(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

“1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමට සහ  ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන  යෝජනාව අනුමතිය සඳහා හෙට 03 අගහරුවාදා, පෙ.ව 11.30 ට ඉදිරිපත් කිරීමට නියමිතය.

නොවැම්බර් 04 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක  2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනේ.