කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලක සභාවට පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව හා විරෝධය පළ කරන බව එම විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමයේ ලේකම් එන් ජී ඒ කරුණාතිලක මහතා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලිපියක් යවමින් කියයි.
එම පත්කිරීම දේශපාලන පත්කිරීමක් බව ද කරුණාතිලක මහතා සඳහන් කරයි.
දෙසැම්බර 20 වැනි දා ට පෙර තෙන්නකෝන් මහතාගේ පත්වීම අවලංගු නොකළහොත් වෘතීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද එම ලිපියේ දැක්වේය.
කරුණාතිලක මහතාගේ ලිපියේ පිටපත් ජනපති, අගමැති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිටද යොමු කර තිබේ.
මේ ගැන කළ විමසීමක දී කීර්ති තෙන්නකෝන් මහතා කීවේ පාලක සභාවට තමා පත් කර ඇති බවයි. තමාට එරෙහිව ලිපියක් යවා ඇතිබව නොදන්නේයැයි ද , එල්ල කර ඇති චෝදනා ගැන චෝදනා කරන උදවියගෙන්ම අසන්නැයි ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු දක්ෂ, වංචාවට එරෙහි අවංක පුද්ගලයෙක්. ඔහු මෙවැනි තනතුරකට පත්වීමේ වරදක් නැහැ. (නි)
තෑගි භෝග එහෙම දෙන්න එපැයි උදව් කරපු කට්ටියට. (බ)
'ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්' කිවුව වගේ ඕන කෙනෙකුට ඕන තැනකට පත් කරන්නත් පුළුවන් ඇති. (බ)
පේරාදෙණියෙත් සුදුසුකම් නැති කීප දෙනෙක්ම ඉන්නවා... (ම)
තනතුරක පත්වීම් සිදු කිරීමේදී සැපිරිය යුතු මුලික සුදුසුකම් බැලිය යුතු නේද? පාඨමාලා හදාරන සිසුවෙකු වීමත්,පෙර රාජකාරිමය ධුරයක නියැලී යෙදුන යහපත් අයහපත් පුද්ගල සම්බන්ධතා හේතුවෙන් මෙම පත් කිරීම නිවැරදිද යන්න පත් කිරීමට ප්‍රථමව තීරණය කළ යුතුව තිබිණ. යහපාලනය සියල්ලන් දැන් දැන් වඩා ඕනෑකමින් බලාපොරොත්තු වෙමින් සිටින බව මේ අයටද දැන් අමතකව ඇති සැටියකි. (බ)
මෙයා දේශපාලන ගැත්තෙක්. (බ)
අපි මේවට මොනවා කියන්නද? (නි)