(අමදෝරු අමරජීව)
කුරුංජාන්කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් භූමියක අයිතිය සම්බන්ධයෙන් කිරි ගොවීන් හා වී ගොවීන් අතර කලක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස කිරි ගොවීන් සතු මී දෙනුන් විසි දෙකකට තියුණු ආයුධවලින් ඇන හා පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මී ගව පට්ටිකරුවන් තිදෙනකු කළ පැමිණිලි අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බව කින්නියා පොලිසිය කියයි.
මී ගව පට්ටි හිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සදහන් වන්ෙන් මෙම භූමිය තෘණ වගාව සඳහා වෙන් කර ඇති බවයි.
ඒම භූමියේ කලක සිට ගොවීන් පිරිසක් වී වගාව කරගෙන යන අතර භූමියේ අයිතිය සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක අතර පවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස තම මී දෙනුන්ට තියුණු ආයුධවලින් පහර දී තුවාල කර ඇති බව මී ගව පට්ටිහිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසියට පැමිණිල්ලක් කළ කින්නියා ආලින් නගර්හි අහමදු ලෙබ්බේ හමිදු (59) නැමැති අය තමන්ගේ පට්ටියේ මී ගවයන් පස්දෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා තුවාල කර ඇති බවට පැමිණිලි කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිරි - වී ගොවි හබේකට ගවයන් 22 ක් කපලා