කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය පෙබරවාරි 21 හා 22 දෙදින පැවැත්වීමට නියමිතය.
එම දිනයන්හි රාත්‍රී 7ට සධාතුක කරඬුව මංගල හස්ති රාජයා පිට වැඩමවීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
අලි ඇතුන් හා විවිධ පෙරහර අංගෝපාංගයන්ගෙන් ද ශ්‍රී ලාංකිය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංගද නවම් පෙරහරට ඇතුළත් බව ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ කියති.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ පෙරහර මංගල්‍යය සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පනාවෙන් හිටියොත් හොඳයි, අලි පැටව් දාල යයිද කියලා. (ර)