IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැබිනට් මණ්ඩලය හෙට දිවුරයි ?

(අංජුල මහික වීරරත්න)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන ඉරිදා(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇත.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා ද දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙි.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතව ඇති හෙයින් ඔවුන් කළින්ම අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

රට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (18)

කැබිනට් මණ්ඩලය හෙට දිවුරයි ?

චමින්ද Saturday, 14 May 2022 08:34 AM

රටට අනවශ්‍ය සුදු අලියෙක් වූ පළාත් සභා මුලින්ම ඇතුළත් නොකර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ලෙසට නම් කරන්න. අමාත්‍යාංශ 18 ක් නිසා සංචාරක අමාත්‍යාංශයක් වෙනම ඇතිකරන්නේ ඇයි?

:       0       66

සනත් බණ්ඩාර Saturday, 14 May 2022 11:25 PM

සංචාරක අමාත්‍යාංශයෙන් ඩොලර් එනවා. බලශක්ති අමාත්‍යාංශයෙන් ඩොලර් යනවා. විදේශ අමාත්‍යාංශයෙන් රටවල් සමඟ සම්බන්ධතාවය ගොඩනඟනවා.

:       0       3

anta Saturday, 14 May 2022 09:04 AM

පත්වෙන ඇමැති මණ්ඩලය අනුව රටේ අනාගතය තීරණය වෙයි.

:       8       62

සෙනෙවිරත්න Saturday, 14 May 2022 10:26 AM

අගමැති විතරයි වෙනස? අරගලය අවසන් කළ යුත්තේ මෙම විධායක ක්‍රමය වෙනස් කළ දාටයි. නැතහොත් තත්ත්වය සන්සුන් වූ පසු රාජපක්ෂවරු සහ මෙම ඇමැතිවරුන්ගේ හැසිරීම පරණ තත්ත්වයට පත්වනු ඇති අතර ප්‍රතිසංස්කරණය ඉල්ලූ සියල්ලන්ට වෙනත් රටකට යාමට සිදුවනු ඇත...!

:       44       20

සෙනෙවිරත්න Saturday, 14 May 2022 10:28 AM

දිනේෂ්ලත් එක්කද මේ ගමන යන්නේ? මේ වෙන දිනෙෂ් කෙනෙක්ද?

:       45       25

විපරමා Saturday, 14 May 2022 01:15 PM

අනේද කියන්නේ, කිසි වැඩකට නැති මහින්ද? ඇමතිකම් ලැබෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ.

:       18       9

දාස Saturday, 14 May 2022 10:29 AM

මොනවද මේ එකම කට්ටියනේ? මිනිස්සු මේ අය පිළිගන්නේ නෑ...

:       56       25

සලීම් Saturday, 14 May 2022 10:38 AM

පත්වෙන කැබිනට් මණ්ඩලයත් පරණ අයම තමයි. වෙනස බැඳුම්කරයා ලොක්කා වෙලා තියෙනවා. ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි...

:       39       24

Perera Saturday, 14 May 2022 11:05 AM

ඔය නම්කරලා තියෙන අයට අමතරව ඕකට මහින්දවයි, පුතණ්ඩියවයි, බැසිල්වයි, අර මිරිස් කුඩ්ඩවයි දාගන්න ‘‘සර්ව පාක්ෂික‘‘ වෙන්න.

:       49       26

Indika S. Hannadi Saturday, 14 May 2022 12:23 PM

සජිත්, අනුර කුමාර අගමැතිකම ගන්න බැරි නිසාම රනිල් අගමැති වුණා. ඇමැතිකම් එපානම් පඹයින් දාලා හරි රට ගෙනියන්න ඕනෑ නේද? තව පොඩ්ඩක් ඉවසමු. රැල්ලට නොයා...!

:       15       74

ගමේ එකාලා Saturday, 14 May 2022 01:29 PM

දූෂිත දේශපාලුවන් කවුරුවත් කැබිනට්ටුවට ඇතුළත් කර ගැනීම සුදුසු නැහැ.

:       1       37

Vineetha Saturday, 14 May 2022 01:41 PM

ප්‍රසන්න රණතුංග? වෙන කවුරුවත්ම නැද්ද? මේ පත්වීම් දෙන්නේ බැසිල්ද?

:       38       14

Nimalka Saturday, 14 May 2022 01:51 PM

නියෝජ්‍ය අගමැති වරයෙක් වහාම පත් කරන්න.

:       24       3

Milan Saturday, 14 May 2022 02:04 PM

දැන් පරණ එපා කරපු මුහුණු ටිකමද ආයේ ගේන්නේ? අම්මපා මොකක්ද මේ පිස්සුව...?

:       21       11

chandana Saturday, 14 May 2022 02:34 PM

වෙන නම් ඇත්තේම නැද්ද? මේ නම් ටික එවලා තියෙන්නේ මහින්ද කියලා හොඳටම පේනවා. ඩලස්, චන්දිම වීරක්කොඩි, සුසිල්... තව ඕනෑ තරම් උගත් අය ඉන්නවා. අපේ රටට බුදු සරණයි..!

:       0       6

ජගත් Saturday, 14 May 2022 03:28 PM

මේ ඇමැති මණ්ඩලය මේ රට හදයි කියලා කිසිම විශ්වාසයක් නැහැ.

:       5       4

මෝ Saturday, 14 May 2022 03:32 PM

රටේ ජනතාව හැමදාම රැවටෙනවා. මයිනන්, කපුටන් තමයි තවමත් ගේම ගහන්නේ. පරණ සෙට් එකම ගේනවා. මේ මජර ක්‍රමයයි ඉවත් කළ යුත්තේ.

:       10       4

Sanoj Saturday, 14 May 2022 03:48 PM

මොකක්ද මේ වෙන්න යන්නේ? තක්කඩියන් ටික ආයෙමත්...!

:       13       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 10 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 40 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 114 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 148 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 266 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 96 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site