ආණ්ඩුව රාජ්‍ය ආයතන 35 ක් විකිණීමට විරුද්ධව රජයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (17) කොළඹ කොටුව ලෝක වෙළඳ මධස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පවරන ලෙසත් හම්බන්තොට වාරයේ ඉදිකොට ඇති තෙල් පහසුකම් අංශය ලංකාවට ලබාදෙන ලෙසත් හා රාජ්‍ය මැදිහත්වීමෙන් තෙල් පිරිපහදුව නවීකරණය කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් ඔවුහු ඉදිරිපත් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2002 දී අයිඕසී එකට විකුණුවේ නැත්තම් රටට පෙට්‍රෝලියම් එකෙන් කොච්චර අාදායම් ලැබෙනවද? අනික තමා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, කාබුල් ලංකා එකත්, සෙවනගල සීනි වගේ දේවල් එදා විකුණුවේ නැත්තම් රටට කොච්චර අාදායම් ගන්න තිබුනද? පස්සේ කාලේ ඒවත් අමාරුවෙන් තමා බේරාගත්තේ (නි)
රජයට බදා කරන්නේ නැතිව යහපාලනයට මෛත්‍රී කරන්න. (ර)
එකක් ඉවරවෙනකොට තව එකක්. (ර)
ඉස්සරහින්ම ඉන්න කෙනා බලන්නකෝ. (ර)
දුර්වල පාලකයන් පත්කර ගැනීමේ ප්‍රතිපල. (ර)
රාජ්‍ය ප්‍රතිපත්ති සකස්වියයුත්තේ වෘත්තීය සමිතිවල අවෂතාවයට නොව රටේ මහජනතාවට සෙතක් වන පරිදිය. (ර)
ගම්ඇති, වෘත්තීය සමිති ඉල්ලනෙත් රටේ මජනතාවගේ අවශ්‍යතාවයන් තමා. (ර)
අර දත්ටික විතරක් පේන කෙනා දැක්කම හිතාගන්න පුළුවන් මොකක්ද මේ උද්ඝෝෂණේ කියල. (බ)
රට විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කරන එක නම් හොඳ දෙයක්. එ්ත් එක දෙයක් කියන්න ඕන. මේවට මුවා වෙලා බලය ලබාගෙන මහජන මුදල් තමුන්ගේ සාක්කුවට දාගන්න පිරිසකුත් ඉන්නවා. එයට හොඳම උදාහරණය පසුගිය යුද ජයග්‍රහණය නිසා ලැබුණු මහජන ප්‍රසාදය අයුතු ලෙස ප්‍රයෝජන ගනිමින් මහජන මුදල් ගසාකෑම. ඒ කට්ටියට නිසි යුතුකම් ඉටුකිරීම ඡන්ද දායකයන්ට බාරයි (බ)
මේවා සැබෑ උද්ඝෝෂණ නෙමේ. ඉන්න කට්ටියගෙන්ම පේනවනේ. අව්වට වැස්සට මෙකි නොකී හැමදේටම උද්ඝෝෂණ කරන්න ගියොත් රට එක තැනම තමා (හේ)
රටේ දේපල විකුණන එක නිවැරදියි කියන පුරවසියොත් මේ රටේ ඉන්න එක හරි කණගාටුයි. එයාලට දරුමල්ලෝ නැතුව ඇති (නි)
අනේ කල්ප ඔබ දන්න අයුතු ප්‍රයෝජන නිකන් හිටපන් (බ)
රජයේ දේපොළ විකිණීම වැරදියි. නමුත් එක පිරිසක් දුක් විදිමින් වැඩ කරද්දී තව පිරිසක් නිකන් ඉදන් පඩි ගන්න එකත් වැරදියි. අකාර්යක්ෂම රජයේ ආයතන නවත්තු වෙන්නේ පිටරට දුක් විදලා සල්ලි හොයන මිනිසුස්න්ගෙන්. (බ)
තව ඉස්සරහට යහපාලනේ විරෝධතා බලාගත්ත හැකි... (අ)
බලන්නකෝ සමහරු විරිත්තගෙන ඉන්න අපුරුව... බලයට තියන විලිලැජ්ජා නැති උත්සාහය..! මොවුන්ගේ බලලෝබිකම නැති වෙන්නේ නැත්තේ විඳින ආශාවන් තුළ ඇති රසයට ගිජුවීම. බලනකොට ඔක්කොම එක වගේ. (නි)
මෙතන ඉන්න ගොඩක් කට්ටිය ගිය රජයේ දේශපාලන පත්වීම් ගත් අය. තමුන්ගේ පැවැත්ම තමා වැදගත් (නි)
කොහොමද සමහරුන්ගේ හිනාවේ ලස්සන (නි)