IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ගුටි ඇන ගත් දෙන්නකුට සතියක තහනමක්

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියට මැදිවූ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම (එජාප) හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීරට සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (5) උදේ සම්මත විය.

ඒ අනුව හෙට සිට සතියකට ඔවුන්ට පාර්ලිමේන්තුව තහනම් වෙයි. අදත් ඔවුහු මැතිසබයට පැමිණ නොසිටියහ.

එම මන්ත්‍රීන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කථානායක දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම පරීක්ෂණයට භාජනය වූ  ගුටි කෙළියට සම්බන්ධ වීඩියෝපට හා තොරතුරුවලින් ලබාගත් තොරතුරු හා සාක්කි මහජනයාට දැනගැනීමට ප්‍රසිද්ධ කරන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර අද දහවල් තීරණයක් ලබාදෙන බව කථානායක පැවසීය.

මන්ත්‍රීන් දෙදෙනාට පැනවූ තහනම අනුව සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීමට ඔවුනට සහභාගී විය නොහැකි අතර එදිනට පසු මැයි මාසයේ පාර්ලිමේන්තුව රැස්වනවාද යන්න දැනගත හැක්කේ සිකුරාදාටය. මේ මස යළි පාර්ලිමේන්තුව රැස් නොවුවහොත් එම තහනම සිකුරාදා රැස්වීමට පමණක් සීමා විය හැකි බව පාර්ලිමේන්තු ආරංචි කියයි.

කථානායක ගැටුමට මැදිවූ මන්ත්‍රීන්ට කථානායක දොස් පවරයි (හඬ පටය)

පරීක්ෂණයට භාජනය වූ සාක්කි අනුර කුමාර ඉල්ලයි

 (හඬ පටය)



අදහස් (0)

ගුටි ඇන ගත් දෙන්නකුට සතියක තහනමක්

රජිත් Thursday, 05 May 2016 12:39 PM

අපි කොහොමද මෙහෙ මිනිසුන්ට කටක් ඇරලා අපිට රටක් තියනවා කියන්නේ (නි)

:       0       0

සරත් Thursday, 05 May 2016 05:47 AM

මේ සේරටම මුල මහජනයා ප්‍රතික්ෂේප කල පරාජ අයව පාර්ලිමේන්තුවට ගැනීම. (ර)

:       0       0

අබේරත්න Thursday, 05 May 2016 06:18 AM

අය්යෝ මේ අර නගර සබාවේ කුණු ඇදපු එක්කෙනෙක්නේ. මම දැනන් හිටියේ නැහැ මෙයා මන්ත්‍රී කෙනෙක් කියලා. අය්යෝ පවු ලංකාව......(බ)

:       0       0

සිරි Thursday, 05 May 2016 06:20 AM

පළමුව විය යුත්තේ පරාද වුන අයව ඉවත් කිරීම පාර්ලිමේන්තුවෙන්, වෛරය නිසා ඔවුන් ලවා කියවනවා නුසුදුසු දේවල් (බ)

:       0       0

නිහාල් Thursday, 05 May 2016 06:24 AM

අනේ බඩ අල්ලන් හිනා යන දේවල් දාන්න එපා. (බ)

:       0       0

සුමනසේකර Thursday, 05 May 2016 06:42 AM

ඉබ්බා දියේ දැම්මම එන්නේ නෑ කිව්වලු, මොන විහිළුද? (හේ)

:       0       0

පෙරේරා Thursday, 05 May 2016 06:53 AM

විනයක් හික්මීමක් නැති, පාර්ලිමේන්තු සභා ගර්භය තුල හැසිරීමට නොදන්නා මෙවැන්නන් පාර්ලිමේන්තුවෙන් නෙරපා මතු මැතිවරණවලට පවා නාම යෝජනා නොදිය යුතුයි (හේ)

:       0       0

ජගත් Thursday, 05 May 2016 06:59 AM

මේ දෙන්නගෙම වාහන පර්මිට් තහනම් කරලා ඒ සල්ලි වලින් වකුගඩු රෝගීන් 100 ක් බේරගන්න .(හේ)

:       0       0

දිසානායක Thursday, 05 May 2016 07:01 AM

ඔය වගේ මන්ත්‍රීවරුන්ට සදාකාලිකවම පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනේ. (හේ)

