ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඇමරිකාවේ කැලිෆෝනියාවේ ගූගල් සමාගම හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන මගින් ගුවනට යැවූ ‘ගූගල් ලූන්‘ බැලූනය බදාදා (17) රාත්‍රියේ ගම්පොළ, පුපුරැස්සේ තේ වත්තකට පතිතවූ බව ගැමියෝ කියති.
ගූගල් ලූන් සමාගමේ ඉංජිනේරුවන් පවසනුයේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අවසරය අනුව බැලූනයේ අත්හදා බැලීම අවසන්වූ බවයි.
කැලිෆෝනියාවෙන් ගුවනට ඇතුළු කළ මෙම බැලූනය හම්බන්තොටින් ශ්‍රී ලංකාවට ඇතුළුවී බදුල්ලෙන් මැදරටට පියාසර කළ බවත් ඔවුහු කියති.
ගම්පොළ පුපුරැස්සේ, කළුගල තේ වත්තකට බැලූනය බදාදා රාත්‍රී 7.30ට පමණ පතිත වූ බවත් තම අත්හදා බැලීම අවසන් කළ බවත් ගූගල් ලූන් ඉංජිනේරුවෝ කියති.
මෙම බැලූනය ගුවන්ගත කරද්දී එහි ආයු කාලය වූයේ දින 170කි.
වත්තේ ගැමියන් කියනුයේ උස ගසක් අතරින් තේ පඳුරු මතට මෙම බැලූනය පතිතවූ බවයි. ඔවුන් දකිනවිට බැලූනයේ හුළං නොතිබූ බවද කියති. මෙම ව්‍යාපෘතිය බාර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ගුවන් නීතිරීති අනුව බැලූනය ආරක්ෂා සහිතව ගොඩබෑ බවයි. එම බැලුනයේ මෙහෙවර සාර්ථකවූ බවද ඇමැති කියයි.
ජංගම දත්ත අධිවේගයෙන් රැගෙන යන එල්ටීඊ තාක්ෂණය මෙම බැලූනයට යොදා ගනී. බැලූන් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැලසීම සඳහා වන මුල්ම අත්හදා බැලීම පසුගිය සඳුදා ආරම්භ කළ බව ගූගල් ලූන් සමාගමේ මුහුන්දන් කානගී කියයි.
එහි මුල්ම අත්හදා බැලීම සඳහා බැලූන කිහිපයක් සුළඟේ පාවී යන ක්‍රමයට ගුවනේ අපරිවර්තී ගෝලයට මුදාහළ බව ඔහු කියයි. විදුලි සංදේශ සමාගම්වලට මෙම බැලූන්වලින් සැපයෙන සන්නිවේදන ජාලය පාවිච්චි කළ හැකි බවද ඔහු පවසයි.
මේ මාසය අන්තිමට තවත් බැලූන් දෙකක් ගුවන්ගත කෙරේ. එකක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයටද අනෙක දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළටද යොමු කෙරේ. මෙම බැලූන්වල තාක්ෂණික කරුණු ගැන සොයා බැලීමට ගූගල් කණ්ඩායමේ තවත් සාමාජිකයන් ශ්‍රී ලංකාවට එනු ඇතැයිද කානගී කියයි.
ශ්‍රී ලංකාවේ දෙකෝටියක් පමණ වන ජනගහණයෙන් කාලකට අඩු පිරිසක් අන්තර්ජාල පහසුකම් ලබති. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන දත්ත සම්බන්ධතා ලක්ෂ 33කි. හය ලක්ෂ තිස් දහසකට ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා ඇති බවත් ඔහු පවසයි. ගූගල් සමාගම සමග 25%ක දායකත්වයක් ඇති හවුල් ව්‍යාපාරයක් අරඹා අධි තාක්ෂණ අන්තර්ජාල පහසුකම් සැපයීමට හීලියම් වායුව පිරවූ බැලූන් යොදාගන්නා බවත් මෙම බැලූන් වාණිජ ගුවන්යානා පියාසර කරන මට්ටමට ඉහළින් පියාසර කරයි.
ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතියට ප්‍රාග්ධනයක් නොයොදවයි. 1989 දී ජංගම දුරකථන හඳුන්වාදුන් දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාවයි. 2004 දී තෙවැනි පරම්පරාවේ තාක්ෂණය (3ජී) හඳුන්වාදුන් ශ්‍රී ලංකාව මින් දෙවසරකට පෙර සිව්වැනි පරම්පරාවේ තාක්ෂණය (4ජී) හඳුන්වාදුන්නේය. ලෝක බැංකුව පවසනුයේ ශ්‍රී ලංකාවේ දත්ත හුවමාරුව ලොව මිල අඩුම ක්‍රමවේදයක් බවයි.
