ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේදී සිදුවනු ඇත.
2011 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අන්තර්ජාලයේ හෝ බැංකුවල හෝ වෙනත් ආයතනයක හෝ තිබෙන පෞද්ගලික ගිණුම් වල තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඇමරිකා ව්‍යවස්ථාවේ සංශෝධනයකින් පසු ඇමරිකා පර්යේෂණ බියුරෝව වෙත ලැබුණි.නමුත් ඇතැම් සමාගම් හා ආයතන මේ කි‍්‍රයාවලියට විරෝධතාව පළ කළේ මෙයින්තම පරිශීලකයන් හා පාරිභෝගිකයන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු වනවා යැයි කියමිනි.
ගූගල් සමාගම මේ මේ අතුරින් ඉදිරියෙන්ම සිටියෙකි.ගූගල් සේවා ලබාගන්නා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු තමන්ට අවශ්‍ය යැයි එෆ්.බී.අයි ආයතනය පැවැසූ විට ගූගල් සමාගම කළේ නඩු මගට එළැඹිමයි.එහෙත් නඩුවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම ආයතනයකටම වගකීමක් ඇතැයි පවසා ඇති විනිසුරුවරයා එෆ්.බී.අයි ආයතනය සාධාරණීකරණය කරමින් අවශ්‍ය තොරතුරු සපයන ලෙසට ගූගල් සමාගමට නියෝග කර ඇත්තේය.
මේ හමුවේ ගූගල් සමාගම කර ඇත්තේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පැවැරීමයි.එයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට ගූගල් සමාගමට සිදුවනු ඇත.
ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍රය වනුයේ ගූගල්ය.සෙවුම් වලට අමතරව එයින් සපයන ජීමේල්,ගූගල් ප්ලස් ආදී සේවාවන් ලබාගැනීමටද පුද්ගලයින් මිලියන ගණනින් ලියාපදිංචි වී සිටී.මේ ලියාපදිංචි කි‍්‍රයාවලියේදී තම තමන්ගේ පෞද්ගලික තොරතුරු ගූගල් සමාගම වෙත ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.ඒ තොරතුරු රහස්‍යව තබාගැනීම සමාගමේ ප‍්‍රතිපත්තියක් නිසාය.
දැන් එස්.බී.අයි. අවශ්‍යව ඇත්තේ මේ තොරතුරු ලබා ගැනීමටයි.සැකටයුතු පුද්ගලයන් සිටී නම් ඔවුන් ගැන සෝදිසියෙන් සිටීමට මේ තොරතුරු යොදා ගැනීම එහි අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්ත වාදය කියලා ඇමෙරිකාව, හෙට අනිද්දා සිරුරේ අවයවත් ගලවලා පරික්ෂා කරන්න බැරි නැහැ.(නදී)
බොහොම හොඳ දෙයක්. මේක ඇමෙරිකාවට පමණක් නොව අවශ්‍ය ඕනෑම රටකට විස්තර සැපයිය යුතුය. අද ගුගල් සහ යු ටියුබ් මාර්ගයෙන් බොහෝ වැරදී දේවල් සිදුවේ. අන්තවාදී ආගමික සහ ජාතිවාදී අදහස් ඉතා සීග්‍රයෙන් මේවයේ පළවේ. (නි)
රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ඕනෑම පෞද්ගලික තොරතුරක් ලබාගන්න මේ විදිහට ඇමෙරිකා ආණ්ඩුවට පුළුවන්. එතකොට මාධ්‍ය නිදහස, පුද්ගල නිදහස එහෙම වලංගු නැහැ. හැබැයි, ඒ ඔක්කොම අපට වලංගුයි. (නි)
මේක අපේ ඇමතිතුමා වේලාසනින්ම දැක්කා. (නි)
ඕක ප්‍රශ්නයක් කර ගන්න එපා. (නි)
බෑ කිව්වට කොහොමත් දෙන්න වෙයි. (ත)
රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම කළ යුතුයි. හැබැයි එය ලංකාවටත් පොදු වෙන්න ඕනෑ. (නි)
ඇයි ඔහේ ගූගල් ගේ අයිතිකාරයද? ලංකාවේ ඉඳන් බයිලා කියන්නේ.(නදී)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. (ත)