(රංජිත් රාජපක්ෂ)            

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (24) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත්  අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැළකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කළමනාකරණ ඒකකයේ ඉල්ලා සිටී.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.