බිරිය හා අත දරුවා වළ දැමීමට ගෙයි මැද වළක් කැපු බව කියන මිල්ලනිය බැල්ලන්තුඩාවේ බී ජී රවින්ද්‍ර පෙරේරා (42) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බණ්ඩාරගම සංචාරක උසාවියේ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා නියෝග කළේය.
සැකකරුට හරියට රැකියාවක් ද නැත.
ඔහු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට ඉදිරිපත් කැර වාර්තාවක් සපයන ලෙසද මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ඔළුව හොඳ නැතිව ඇති (අ)
මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ? (නි)
නිලූ විදානගේ කියන කතාව හරි මානසික රෝගයක් තියෙනවා සිකුරුයි (දී)
ඇත්තටම මානසික රෝගියෙක් වෙන්න බැරිද.?කෙනෙක්ගේ හිතට තරහක් අවම එක ටික වෙලාවකින් නැතිව යනවා.එත් මේ මනුස්සයා දවස් ගානක් මේ වල කැපුවලුනේ බිරිද එපා කියද්දී.මේ දේ අනුමත කරනවා නෙමේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආර්ථික වගේම මානසික පීඩනයෙන් ජීවත් වෙන්නේ.ජීවත් වෙන්න කරන සටනෙන් හෙම්බත් වෙලා වගේම මනස ප්‍රශ්න වලින් පිරිලා.අපි මොනා කිව්වත් ඒ අය බැරිම තැන සියදිවි නසා ගැනීම,මේවගේ කෘර දේ කරන්න පෙළබිම නතර කල නොහැකියි. (දී)
සමහර විට තවම ඔය පුද්ගලයා දන්නේ නැතිව ඇති මිනිහව අත්අඩංගුවට ගත්ත එකට ඔය වල සම්බන්ධයි කියල. අනික රටේ ඉන්නේ ගැනු අන්තිම අහිංසකයි නේ. අර ටික කාලෙකට කලින් ළමයි ගඟට විසිකළ "අම්ම" ගැනියෙක් නොවේ. තමන්ගේ කුසින් වදපු කිරිකැටියව බෙල්ල මිරිකලා මරණ "අම්මලා" එකතු කරලා අර මනුස්සයා කපපු වලේ දැම්මොත් ???? (දී)
ඕක "බොරු සෙල්ලම් වළක්" වෙන්න බැරිද, බොරුවට කපපු? (නි)
කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
කරුණාකර ඔහුගේ පින්තුරයක් දමන්න අපටත් බලන්න.ඔහුව දොස්තර කෙනෙකුට පෙන්වන්න සැළැස්වීම ඉතා හොඳයි වගෙයි (නි)
දැන් ඉතින් මානසික ලෙඩක් තියනවා කියලා නිදහස් වේවිද දන්නෙ නැහැ. ඕකනේ බොහෝ විට සිද්ධ වෙන්නේ. ඕනෑම අපරාධයක් කරලා එහෙමත් නැත්නම් කරන්න ගිහින් අහුවුණාම විශාදය කියලා හරි නිදහස් වෙන්න පහසුකම් තිබෙනවා. (නි)
අැත්ත තමයි මානගේ තමුන්ගේ ගේ අැතුෙල් සෙල්ලමි වළක් කපන්න තමුන්ට අයිතියක් නැද්ද (දී)
මරණ දඩුවම දෙන්න ඕනේ (දී)
මේ මිනිහ එයාගේ නෝනට ආදරය කරන්න පටන් ගත් මුල් දවසේ මොනවා කියන්න එඇද්ද . එත් ටික කලෙකින්ග් මිනිහ කරන්න ගිය වේදේ බලන්න . මනුස්සයෝ වෙල් ඉපදිලා සත්තු වගේ හැසිරෙන මිනිස්සු, (දී)
ළමයයි බිරිදයි වල දාන්න ගේ ඇතුලේ සෙල්ලම් වලවල් කපන අය තව ඉන්න බව දැනගත්තේ අදයි. (දී)
ඇත්තටම මානසික ප්‍රශ්නයක් ඇති නේද එයට, පව් අර පැටියා (දී)
