
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොච්චර ජව්සන් නැටුවත් රට ඉදිරියට ගෙනයාම නතර කිරීමට විපක්ෂයට හැකියාවක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාස භංගය විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය දක්වමින් විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඇරැඹූ විරෝධය අතරතුර නැගී සිටි නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
"අධිකරණයේ විභාග වෙන දේවල් විශ්වාස භංගයට දාන්න එපා කියලා විතරයි අපි කිව්වේ.කලින් විශ්වාස භංග අධ්‍යයනය කරලා බලන්න.විශ්වාස භංග හදාගන්න හරි හමන් නීතීඥයෙක් අරගෙන නෑ.හරි නීති උපදෙස් අරගෙන හැදුවා නම් විශ්වාස භංගයට මෙහෙම වෙන්නේ නෑ යනුවෙන්ද නලින්ද ජයතිස්ස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලා තරම් හොදට ජව්සන් නටන්න දැන් ඉන්න විපක්ෂය දන්නේ නැහැ