
(අංජුල මහික වීරරත්න)
පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්රජාතන්ත්රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ‘Vision’ අධ්‍යාපනික වැඩසටහනට කෑගලු බාලිකා විද්‍යාලයේ සිසුවියෝ සහභාගී වූහ.
‘Vision’ අධ්‍යාපනික වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, සහ අරලිය ගහ මන්දිරය නැරඹීමට එම සිසුවියන්ට අවස්ථාව උදා විය.
අනාගත නායකයන් බිහි කිරීම, අනාගත නායකත්වයට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප දියුණු කිරීමේ අභිලාෂයන් පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා විසින් සිදුකරන ලදී.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල , කෑගලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එච්. ඒ. ටී. ඩී.කේ. ජයරත්න මහත්ම මහත්මීහු සහ ආචාර්ය මණ්ඩලයේ සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd