
(ගයාන් සූරිය ආරච්චි,පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශ රටක සැගවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් නැමැත්තන්ගේ ගෝලයකු රුපියල් කෝටි 185 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 ක් සහ ග්‍රෑම් 838 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු නිට්ටඹුව ප්රදේශයේපදිංචි 45 හැවිදිදි පුද්ගලයෙකි .
දැනට බන්ධනාගාරව සිටින දිළිඳු සංජීව නහොත් ලේ නා මැත්තාගේ උපදෙස් පරිදි ජාවාරම්ම සිදු කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු එම මත්ද්‍රව්‍ය බෑග් 4 බහා සූක්ෂ්ම ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd