IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි

(කුෂාන් ජයවර්ධන)

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ.

අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ.

අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කෙරිණ.

එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය.

එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශුය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය.

අදාළ කර්මාන්ත ශාලාව තුළ  නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍යවල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වටලෑම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීහු අනාවරණය කර ගත්හ.

 



අදහස් (4)

කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි

Nishantha Friday, 03 May 2024 07:26 PM

ආයතනයේ නම දැම්මත් හොඳයි...

:       2       24

Saman Friday, 03 May 2024 08:28 PM

මරදන්කඩවල තියෙන්නේ එකයි. හිමාලි එක...!

:       2       24

Nandalal DE SILVA - France Friday, 03 May 2024 10:42 PM

නිශාන්තගේ පැනට සමන් දිපු පිලිතුරෙන් සැහිමකට පත්වෙන්න පුළුවන්ද ?

:       1       11

banda Saturday, 04 May 2024 11:58 AM

නම දැම්මා නම් මහජනයා ඒ අයගේ භාණ්ඩ මිලදී ගන්නේ නෑ. දඬුවම ඒකම ඇති.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site