ගංජා ගෝනි දෙකක් සමඟ හමුදා මේජර්වරයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයේ උතුරු කඳවුරෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි පවසයි.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ විශේෂ වැටලීම් ඒකකය මොහු ඔහුගේ කාරය හා කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවත් ගෝනි දෙකේ කිලෝ සියයක පමණ ගංජා තිබෙන්නට ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
21 වැනි බළ සේනාංකයට අයත් බව කියන මේ මේජර් වසරක් තිස්සේ මේ කාර්යයේ යෙදී සිටි බවට ලැබී ඇති තොරතුරු සත්‍ය දැයි පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.
ඔහු සමඟ තවත් දෙනෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට අපගේ උත්තමාචාරය.(නදී)
රණ විරුවන් රට වෙනුවෙන් කල සේවය, මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැල්ලුවට ලක් කරන එක සම්පුරණයෙන් වැරදියි.(නදී)
රණ විරුවන් රට වෙනුවෙන් කල සේවය, මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැල්ලුවට ලක් කරන එක සම්පුරණයෙන් වැරදියි.(නදී)
මේවට ප්‍රතිචාදාළ වැඩක් නැහැ පළකරන්නේ නැහැ. (අ)
මොකද මේ වෙන්නේ? හමුදාව දැන් පෙරට.... යමු. (නදී)
සුපර් ගංජියන්ස් කියල බල ඇණියක් හැදුවනම් මෙයා මේජර් කරලා දාන්න තිබ්බා.(නදී)
මාටිනුත් හොද ගන්ජියන් කෙනෙක් වගෙයි පේන්නේ.(නදී)
ගංජා බලඇණියකට අන්යුක්තවද දන්නෙ නැහැ සේවය කරන්නේ? (නි)
මේක අපේ හමුදාව අපකීර්තියට පත්කරන්න කරපු විදේශ කුමන්ත්රණයක්.(නදී)
ඕවා මොනවද අප්පා,අර අහවල් මහතා ගැන බලනකොට (නි)
ගංජා කියන්නේ ඉතාමන් හොඳ ඖෂධයක් වගේම ඉතා හොද ආහාරයක්.ගංජා ඇට තෙල් ඉතාම හොදයි. ගංජා සඳහා බලපත් නිකුත්කොට නිෂ්පාදන දේශීය ඖෂධ සමාගම් වලට යොමුකළ හැකියි.නිකුත් කිරිමට පෙර ඇට සහ කොළ වල ඇති මත් ගතිය ඉවත් කරන්න තාක්ෂණය ලෝකේ තිබේ.ඒවගේම මෙහි ඇති අනතුරුදායක බව ගැන ගෘහාශ්‍රිත මට්ටමින්,පත්‍රිකා,නාට්‍ය, මෙන්ම පාසල් මට්ටමින් සමාජය දැනුවත් කළ හැකිවේ.නැත්නම් ශාකය වඳ කර දමන්න. (නි)
මොවුන්ටද මිනිස්සු රණවිරුවො කිය කියා උඩපැන්නෙ? (නි)
ඔන්න අපේ මේජර්ලා.(නදී)
හොඳ වෙලාවට අල්ලාගත්තේ , නෙත්නම් මෙයා හෙට අනිද්දා වෙනකොට ගංජා හමුදාවකුත් හදනවා සිකුරුයි , අපිට අඩුවකට තිබුනෙත් එච්චරයිනේ.(නදී)
තමන්ම ගහ ගත්ත මේජර්ද? (නි)
මානෙල් මල් කොහෙද දැන්.(නදී)
දැන් යුද්දෙත් නැති එකේ පාට් ටයිම් ජොබ් එකක් කරන්නවත් එපාද? ජයසුරිය කියනවා වගේ, මේ 'රණ විරුවෝ' නෙමෙයි. රණවිරුවන්ගේ ගෞරවය කෙලෙසන, ඒ ස්වරුපයෙන් ඉන්න හොරු. (නදී)
මෙම අදහස දැන ගැනීම සඳහා පමණි.මේ වැනි සිදුවීම් අලලා නාට්‍ය, හෝ සිනමා නිර්මාණ කිරීම ඒවා වාරණයට හේතුවක් විය හැක. (නි)
අපේ වීර රණවිරුවන්ට කැළලක් ඇති වෙන්නේ මේ වගේ මිනිසුන් නිසයි. උල තිබ්බත් හිත් වදින්නේ නැහැ (නි)
රටම ගඳ ගස්වන වැඩක් (නි)
දිසානායකගේ අදහස නම් බොහොම හොදයි (නි)
අනේ මන්දා රණ විරුවන්ට යුද්ද කාලේ සල්ලි ලැබුනා, දැන් ඉතින් අදායම් මදි නිසා ගංජා ව්කුනනවා. මිනි මරුවන් එවැනි වැඩ වල යෙදෙනවා. කරුණාකර මේ අයගේ පඩිය 50% කින් වැඩි කරන්ඩ ඕනා. එතකොට ඔය වැඩ නවතීවි.(නදී)
දිසානායක ගොයියට නිකන් ස්වීප් එකක් ඇදුන වගේ තමයි හමුදාවේ හෝ සංඝ සමාජයේ ගෞරවයට හානි වන සිදුවීමක් උනොත්..මහත්තයෝ..ලක්ෂ ගානක් ඉන්න හමුදාවේ ඔය වගේ අපතයෝ ඉන්නවා ..මේ කොමෙන්ට්ස් දාන අය අතර ඔයාල වගේ මිනී කාක්කෝ ඉන්නවා වගේ..මොන වෘත්තියේත් අපතයෝ පාහරයෝ ඉන්නවා.ඔබ තුමාට හමුදාව දිරාවන්නැති උනාට මේ රටේ මේ සාමකාමී පරිසරය නිර්මාණය වෙනුවෙන් මර බිය නැති සමාජය බිහි කිරීම වෙනුවෙන් ඈස් ඉස් මස් ලේ ජීවිත දන් දීපු හමුදාවට මේ රටේ කල ගුණ දත් ජනතාව ගරු කරනවා හැමදාටමත්.(නදී)
අනේ අනේ මෙහෙමත් මේජර් ලා. අපිට හිතාගත හැකීයී මෙයාලා කල වැඩ.(නදී)
බන්දුල පෙරේරා කොමඩි ස්ටාර් වෙන්න දඟලනවා වගෙයි.(නදී)
රතු පස්වල ආවෙත් මේවා ගහලද ?(නදී)
කංසා කියන්නේ දේශීය ඖෂධයක් ,මෙහි ඇති ගුණාත්මක භාවය දන්නේ ඖෂධ සංස්ථාවයි.මෙහි වැවෙන කන්සා ගිණි තියනවා. ඉන්දියාවෙන් ආනයනය කරනවා.මෙම මේජර් වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය ඖෂධ සංස්ථාවට අනුයුක්ත කල යුතුයි ? කල සේවයට.(නදී)
ඔය වගේ අය ජාතක කරපු අම්මලාත් නිකන් බැනුම් අහනවා. පව් නේද (නි)
එයාට මතක නැකුව ඇති කවුද ඒවා වාහනයට දැම්මේ කියලා (නි)
මේජර් දැන් කොහෙද ? ජේලර්ගේ යටතේද ?.(නදී)