:       0       0

පිරිස් Thursday, 05 May 2016 07:02 AM

උගත් කමක් හික්මීමක් නැති පාතාලයෝ, චන්ඩියෝ පාර්ලිමේන්තුවට රින්ග ගත්තම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි.(හේ)

:       0       0

ලසන්ත Thursday, 05 May 2016 07:03 AM

මේ තහනම වැටුප් සහිතවද?(හේ)

:       0       0

ජෝන් Thursday, 05 May 2016 07:19 AM

මෙයට වඩා ආදර්ශමත් දඬුවමක් දෙන්න තිබුන. (ර)

:       0       0

දිලිප් Thursday, 05 May 2016 07:23 AM

මෙවැනි අයව නැවත තෝරා පත් නොකිරීමට ජනතාව වග බල ගත යුතුයි. (ර)

:       0       0

විජේ Thursday, 05 May 2016 08:13 AM

මේ දෙන්නට විතරක්නම් දඩුවම් දීල මදි. පාර්ලිමේන්තුව මැදට ඇවිල්ලා අසෝබන විදියට හැසිරුණු අනෙක් අයටත් දඩුවම් දෙන්න. (ර)

:       0       0

සංජී Thursday, 05 May 2016 09:27 AM

මේ වගේ අයටද අපි ඡන්දේ දෙන්නේ. (ර)

:       0       0

ලෙස්ලි Saturday, 07 May 2016 01:31 PM

මීට වඩා ලොකු දඬුවමක් දුන්නා නම් තමයි අපිට සතුටු (නි)

:       0       0

අතුල Thursday, 05 May 2016 09:43 AM

බෝතලෙන් කිරි ටිකකුත් පෙව්වොත් හොඳ නැද්ද? (බ)

:       0       0

ආනන්ද Thursday, 05 May 2016 09:59 AM

මේ දෙන්නගේ මුහුණු දෙක දැක්කමත් බිය ජනක හැගිමක් ඇති වන්නේ , ලබන ඡන්දෙදි මනාප ගන්න කරපු දෙයක් වෙන්න ඕනේ . (හේ)

:       0       0

අක්කරවත්ත Thursday, 05 May 2016 10:19 AM

මේක දඩුවමක්ද (බ)

:       0       0

ලුම්බිණි Thursday, 05 May 2016 10:35 AM

සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීම විහිළුවක්. මොකද මෙච්චර ලිහිල් දඬුවම්? (ර)

:       0       0

රොහාන් දයාදර Thursday, 05 May 2016 10:35 AM

නියමයි ජයවේවා! .මෙයාලටත් ඡන්දේ දෙන මිනිස්සු ඉන්නවද? ...මේ වරදට ජන්ද දායකයිනි තීන්දුව ඔබේ අතේ ..මැතිවරණයකදී කතිරයෙන් දඩුවන් දෙන්න ...(හේ)

:       0       0

දයාන් Thursday, 05 May 2016 10:42 AM

මුලාසනය හොබවන කථානායක තුමා විසින් මීළඟ කථිකයාව හඳුන්වා දිය යුතු බවයි මගේ අදහස. ඉන් නොසන්සුන් බව කිසියම් දුරකට සමනය කර ගත හැක. ඒ වාගේම, ගහ ගැනීමට එය හේතුවක් කර ගත යුතු නැත.(හේ)

:       0       0

පාලිත Thursday, 05 May 2016 10:50 AM

ආයේ මේ වගේ අයට ඡන්දේ දෙන්න එපා.(හේ)

:       0       0

නාලිකා Thursday, 05 May 2016 10:51 AM

මේ අයව පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින්න.(හේ)

:       0       0

ගජබා Thursday, 05 May 2016 10:51 AM

අපෝ පිටරට ඉන්න අපිට ලැජ්ජාවේ බැහැ.(හේ)

:       0       0

කරූ Thursday, 05 May 2016 11:26 AM

ජාතික ඇඳුමකුත් ඇඳගෙන පර්ලිමෙන්තුවටවෙලා ... බලන්න කරන දේවල්. (ර)

:       0       0

උපාලි Thursday, 05 May 2016 12:14 PM

රටකට ලැබෙන්නේ රටේ ජනතාවට ගැලපෙන උදවියයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site