“මං මුලා වෙලා
ඔබ නෙතු මා ඉන්නේ
සිතුවමක් මවා
මා සිත අද තනියේ
ඔබ දුටු ඒ දිනයේ
සිත ඔබ ගත්තේ
සැමදා ළංවී ඉන්නයි
මා පැතුවේ...
නොකියාම ඔබ යන්නට යාවි
මගෙ හද ඔබ වෙන්කර යාවි
කරනට වෙන දෙයකුත් නැහැනේ
අද මා සිත් තැවුලෙන් ඉන්නේ...”
මේ දිනවල බොහොමයක් වූ සමාජ වෙබ් අඩවිවල මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ මේ ගීතය ගයන “රෝහිත රාජපක්ෂ” නමැති මේ කඩවසම් තරුණයා ශ්‍රී ලාංකීය ජනතාවට අමුත්තකු නොවෙයි. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුතුණුවන්ය. රටටම රෝහිත අමුත්තකු නොවුනත් ගීත කලාවට ඔහු අමුත්තෙකි. “මං මුලා වෙලා” ගීතය සමග සංගීත කරළියට පැමිණි රෝහිත සඳැල්ල පිළිසඳරකට එක්වුණේ මෙලෙසිනි.

● රෝහිත ඇයි ඔබට ගීත කලාවට එන්න හිතුණේ?
සංගීතය කුඩා කාලයේ ඉඳලාම මට සමීපව තිබූ විෂයක්. පියානෝව, ගිටාරය වැයීමට පුරුදු පුහුණු වුණා. ඉඳ හිට ගීතත් මිමුනුවා. නමුත් එදා සිට සංගීතය වෘත්තිය මට්ටමින් කළ යුතුයැයි කියා හිතුවෙ නැහැ. ජීවිතය එකිනෙකා වින්දනය කරන විදි තියෙනවා. මම ජීවිතය වින්දනය කළේ සංගීතයට සමීප වෙමින්.
● මොනවගේ ගීතවලටද ඒ දිනවල වඩා ප්‍රිය කළේ?
විශේෂිත තෝරා ගැනීම් තිබුණෙ නැහැ. නමුත් මිතුරන්ගේ විවාහ උත්සව අවස්ථාවලදී එහෙම ගීත ගායනා කළා. එහිදී වේග රිද්ම ගීථ වගේම, වත්මන් පරපුරේ ශිල්පීන්ගේ ජනප්‍රිය ගීතත් ගායනා කළා.
● ඔබ වඩා කැමති වේග රිද්මයටද?
නැහැ. මම කැමති බොහොම නිස්කලංක, ඝෝෂාකාරී බවකින් තොර ගීතවලටයි. රැප් සංගීතයට කොහොමටත් කැමති නැහැ.
● අපි හැමෝටම විශේෂිත වූ ගායනා ශිල්පියකු සිටින්න පුළුවනි. එහිදී ඔබට විශේෂිත වූ ශිල්පියා කවුද? ඔහුගෙ මොන ගීතයටද ඔබ වඩා ප්‍රිය කරන්නෙ?
ඇත්තටම ඒ වර්ගීකරණය කරන්න බැහැ. ඕනෑම ගායන ශිල්පියකුගේ ශිල්පිනියකගේ අප ආසා කරන ගීත තිබෙන්න පුළුවනි. ගීතයෙහි ඇති සුවිශේෂත්වයත් එයයි. විටෙක රූකාන්තගෙ බොහෝ ගීතවලට මා ප්‍රියයි. නමුත් විශේෂිතව ප්‍රියකරන එකම ශිල්පියා ඔහුමත් නෙවෙයි. තව බොහෝ දෙනාගෙ ගීතවලට ප්‍රියයි. බොහෝ විට අර මම මුලින් කිව්ව විදියට යාළුවන්ගෙ වෙඩින්වලදී ආරාධනා ලැබුනාම මම වැඩිපර ගයන්නෙ රූකාන්තගෙ ගීතයි.
● ඔබගෙ මේ “මං මුලා වෙලා” ගීතය ඉල්ලීමකට කළ ගීතයක්ද?
