IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට

(යොහාන් භාසුර - අංජුල මහික වීරරත්න)

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි.

මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 



අදහස් (24)

කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට

Sena Wednesday, 13 October 2021 07:07 PM

චීන අසුචිවලින් ඕවගේ විෂබීජ ඉවත්කරලද තියෙන්නේ.

:       4       27

janahithaThursday, 14 October 2021 09:10 AM

අසුචි වලින් පිළිකා වකුගඩු රෝග හැදෙන බව මෙතෙක් සොයාගෙන නැහැ.

:       5       0

NuwanThursday, 14 October 2021 03:08 PM

ලංකාවේ අසූචි හොඳ නැහැ .චීනගේ අසූචි හොඳයි .අනේ හලෝ

:       0       6

SaliyaThursday, 14 October 2021 04:05 PM

රසායනික පොහොර වලින් පිලිකා වකුගඩු රෝග හැදෙන බව හොයාගෙනත් නෑ.

:       0       7

Nuwan Wednesday, 13 October 2021 07:19 PM

චීනගේ අසුචිද නැත්නම් ඉන්දියන් අසුචිද.?

:       4       29

Lalith M Wednesday, 13 October 2021 07:31 PM

ටොන් 20000 ලෙව කෑමට ගන්න ඇති. කාබනික පොහොර රසායනික පොහොර වගේ දාල මදි. එතකොට ලංකාව කුඹුරු විතරද වෙන්නේ.

:       0       29

ranjan Wednesday, 13 October 2021 07:34 PM

පිටරට ජරාව අපිට විකුනන්න වත්ද මේ යන්නේ.?

:       3       28

චන්දිම Thursday, 14 October 2021 12:24 AM

දැන් ඕකෙන් වෙන්නේ චීනය අපිත් එක්ක විරසක වෙන එකයි. මේ මිනිස්සුන්ට තිබුනේ ඉස්සෙල්ලා අපේ රටේ අවශ්‍ය ප්‍රමාණය කොච්චරක්ද කියලා හරියට ගණන් බලලා ඔය ඕනි කාබනික පොහොරක් අපේ රටේම හදල ක්‍රමයෙන් ඉදිරියට යන්නනේ. කොහේද ඉතින් හරිදෙයක් තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙන අය නෙමෙයිනේ ඉන්නේ.

:       0       4

අගුපිලගේ Friday, 15 October 2021 06:31 AM

ඇයි වියත්මගේ ඉන්නෙ මොළයක් නැති අයද

:       0       3

Demuni Uduwara Thursday, 14 October 2021 03:22 AM

අපි පොහොර ගෙනාවේ කොහෙන්ද කියලා ඔවුන් රටට කියන්නේ නැහැ!

:       0       6

විජේ Thursday, 14 October 2021 03:26 AM

අනේ අපොයි!!! මේවා නොදැක අපිත් මහපොලොවට කාබනික පොහොර වෙලා යනවනං...

:       0       5

Lalith M Thursday, 14 October 2021 06:58 AM

අලුත්ම විශ්ව කෝෂයක් නිර්මාණය වුණා. කාබනික රසායනික පොහොර. රාජපක්ෂ සභ මහින්දානන්ද ශබ්ද කෝෂය ඊළඟට.

:       0       10

nalin Thursday, 14 October 2021 07:04 AM

ඔය කාබනික පොහොර ගහල මොන ලෙඩ හැදේවිද දන්නෙ නෑ. අනේ මන්ද මොනා කරන්න හදනවද කියලා.

:       0       4

chami Thursday, 14 October 2021 07:07 AM

කාබනික පොටෑසියම් "ද්වි" කාබනේට්. මොන විහිළුවක්ද ........

:       0       5

ඇත්ත Thursday, 14 October 2021 09:01 AM

KCL = MOP මෙය ලංකාවට අලුත් දෙයක් නොවේ. අවුරුදු 20-30 MOP නමින් මෙරටට ආනයනය ඇත. එසේම මෙය කාබනික පොහොරකුත් නොවේ. රසායන පොහොරක්කුත් නොවේ.

