(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට බන්ධනාගාරය තුලද 07දා අලුයම වනවිට නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වු බව පොලීසිය පැවසුවේය.

රැදිවියන් පිරිසක් ඔවුන් රදවා සිටින වාට්ටුවක් වසා දැමිමට ඉඩ නොදි එළියේ සිටිමින් මෙම කළහකාරී වාතාවරණය ආරම්භ කළ බවට තොරතුරු ලැබි ඇති බව ද පොලිසිය කීවේය.

බන්ධනාගාර පරිශ්‍රයට කදුලු ගෑස් කණ්ඩායම් ද, සෙසු පොලිස් කණ්ඩායම් ද ඇතුලුවි තත්තවය මැඩ පැවැත්විමට කටයුතු කරන බවද පොලිසිය කීවේය.

රත්නපුර මහ නගර සභාවේ ගිණි නිවන ඒකකයේ වාහන පෙරවරු 07.30 පමණ වනවිට බන්ධනාගාරයට ළගාවිය.

බන්ධනාගාරය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ යුදහමුදාව කැදවා ආරක්ෂාව යොදවා ඇත.

කුරුවිට බන්ධනාගරය පිහිටා ඇත්තේ නගරයෙන් කිලෝමිටර් හතරක් පමණ දුරින් වලදුර ප්‍රදේශයේය. වළදුර ප්‍රදේශයට ඇතුලුවන මාර්ග සියල්ලම මේ වනවිට වසා දමා ඇත. බාහිර කිසිදු වාහනයකට එහි ඇතුලුවීම තාවකාලිකව තහනම් කර තිබේ.

අසල්වැසියන් පැවසුවේ බන්ධානාගාරය ඇතුලෙන දෙසින් ඇසුන වෙඩි හඩ සහ නැගුන දුම කදුලුගෑස් ප්‍රහාර විය හැකි බවයි. බන්ධනාගාරය දෙස සිට ගිලන් රථ කිහිපහක් වලදුර මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පැමිණි බවද අසල්වැසියන් කීවේය.

සිද්ධියෙන් තුවාල ලැබූවන් ගැන නිවැරදි තොරතුරු ලබාගැනීම අපහසු වී ඇත. දෙදෙනෙකු මියගොස් ඇතැයි තොරතුරක් පැතිරය යන නමුත් එය සනාථ කර ගැනිමට නොහැකි විය.