මගේ ගායන හැකියාව ගැන උනන්දු වූ යාළුවෝ නිතරම වගේ කිව්වෙ ගීතයක් කළොත් හොඳයි නේද? කියලයි. බොහෝ විට රගර් ක්‍රීඩාවෙ යෙදී සිටි අවස්ථාවලදී අපි කළේ ගීත ගැයීමයි. සමහර අවස්ථාවලදී මම මගේම ගීතත් ගැයුවා. මේ “මං මුලා වෙලා” ගීතය එක්ක මගේම ගීත හතරක් විතර දැනට නිර්මාණය කර තිබෙනවා.
● එහෙම නැතුව මෙය ඔබගෙ “පෙම්වතියගෙ” ඉල්ලීමට කළ නිර්මාණයක් නෙවෙයිද?
නැහැ.

● දැන් රෝහිතගෙ කල්පනාව මෙතැන සිට ගීත කලාවේ නිරත වීමටද?
ගීතය මගේ ආත්ම තෘප්තිය සඳහා වූ අංශයක් විතරයි. ජීවිතයේ එදා ඉඳලා මට තිබුණෙත් අජටාකාශගාමියකු වීමේ අරමුණයි. මේ එළැඹෙන අප්‍රේල් මාසයේදී මම මගේ උපාධිය හමාර කරනවා. අජටාකාශගාමියකු ලෙස ලෝකයට පුංචි හෝ දායකත්වයක් ලබාදීම ඒකායන අරමුණයි.
● කොහොම වුණත් ඔබට රඟපෑම සඳහාත් දිගින් දිගටම ආරාධනා ලැබෙනවා නේද?
දෙක - තුනකට ආරාධනා නම් ලැබුණු බව ඇත්ත. නමුත් දැනට මම හිතන්නෙ මගේ ආචාර්ය උපාධිය ගැන විතරයි. එය හමාර වූ පසු මට කළ හැකි හොඳ චරිත ලැබුණොත් බාර ගන්නවා.
● පසුගිය දිනවල බොහෝ දෙනා විශ්වාස කළේ ඔබ දේශපාලනයටත් ඒවි කියලයි.
නාමල් අයියා දේශපාලනය කරනවනෙ. මම හැදී වැඩුණෙ දේශපාලන පරිසරයක. ඒ නිසා මට දේශපාලනය ගැන ඇත්තටම උනන්දුවක් නැහැ. එය මට අවශ්‍ය දෙයක් කියලා හිතන්නෙ නැහැ.
● දැන් ඔබගෙ වෘත්තිය?
රගර් ක්‍රීඩාවේ යෙදෙනවා. ඊට අමතරව පරිගණක අංශයේ අභ්‍යාවකාශ පරිපථ ඉංජිනේරු අංශයේ කටයුතු කරනවා.
● අහස නැත්නම් ගුවන ගැන ඔබ විමසිලිමත්ව පර්යේෂණ කරන කෙනෙක්. එහිදී මොනවා ගැනද වැඩිපුර අවධානය තියෙන්නෙ?
මේ වන විට අභ්‍යාවකාශයේ අත්හැර දමා ඇති අජටාකාශවස්තු කොටස් බොහොමයි. පෘථිවියට එයින් ලොකු තර්ජනයක් නැතත්, අනාගතයේ අජටාකාශයට යන ගගනගාමීන්ට එය ලොකු ප්‍රශ්නයක් වේවි. ඒ වගේම අභ්‍යාවකාශයේ රඳවා ඇති ප්‍රධාන චන්ද්‍රිකාවලටත් ඒ නිසා හානි විය හැකියි. ඒවා ඉවත් කරගෙන අජටාකාශගාමියකු තම ගමනාන්තයට යන්නෙ කොහොමද කියලා මම අධ්‍යයනය කරනවා. ලොකුම තර්ජනය ඇත්තේ අජටාකාශගාමීන්ටයි.
● ඇයි ඔබ ඔබගෙ ඒ විෂයය තේමා කරගෙන ගීතයක් නොකළේ?
ආදරය අපි කාටත් පොදු දෙයක්නෙ. හැමෝම තමන් අත්දුටු පුද්ගලික අත්දැකීමකට ආසයි. එය තමුන්ට වඩා සමිප වෙනවා. ඒ නිසයි ආදරණීය තේමාවක් රැගත් ගීතයක් කළේ.