:       0       5

janahitha Thursday, 14 October 2021 09:12 AM

ඔබගේ පවුලට සහ මේවා ඉල්ලන අයට, අදුරන අයට පමණක් රසායනික පොහොර ලබා දෙන්න .වගා කරන්න ,කන්න අපිට එපා .

:       0       4

janahanda Thursday, 14 October 2021 09:15 AM

මුළු ලෝකයෙන්ම ලංකාවේ ජනතාව පිළිකා වකුගඩු රෝග වලින් ඉහලින්ම ඉන්නවා .ප්‍රතිෂක්තිය වැඩි බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය .හේතුව නම් ඉතා කුඩා බිම් ප්‍රමාණයක ඔරොත්තු නොදෙන තරම් රසායනික පොහොර පසට මුසු කිරීමය

:       1       4

sihi buddi Thursday, 14 October 2021 09:18 AM

රසායනික පොහොර දාලා කාලා මැරෙමු.උන්නැහේගේ ගෙදර අයට පළමුවෙන්ම කන්න දෙන්න ඕන. ගොවියන් වන අප පවුලේ අම්මා ,සහෝදරියක්, නෑදෑ සොයුරියක් ,නැන්දා, මාමා, බාප්පා මිය ගොස් ඇත .අපි ගත්තේ, දැම්මේ 1978 සිටම යුරියා. බුදුසරණයි

:       3       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 October 2021 09:19 AM

පිටරටවල වෛරස් හා විෂබීජ වලින් පිරී පොහොර ගෙන එමෙන් මේ රටට මොන ලෙඩ රෝග බෝවේ දැයි කියන්නට බැහැ.මහා ලොකු කටවල්වල සද්දේ නම් මහා ඉහළින් .. ඒත්,කොම්පෝස්ට් පොහොර ටිකක් හදා ගන්න දැනීමක් හා හැකියාවක් නැති බවයි පෙනී යන්නේ.රටේ සෞඛ්‍ය අංශ වල කටයුතු කරන්නට පුළුවන් හමුදාව හෝ යොදවා කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට පුලුවන්නේ.කෝ එහෙම දෙයක්වත් කරන්නේ නැහැ.

:       0       4

කිරි පුතා Thursday, 14 October 2021 10:41 AM

මේකට ගොවියන් කියන අඹුඩය අඳින කළුකඩ ව්‍යාපාරිකයන් සෘජුවම වග කියන්න ඕන. අවශ්‍ය කාබනක පොහොර ටිකවත් තමන්ටම හදාගන්න බැරි මොකද ? හැම එකම දියව් ! දියව් ! කියලා රජයෙන්ම ඉල්ලන නින්දිත මානසිකත්වයයි මෙයට හේතුව. රට රටවල කුණු දැන් අපේ රටට ගේන්න වෙලා. කොච්චර සල්ලියක් යනවද.?

:       7       5

Perera Thursday, 14 October 2021 12:27 PM

කාබනික පොටෑසියම්, මේවට හිනා යන්නේ....

:       0       11

fairoos Thursday, 14 October 2021 01:29 PM

බොරු රඟපෑම් විතරයි ආණ්ඩුව හැමතැනින්ම ෆේල්

:       1       8

Nuwan Thursday, 14 October 2021 03:09 PM

කාබනික පොටෑසියම් කියලා අලුත් ජාතියක් ගෙනල්ලා තියෙන්නේ මොළ හතේ කෘෂිකාර්මේ ඇමති

:       0       8

අනාFriday, 15 October 2021 06:35 PM

අපි පාසල් පෙළ පොත් වෙනස් කරමු... කාබන් අඩංගු නොවුවද පොටෑසියම් ක්ලෝරයිඩ් ශ්‍රී ලංකාවේ දී කාබනික සංයෝගයකි. ගැහැණියෙක් පිරිමියෙක් බවට පත් කිරීම හැර අන් සැම දෙය කළ හැකි ආණ්ඩු ක්‍රමයක් සහිත රටේ කාබන් නැති කාබනික සංයෝග හමුවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 70 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 182 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 233 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 204 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 314 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 110 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site