ශාන්ති, කොහොමත් අපේ ලංකාවේ ඉන්න ගොඩක් පිරිමින්ට මේ ලෙඩේ තියනවා.කන්න බොන්න හම්බ කරලා දෙන්නෙත් දරුවෝ ගැන බලන්නෙත් පවුල් බරෙන් හතරෙන් තුනක්ම අදින්නෙත් කාන්තාව. එත් පාරේ යන මිනිහෙක් නිකන් හැරිලා බැලුවත් පිරිමි ක්‍රියා කරන්නේ සත්තු වගේ. හැමෝම නොවේ. (දී)
මේක දැන් ධර්මද්වීපයක් නෙමෙයි (දී)
තමන්ගේ ලෙයින් හදපු දරුවා වලලන්න තමයි මේ මිනිහා වල කැපුවේ (දී)
මම හිතන්නේ මේ මනුස්සයාව ඩේ කෙයාර් එකකට බාර දුන්නා නම් හරි මොකද මේ කරන වැඩ වල හැටියට මෙයා පොඩි බබෙක් නේ (දී)
ඉසුරන්දි කියන දේට මමත් එකඟයි ඒක තමයි ඇත්ත (දී)
මිනිස්සු නිකම්ම තමන්ගේ බිරිඳව ගේ මැද වලක් කපල වල දාන්නේ හිතන්නෙ නෑ. අන්තිම නරුමයෙකුට වුණත් මේ තරම් දෙයක් කරන්න හේතුවක් ඕනි. හරියට අර ළමයි දෙන්න ගඟට විසි කළ මිනිහ වගේ.හැම දේකම දෙපැත්තක් තියෙනවා. (ස)
මේක මානසික ලෙඩක් වෙන්න ඕනේ. නැතිනම් විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් විය හැකියි. මොකද මොහුත් මොහුගේ තොන්ඩුව ලෑස්ති කරලා තමයි තිබිල තියෙන්නේ, සිය දිවි හානි කරගන්න. (ස)
උසාවියේ දී මට මුකුත් මතක නැහැ කියාවිද මන්දා. (ස)
මේ පින්තූරයේ පාරේ අනෙක් පැත්තේ සමගියෙන් යන ජෝඩුව දුටුවද? (ස)
මේ මිනිසා මානසික රෝගියකින් පෙළෙනවා ඇති. බිරිඳ බොහොම ධෛර්ය සම්පන්න සහ ඉවසීම ප්‍රගුණ කළ තැනැත්තියක් විය යුතුයි. තමන්ව සහ දරුවාව මරා වලලන්ට තමන් ඉදිරියේම වලක් කපනවා දැක දැක පිට අයගේ ආරක්ෂාවක් නැතුව එක වහලක් යට තනිව මේ අන්තරායකාරී තත්වය තුළත් නිරුප්‍රදිතව හිටපු එක ලොකු දෙයක්. (ස)
ඒ මනුස්සයාව සාදාරන කරලා අදහස් දාන අයවයි මානසික රෝහලට අරින්න ඕන . (දී)
මොහුට දඬුවම වශයෙන් ඔහු කැපූ වලේ කාලයක් ඉන්න දුන්නානම්. කල වරද වැටහෙනවා (දී)
වැරදි කරුවනට දෙන දඩුවම් ප්‍රමාණවත් මදි .. (දී)
කුමාරි ඔබ හරි. සිංහල බෞද්ධ රටක් වෙලත් ඇයි මෙහෙම දේවල් අපිට අහන්න ලබන්නේ? (දී)
දයා අලහකෝන්, ඔයාට වැරදිලා. පාරේ අනිත් පැත්තෙන් යන්නේ ජෝඩුවක් නාෙවෙයි අම්මයි පුතයි. හිහ් හිහ්..... (ස)
මට හිතෙන විදියට මේක බිරිදව බයකරන්න කරපු දෙයක්.නැත්තනම් වටේ නිවෙස් වල අයට පේන්න මේක කරයිද (දී)
මේ සියලුම සිදුවීම් වලට මුල දුප්පත් කමයි. මේ දුප්පත්කම දුරලන්න්න සියලුම වගකිව යුත්තන්ගේ දෙඇස් ඇරේවා. (ස)
මානගේ, ඔබ හරි බොරු පිස්තොලේ වගේ බොරු වැලක් වෙන්න ඇති. (ස)
මේකෙ පසුබිම සොයා බැලිය යුතුයි. (ස)
මොහුට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
පොලිසිය නියමයි. වල කපපු මිනිහා නම් ඇල්ලුවා...විශිෂ්ඨයි.. (දී)
