත හැක්කේ සිකුරාදාටය. මේ මස යළි පාර්ලිමේන්තුව රැස් නොවුවහොත් එම තහනම සිකුරාදා රැස්වීමට පමණක් සීමා විය හැකි බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
කථානායක ගැටුමට මැදිවූ මන්ත්‍රීන්ට කථානායක දොස් පවරයි (හඬ පටය)
පරීක්ෂණයට භාජනය වූ සාක්කි අනුර කුමාර ඉල්ලයි
(හඬ පටය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමද මෙහෙ මිනිසුන්ට කටක් ඇරලා අපිට රටක් තියනවා කියන්නේ (නි)
මේ සේරටම මුල මහජනයා ප්‍රතික්ෂේප කල පරාජ අයව පාර්ලිමේන්තුවට ගැනීම. (ර)
අය්යෝ මේ අර නගර සබාවේ කුණු ඇදපු එක්කෙනෙක්නේ. මම දැනන් හිටියේ නැහැ මෙයා මන්ත්‍රී කෙනෙක් කියලා. අය්යෝ පවු ලංකාව......(බ)
පළමුව විය යුත්තේ පරාද වුන අයව ඉවත් කිරීම පාර්ලිමේන්තුවෙන්, වෛරය නිසා ඔවුන් ලවා කියවනවා නුසුදුසු දේවල් (බ)
අනේ බඩ අල්ලන් හිනා යන දේවල් දාන්න එපා. (බ)
ඉබ්බා දියේ දැම්මම එන්නේ නෑ කිව්වලු, මොන විහිළුද? (හේ)
විනයක් හික්මීමක් නැති, පාර්ලිමේන්තු සභා ගර්භය තුල හැසිරීමට නොදන්නා මෙවැන්නන් පාර්ලිමේන්තුවෙන් නෙරපා මතු මැතිවරණවලට පවා නාම යෝජනා නොදිය යුතුයි (හේ)
මේ දෙන්නගෙම වාහන පර්මිට් තහනම් කරලා ඒ සල්ලි වලින් වකුගඩු රෝගීන් 100 ක් බේරගන්න .(හේ)
ඔය වගේ මන්ත්‍රීවරුන්ට සදාකාලිකවම පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනේ. (හේ)
උගත් කමක් හික්මීමක් නැති පාතාලයෝ, චන්ඩියෝ පාර්ලිමේන්තුවට රින්ග ගත්තම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි.(හේ)
මේ තහනම වැටුප් සහිතවද?(හේ)
මෙයට වඩා ආදර්ශමත් දඬුවමක් දෙන්න තිබුන. (ර)
මෙවැනි අයව නැවත තෝරා පත් නොකිරීමට ජනතාව වග බල ගත යුතුයි. (ර)
මේ දෙන්නට විතරක්නම් දඩුවම් දීල මදි. පාර්ලිමේන්තුව මැදට ඇවිල්ලා අසෝබන විදියට හැසිරුණු අනෙක් අයටත් දඩුවම් දෙන්න. (ර)
මේ වගේ අයටද අපි ඡන්දේ දෙන්නේ. (ර)
මීට වඩා ලොකු දඬුවමක් දුන්නා නම් තමයි අපිට සතුටු (නි)
බෝතලෙන් කිරි ටිකකුත් පෙව්වොත් හොඳ නැද්ද? (බ)
මේ දෙන්නගේ මුහුණු දෙක දැක්කමත් බිය ජනක හැගිමක් ඇති වන්නේ , ලබන ඡන්දෙදි මනාප ගන්න කරපු දෙයක් වෙන්න ඕනේ . (හේ)
මේක දඩුවමක්ද (බ)
සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීම විහිළුවක්. මොකද මෙච්චර ලිහිල් දඬුවම්? (ර)
නියමයි ජයවේවා! .මෙයාලටත් ඡන්දේ දෙන මිනිස්සු ඉන්නවද? ...මේ වරදට ජන්ද දායකයිනි තීන්දුව ඔබේ අතේ ..මැතිවරණයකදී කතිරයෙන් දඩුවන් දෙන්න ...(හේ)
මුලාසනය හොබවන කථානායක තුමා විසින් මීළඟ කථිකයාව හඳුන්වා දිය යුතු බවයි මගේ අදහස. ඉන් නොසන්සුන් බව කිසියම් දුරකට සමනය කර ගත හැක. ඒ වාගේම, ගහ ගැනීමට එය හේතුවක් කර ගත යුතු නැත.(හේ)
ආයේ මේ වගේ අයට ඡන්දේ දෙන්න එපා.(හේ)
මේ අයව පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින්න.(හේ)
අපෝ පිටරට ඉන්න අපිට ලැජ්ජාවේ බැහැ.(හේ)
ජාතික ඇඳුමකුත් ඇඳගෙන පර්ලිමෙන්තුවටවෙලා ... බලන්න කරන දේවල්. (ර)
රටකට ලැබෙන්නේ රටේ ජනතාවට ගැලපෙන උදවියයි. (ම)