(මහින්ද නිශ්ශංක)
විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යාංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ඊයේ(30) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ ඩීසල් හා දැවිතෙල් නොදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(01) දහවල් අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගරික මනු ජයවර්ධන මහතා පැවසීය.
මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ සංස්ථා වෘත්තීය සමිති අද(01) කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බව ජයවර්ධන මහතා කීය.
කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩාව දක්වා අලුතින් යොදන නළ පද්ධතියේ මීටර් 140 කොටස යෙදීමට අමාත්‍ය රවී කරුණානායක මහතා බාධා කිරීමට විරෝධය දක්වා තෙල් සැපයීම නතර කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී ගිය තැන ප්‍රශ්න
මේකෙනුත් කොමිස් ගන්නද කොහෙද හදන්නේ. අනවසර ඉදිකිරීම් වලට සතපහක් දෙන්න එපා. අර දන්නේ නැතිව ගිහිල්ලා බුදියගත්ත ඉහලම මාලයේ ඇති උපගෘහ වලට ඔය අනවසර ඉදිකිරීම් වල ඉන්න අයව පදිංචියට එක්ක යන්න කියන්න. නළ මාර්ගයට අයත් දේපල වල ඉන්න සියලුම පදිංචි කරුවන් වහාම ඉවත් කරන්න. ඡන්දය ඕනේනම් අතින් වියදම් කරලා ඉඩම් අරගෙන ගෙවල් හදලා දෙන්න කියන්න.