බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපළ ඉවුරේ පවත්වාගෙන ගිය මහා පරිමානයේ කසිප්පු තිප්පොළක් වටලා එහි සිටි පුද්ගලයකු හා රුපියල් ලක්ෂ තුනක් වටිනා උපකරණ අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම දූෂණ මර්ධන ඒකකය කියයි.
.jpg)
බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපළ ඉවුරේ පවත්වාගෙන ගිය මහා පරිමානයේ කසිප්පු තිප්පොළක් වටලා එහි සිටි පුද්ගලයකු හා රුපියල් ලක්ෂ තුනක් වටිනා උපකරණ අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම දූෂණ මර්ධන ඒකකය කියයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මොනවා කලත් වැඩක් නැහැ දාල තියෙන ප්‍රතිචාර පේනවනේ. කුඩුත් අල්ලන්නේ. අල්ලපු එක අගේ කරන්නේ නැති එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.(නදී)
මෙන්න අපේ ජීවය (නි)
කුඩු අල්ලනවා ඉවරයක් නැහැ කිලෝ ගණන් අතන කිලෝ ගණන් මෙතන. ග්‍රැම් 2 ක් ළඟ තියාගෙන හිටි එකෙකුට මරණ දඬුවම දුන්නා කියලත් මම දැක්කා පත්තරේක තියෙනවා. එහෙත් කිලෝ ගණන් අහු වෙච්ච ඒවාට මොකද වුණේ කියලා නම් කොහෙවත් දැක්කේ නැහැ.ගෙනා අයට ළඟ තබා ගෙනා හිටි අයට දීපු දඬුවම් .අනේ මන්දා මම දැක්කේ නැතුවා වත්ද? (නි)
වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙන්න ඕන. (ස)
අනේ රූපවති, ඔයාගේ ඔය ලාමක අදහස් දැමිල්ල පැත්තක තියලා නරකද ඉස්කෝලේ පාඩම් වැඩ ගෙන බැලුවා නම්? (නි)
ඕක පිටුපස්සේත් ප්‍රාදේශිය දෙසපාලකයෙක් නැත්නම් පුදුමයක්. (අ)
ගං ඉවුරෙන්ද ගෙන්නන්නේ, කවුද උදව් කරන්නේ . (ස)
මෙන්න දේශීය නීෂ්පාදන... (නි)
මෙම නිලධාරීන්ට සේවය අගය කිරීමක් කල යුතුය. වැරදි අයට දඬුවම් දෙන ගමන් හොඳ අයට තෑගී දීම උසස් බවේ ලක්ෂණයක්. (අ)
අපි පාරවල් වහගෙන උද්ගෝෂණය කරමුද, පොලීසියට විරුද්ධව. (නි)
ඕක ග්‍රාමීය කර්මාන්තයක්. දැන් මේක නැතුව ඔය පුද්ගලයන් ජීවත් වන්නේ කොහොමද ? (නි)
මම මුලින් හිතුවේ කසිප්පු උල්පතක් ගගේ මතු වෙලා කියලා (නි)
මේක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. කුඩු කිලෝ ගණන් ගෙනෙන ලොකු මිනිස්සුන්ට කිට්ටු කරන්න බලන්න පළමුවෙන්ම. (නි)
ඕකටත් පළාත් සබා මන්ත්‍රී කෙනෙක් හවුල්ද දන්නේ නැහැ (නි)
දේශීය කර්මාන්ත වලට අපි අතදිය යුතුයි නේද? (නි)
පොලිසියටත් ඉදලා ඉදලා ලොකු ඒවත් අල්ලනවා නේද? (නි)
පිටිගල, එක එක දෙවියන්ගේ හැටියට කියනවනේ විමානේ? මේ ගොල්ල මේ මට්ටමේ ඒවා අල්ලනවා ඇති. ඒකට වරදක් කියන්න බැහැනේ. ඒක හොඳයි. කුඩු කිලෝ ගණන් අහුවුනාම වෙනදේ ඔබ අහල නෑ කිව්වා? එක වතාවක් කුඩු කිලෝ ගානක් අහුවෙලා අන්තිමට ඒවා කුරක්කන් පිටි බවට පත්වුණ බව අහල තියෙනවද? දැන් තේරෙනවා නේද, කුරක්කන් පිටිවලින් රොටී පුච්චන්න ආපහු අයිතිකාරන්ට දෙනවා ඇති. (නදී)
රතු පස් වලටත් මේවගෙ උනන්දු වෙලා විසදුමක් මුලින් දුන්නා නම් නේද වටින්නෙ. වැඩේ හොදයි. ඒත් ප්‍රසිද්ධිය ටිකක් වැඩියි වගෙ. (නි)
හරි අමාරුවෙන් මේක කාලයක් තිස්සෙ කරගෙන එන්න ඇත්තේ. මෙච්චර කුඩුකාරයො ඉන්දැද්දි ඇයි මේවගෙ දේවල් විතරක් අල්ලන්නෙ.අන්තිම අසාධාරනයි (නි)
කස්ටෙර්මස්ලට පිස්සු හැදිලා ඇති.(නදී)
පිට රටින් ස්ප්‍රීතු කන්ටේනර් ගණන් ගෙන්වන කොට අල්ලන්න කව්රුවත් නැහැ. නමුත් ගමක කෙනෙක් බැරල් එකක් පෙරුවොත් එක ලොකු වරදක්, පුදුම ආස්චර්යක් මේක.(නදී)