● ඒ කියන්නේ මේක ඔබගෙ පුද්ගලික අත්දැකීමක්ද?
නැහැ. නමුත් කාගෙ හෝ පුද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවනි. කොහොමටත් විරහව ආදරය කාටත් පොදු අත්දැකීමක්නෙ. ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම මීට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
● අම්මා තාත්තා මේ ගැන කොහොමද ප්‍රතිචාර දැක්වුවේ?
අපේ දක්ෂතා හැකියාවන් හැමදාම මාපියන් අගය කළා. ඒ දක්ෂතා වෙතින් යමක් කරන්න නිතර අපව ධෛර්යමත් කළා. ඒවා ඇත්තටම බොහොම සෙනෙහෙබරයි. ළබැඳියි. ආදරණීයයි.
● රෝහිත කොහොමද ඔබට ඔබ ගැන දැනෙන විදිය?
මට නම් හිතෙන විදියට සරල චරිතයක්. සඳළුතලයත්, ගොම මැටි ඇතිරූ බිමත් හුරුයි. ජීවිතයේ සැප දුක සම සිතින් විඳ දරා ගන්න පුළුවනි. මම ඒ විදියෙ කෙනෙක්.
සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් නියමු විභාගේ පාස් කරගන්න බැරිඋනාලු නේද?(කෞ)
පහන මැටි උනාට ඒක තිරයක් දාල පත්තුකලාම...එළියක් විහිදෙනවා..අපිට වටින්නේ ඒ එලිය...පහන මැටි ගොඩක් විතරක් බව කව්රුත් දන්නවා... (කෞ)
සුබ පැතුම්! (නි)
සිංහ කොඩිය ගහලා යවපු චන්ද්‍රිකාවයි, නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගෙන්වපු බාල ගල්අඟුරු නැව් කිහිපය අතරයි තිබෙන සම්බන්ධය කුමක්ද? (නි)
ඔබේ පන්තියේ සහ එම කාලයේ ඔබේ විදුහලේ සිටි අය මෙහෙ (ලන්ඩනයේ) ගොඩක් ඉන්නවා ඒ නිසා ඔය ආචාර්ය උපාධිය ගැන වැඩිය කෑ ගහන එපා. ඔයාගේ ඔලෙවලුත් අපි දන්නවා, එලේවල් එකක් ගැන අවශ්‍යම නැහැනේ නේද. (කෞ)
ඇයි රොකට් එකෙක් යන ඒවා ඉවරද එ්කේ යන්න සල්ලි හොයනවද සින්දු කියල (බ)
මෙයා චතුර අල්විස්ව ඒ දවස්වල අරලියගහ මන්දීරේට ගෙන්නාගෙන අර උඩ යැව්ව අපේම චන්ද්‍රිකාව ගැන වොයිස් කට් එකක් දෙනවා. එ්ක යුටියුබ් එකේ තියෙනවා. එකේ ඉංග්‍රීසි වචන දාන්න ගිහිල්ලා එයාගේ ඉංග්‍රීසි දැනුමත් ලෝකෙටම පෙන්නුවා. ශාන්ත තෝමස් විද්‍යාලෙද මෙයා ඇත්තටම ගියේ? (බ)
ඔය සින්දුව මැද්දට 'ආයුබෝවේවා මහරාජා' කියලා පොඩි රැප් එකකුත් දැම්මනම් නැගල යයි නිකන් කිඹුලා බනිස් වගේ. (බ)
