සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී අද (22) පැවැත්විණි.
රණවිරුවෝ 3000 ක් පමණ ද මෙම පිංකමට එක්වූහ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අදහසකට අනුව ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රථම වතාවට පිංකම සංවිධානය කෙරුණු අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට දෙවි පිහිටයි! (නි)
බොහොම පින් ඔබ සැමට! (නි)
මව්බිම වෙනුවෙන් හලපු ලේ - ජීවිත වෙනුවෙන් පුදන ලේ (ර)
පින් ඇති වැඩක්. (නි)
පින් සිද්ද වෙනවා (අ)
පිං ඇති වැඩක්. අපේ රටේ මෙහෙම පිංකම් කලාට වෙනත් රටවල මුදල් වලට හුගදෙනෙක් ලේ දෙන්නේ. මේ උතුම් ක්‍රියාව ලෝකෙට ආදර්ශයක්. (ර)
ලේ දන්දීම කියන්නේ ඉතාම වටිනා පින්කමක් (නි)
මමත් දෙවතාවක්ම ලේ දන්දීලා තියෙනවා (නි)