මෙම අත්හදාබැලීම් වසරක් පුරා පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - සුරංග රාජනායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩසටහන සාර්ථක වැඩක් නොවේ.(හේ)
ටෙලෙෆොනේ සමාගම් මේකටත් විරුද්ධවේවි කකුලෙන් අැදාල විනාස කරයිද (අ)
කොහොමහරි කඩා වැටෙන්න බැලුම ලංකාවටම ආවනේ (නි)
නිරුපද්‍රිතව ගොඩ බෑ බව පින්තුර බලන කොට ඕනේ කෙනෙකුට තේරෙනවා. (ර)
සම්පත්ගේ තියන කුහක කම ... මොන පින්තුරේද තියෙන්නේ ගස් බඩ ගානවා ? ඔබගේ වෛරී සිත සුවපත් වේවා !!! (බ)
දැකපු මිනිස්සු කියන්නේ කඩාගන වැටුණා, හුලන් තිබුණෙත් නැහැ කියල. ඒ වුණාට වැටිලා නෙමෙයි ගොඩ බාලාලු (ම)
මේ අපට ආදරේට නොවෙයි එයාලගේ ඉලෙක්ට්‍රොනික් උපකරණ ටික විකුණා ගන්න. අපට රුපවාහිනී විකාශන උපකරණ ජපානෙන් නොමිලේ ගෙනත් සවි කරලා දුන්නේ. ඒ නිසා ලංකාවේ රුපවාහිනී මිලදී ගන්නන් බිහි වුනා. මේකත් ඒ වගේ. (බ)
කඩාගෙන වැටිලා හරි බාලා හරි කමක් නැහැ, ව්‍යාපෘතිය බකල් නොවී ඉදිරියට යනවානම් එච්චරයි (බ)
තිලක් කව්රුත් 'ආදරේට කරන වැඩ' කියල දෙයක් ලෝකේ නෑ.. මෙය දෙපාර්ශවයටම ( ලංකාවට හා ගුගල් සමාගමට ) වාසි ගෙන එන කටයුත්තක්...සම්පත් ඔබ පාසලේ හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැත්ද? පරීක්ෂණයක 100% නිවැරදිව හැම දේම සිදුවෙන්නේ නෑ (බ)
සුද්දා බැලුන් අරින්නේ ජොලියට නෙමෙයිනේ. හඳටත් පය තියලා කරනම් ගහපු මිනිස්සුනේ. පුළුවන්නම් ඕකට දේශපාලනෙත් ඈදා ගන්න (බ)
අපි නොදන්නා ඩිජිටල්, නිරුපද්‍රිතව ගොඩබානවා කියන්නේ පින්තුරවල තියන විදියට ගස් බඩගාලා, කඹ වලින් බාන එකටද? ඔය විදියට කටුනායකට ගුවන් යානා නිරුපද්‍රිතව ගොඩ බැවානම් කොහොමට හිටීවිද? (බ)
මාර ඩිජිටල් හිනා හැමතැනින්ම හිනා (බ)
මිනිසුන්ව රවට්ටන්න ගියාම ඔහොම වෙනවා මහත්තයෝ (බ)
තිලක්, ඔයා හිතන විදියට ගමනක් යන්න බයිසිකලයකින්වත් බැහැ? එ්කත් චිනගේ (බ)
කෙසේ වෙතත් මෙය සාර්ථක ගොඩබෑමක් නම් වඩාම පහසු ස්ථානයකට මිස ගම්පොල පුපුරැුස්සේ ගම්මානයක ගහක් මුදුනට ගොඩබෑවේ මන්දැයි ප‍්‍රශ්ණයකි. අනෙක සාර්ථකව ගසක් උඩට ගොඩබා තිබියදී එහි සවි කර තිබූ උපකරණ ක‍්‍රියාත්මක වී තිබීම තවත් පැනයකි (බ)
මේක ඩයස්පෝරාව මෙහෙයවන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේ නාමල් රාජපක්ෂ සිර භාරයට ගැනීමේ පෙරහුරුවක් (බ)
සෙනවිරත්නට මොකද ජාත්‍යන්තර කුමන්ත්‍රණ මතක්වෙලා තියෙන්නේ (නි)