රෝහිත ඇතුළු සහෝදරයින් අප පාසලේ ඉගෙන ගත් නිසා හොඳින් හඳුනමි. පියාට පෙර සිටම දේශපාලන බලයක් තිබුනත් ඔවුන් එය එතරම් නොසැලකු හොඳ යයි කිව හැකි ළමුන් තුන් දෙනෙකි. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද විශේෂ දක්ෂකමක් නොපෙන්වුවත් රගර් පිටියේ යාවජීව සාමාජිකයන් වුහ. පියා ජනාධිපති වීමෙන් පසු ඔවුන්ට ආශ්‍රය කරන්න ලැබුණු කපටි කෛරාටික පුද්ගලයන් මේ අයගේ ඔලු වල වංචාව රෝපණය කළා. වීරත්වය යනු නිහතමානි කම නොව බලපුලුවන්කාරකම බව කියා දුන්නා. ක්‍රීඩාවටත් ඉගෙනීමටත් අදක්ෂ ඔවුන් එම හීනමානය දුරු කරගන්න බලය ප්‍රයෝජනයට ගත්තා. දෙමාපියන්ද මේවායේ හරි වැරදි කියා දී නැති බවකුයි කල කී දෑ වලින් පෙනී යන්නේ. ශාන්ත තෝමස් මව්තුමියගෙන් අකුරු හැදෑරු මොවුන් අසන සමාජ ගැරහුම් ගැන මට ඇත්තේ පසුතැවිල්ලකි.(කෞ)
මේ මෝඩයෝ බැන්නට ගණන් ගන්න එපා පුතේ ඔය බනින ඔක්කොමගේ ජාතික ධනයම මගේ පොතේ කියල හිත හදාගන්න. (බ)
මේවා ලියන අයට රක්ෂා පොලිමේ ඉදලා ජීවිතේ එපා වෙලා වගේ. වගා වැඩක් හෝ ඉක්මනින් පටන් ගන්න මොලේ තවත් පැටලී සහගත වෙන්න ඉස්සර !(අ)
අනික් පුතාල දෙන්නත් මේවගේ උනා නම්... (ර)
මොනවා වුණත් රෝහිත කඩවසම් (නි)
ගුවන් නියමු විභාගේ ෆේල් විතරක් නෙවෙයි ෆේල් කරපු ඒ අවංක නිලධාරියා තාමත් ගෙදර. (හිටපු සිවිල් ගුවන්සේවා පාලක ) (බ)
ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවද? (නි)
ඔන්න ඔය විදියට තමයි ගායකයෙක් වෙන්න තියෙන්නේ. මම 1995දී වාදකයෙක් පමණක් වුණා. (ගායනය නැතුව) අවුරුදු ගානක් සංගීතය කරන අපි නොදන්න කටහඬවල්! (නි)
මිනිස්සු කොතරන් bරිසියද කියල කමෙන්ට් බැලුවම හිතෙනවා. (කෞ)
දැන් සින්දු වලට. රොකට් ඉවරයි වගේ (නි)
මිලාන් පිටිගලට මම අකමැති නමුත් ඔහු ඉහත දක්වා ඇති වචන නම් රසවත්. (නි)
දිගු ගමනකට වාසනා! (නි)
හරි හරි.... මංමුලා වෙලා තමයි ඔහොම උනේ..... (ර)
මිලාන් පිටිගල, ඔයාගේ ගැළපීම නම් නියමයි. (නි)
මෙයත් එයාලා වගේ තමා මොකද නරකද?(හේ)
මේවා ඇත්ත කියලනම් හිතන්න අමාරුයි... සමහර විට පවුලම මෙයාගේ කරෙන් ගොඩයන්න හදනවද කොහෙද මේ අහිංසක පාට් දාල. (බ)
මිලාන් පිටිගලට ඔහුගේ වාග් විලාශයට බනින්න කියලා දෙයක් ලියන්න හිතුනත් ඉහත ලියලා තිබෙන දේ දැක්කහම හිනා වෙලා ලියනන් ගිය අත පණ නැතිවුණා. (නි)
නොසෙළි ඉදිරියට යන්න . (හේ)
මේ අයියා මලෝ කට්ටියගේ වැඩ දැක්කහම මට 'මුන්නාබායි' හින්දි චිත්‍රපටය මතක් වෙනවා. (නි)
තවත් ගායකයෙක් කරලියට (හේ)
මොකක්ද මේ ආචාර්ය උපාධියක් ගැන කියන්නේ..? (හේ)
ඔබට ජයම වේවා! ඔබේ හිනාව හරිම පියකරුයි (නි)
ඔබට හදවතින්ම සුබ පතනවා! (නි)
හරිම කඩවසම්. (නි)