IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැෆේ අධ්‍යක්ෂ කැලණිය පාලක සභාවට

කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලක සභාවට පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව හා විරෝධය පළ කරන බව එම විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමයේ ලේකම් එන් ජී ඒ කරුණාතිලක මහතා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලිපියක් යවමින් කියයි.

එම පත්කිරීම දේශපාලන පත්කිරීමක් බව ද කරුණාතිලක මහතා සඳහන් කරයි.

දෙසැම්බර 20 වැනි දා ට පෙර තෙන්නකෝන් මහතාගේ පත්වීම අවලංගු නොකළහොත් වෘතීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද එම ලිපියේ දැක්වේය.

කරුණාතිලක මහතාගේ ලිපියේ පිටපත් ජනපති, අගමැති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිටද යොමු කර තිබේ.

මේ ගැන කළ විමසීමක දී කීර්ති තෙන්නකෝන් මහතා කීවේ පාලක සභාවට තමා පත් කර ඇති බවයි.  තමාට එරෙහිව ලිපියක් යවා ඇතිබව නොදන්නේයැයි ද , එල්ල කර ඇති චෝදනා ගැන චෝදනා කරන උදවියගෙන්ම අසන්නැයි ඔහු කියයි.

KUTA_Keerthi_Tennakoon_Letter-(1)-1 KUTA_Keerthi_Tennakoon_Letter-(1)-2



අදහස් (0)

කැෆේ අධ්‍යක්ෂ කැලණිය පාලක සභාවට

අසංක Thursday, 03 December 2015 07:44 AM

ඔහු දක්ෂ, වංචාවට එරෙහි අවංක පුද්ගලයෙක්. ඔහු මෙවැනි තනතුරකට පත්වීමේ වරදක් නැහැ. (නි)

:       0       0

සංකල්ප Thursday, 03 December 2015 02:15 AM

තෑගි භෝග එහෙම දෙන්න එපැයි උදව් කරපු කට්ටියට. (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 03 December 2015 02:40 AM

'ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්' කිවුව වගේ ඕන කෙනෙකුට ඕන තැනකට පත් කරන්නත් පුළුවන් ඇති. (බ)

:       0       0

නන්දන Thursday, 03 December 2015 02:48 AM

පේරාදෙණියෙත් සුදුසුකම් නැති කීප දෙනෙක්ම ඉන්නවා... (ම)

:       0       0

දිලිප් Thursday, 03 December 2015 04:24 AM

තනතුරක පත්වීම් සිදු කිරීමේදී සැපිරිය යුතු මුලික සුදුසුකම් බැලිය යුතු නේද? පාඨමාලා හදාරන සිසුවෙකු වීමත්,පෙර රාජකාරිමය ධුරයක නියැලී යෙදුන යහපත් අයහපත් පුද්ගල සම්බන්ධතා හේතුවෙන් මෙම පත් කිරීම නිවැරදිද යන්න පත් කිරීමට ප්‍රථමව තීරණය කළ යුතුව තිබිණ. යහපාලනය සියල්ලන් දැන් දැන් වඩා ඕනෑකමින් බලාපොරොත්තු වෙමින් සිටින බව මේ අයටද දැන් අමතකව ඇති සැටියකි. (බ)

:       0       0

පුංචිනිලමේ Thursday, 03 December 2015 09:53 AM

මෙයා දේශපාලන ගැත්තෙක්. (බ)

:       0       0

සහන් Wednesday, 02 December 2015 08:43 PM

අපි මේවට මොනවා කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site