(ටී.කේ.ජී.කපිල)
කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ ජීව උණඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (21) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.
ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ( Scan Test) , ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා , සගවා ගෙන සිටි ටී.- 56 තුවක්කු සදහා භාවිතා කරන මෙම ජීව උණඩය අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, පොලීස් නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන ඇති අතර තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී , මෙම ජීව උණඩය තමන්ට ලැබුණ බව පොලීසිය හමුවේ මෙම ගුවන් මගියා සඳහන් කර ඇත.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102314 වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.
මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ ජීව උණඩය අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කුවේට් සිට පැමිණි ඉන්දියානුවා ජීව උණඩයක් සමග අත් අඩංගුවට