ඕනෑම කෙනෙක් අපරාදයක් කරන්නේ මොකක් හරි මානසික ආබාධයක් තියෙන නිසා තමයි. එහෙම නම් හැම අපරාද කරන කෙනාම මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නන්න ඕනේ. එහෙම පෙන්නලා මානසික රෝගියෙක් කියල මානසික රෝහලකට ගිහින් දාන්න ඕනේ. හිර ගෙවල් අවශ්‍ය නැහැ. රෝහල් ටිකක් ලොකු කරනම් හරි. (දී)
ගස් බැඳ ගැසිය යුතුය. (දී)
රැකියාවක් නැති නිසා කාගෙත් අවදානය යොමුවීමට කරපු වගේ (දී)
දැන් මේ මනුස්සය වල කපපු එක නොයෙක් හේතු ගෙනත් සාධාරණීකරණය කරන්න ගියොත් වෙන්නේ, තවත් උදවියට දිරි ගැන්වීමක් . මතකනේ අර දිවි නසා ගත්ත ෆේස් බුක් සිසු දැරිය.. ඇගේ දිවි නසා ගැනීම ඉතාම සාධාරණ බව පෙන්නලා අන්තිමේ දිවි නසා ගැනීම් වැලක් ආවා. (දී)
කුමාරි සොයුරිය ඔයාගේ කටේ මසුරන් දමන්න ඕන .! කතාව නම් 100% නිවැරදියි ..! (ස)
මිනිසුනේ ..! අපි කුඩා කාලේ අපේ දෙමාපියෝ අපි දරුවෝ පස්දෙනෙක් හැදුවේ රැකියාවල් කරලද ..? උදේ ඉදන් රෑ වෙනකම් කුඹුරු කෙටුවා. ඉඩමේ අස්සක් මුල්ලක් නෑර හැමදේම වගා කළා. ඒවට දරුවෝ අපිත් කුඩා අවධියේ ඉදම්ම හරි හරියට වැඩ කළ. අපේ පවුලේ මෙන් ගමේ මිනිසුන්ගේත් කුසගිනි නිව්වා. අපේ දෙමාපියන්ගේ, අපේ දහදිය මහන්සියෙන් ඉපයූ ..එළවලු පලා කොලෙන් ,,? ඒ කාලේ දෙමාපියෝ ගේ ඇතුලේ වලවල් කැපුවේ නැහැ දරු පවුල වල දමන්න රැකියාවක් නැහැ කියල ..? මෝඩ මිනිසුනේ රැකගනියව් තමන්ගේ දරුපවුල ..? එච්චරයි මේ මිහිපිට ඇති එකම සම්පත ..? (ස)
ගඟේ ළමයින් විසි කිරීම, වලක් හාරා ළමයින් වැලලීම, ළමයින් ඉපදුනු ගමන් මරා දැමීම, මොකක්ද වෙන්නේ මේ අපේ රටට. (ස)
රටක භාෂාව, ආගම අපරාධ වලට බලපාන්නේ නැහැ.මිනිසුන්ගේ සිතුම් පැතුම් (මානසික තත්වය ) තමයි බලපාන්නේ (නි)
ජීවිතාවබෝධය ලබාගන්න හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි. තමා ලබන්නට විඳින්නට අකැමති කිසිදු දෙයක් අන් අයට නොකළ යුතු බවට තමන්ම පසක් කර ගතයුතුයි.ඒ වගේම තමාට තම ජීවිතය වටින්නේ නැහැ කියලා සිතුවත් එම ජීවිතය අහිමිවීමෙන් දුකට පත්වන අසරණ වන අය ඉන්න බව මෙනෙහි විය යුතුයි. කොපමන අගහිඟකම්, දුක් කම්කටොලු තිබුණත් යථාර්තය මෙනෙහි කරන්න. විවිධ ආගමික ශාස්තෘවරුන් දේශනා කර ඇති දේ හිතට ගන්න.තමන්ට වඩා පිස්සන්,වැරදිකරුවන්,අසරණයන් ලෝකයේ ජීවත්වෙලා ඉන්න බවත් තේරුම් ගන්න.තම මතය වැරදි බවද තේරුම් ගන්න. (නි)
ආරංචියේ හැටියට මිනිහා කියලා තියෙන්නේ එයාට සියදිවි නසා ගන්නයි මේ වළ කැපුවේ කියලාලු. බිරිඳට සහ දරුවට එම වළ උඩින් යන්න කියලත් උපදෙස් දුන්නලු. ඉතින් එහෙම නම් දැන් කරන්න තියෙන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන එකයි. ඉතා පහසුයි. (නි)