
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා කොළඹ 12 සවුන්ඩෙන් ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද ඩිල්ශාන් නැමැති 20 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුක නමැත්තා ගේ ගෝලයකු බව පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා මිතුරන් කිහිපදෙනකු සමඟ ආහාර ගැනීම සඳහා පැමිණ හෝටලය ඉදිරිපිට රැඳී සිටියදී ඒ ආසන්නයේ නැවැත් වූ යතුරු පැදියකින් පැමිණි අයකු ගිනි අවියක් රැගෙන ඔහු වෙත දිව ඒමත් සමගම මියගිය පුද්ගලයා සහ මිතුරන් පිරිස සීසීකඩ දිව ගොස් තිබූ අතර මියගිය පුද්ගලයා හෝටය තුළට දිව ගෙන යාමේදී පසුපස හඹා පැමිණි වෙඩික්කරුවකු වෙඩි තබා පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
වෙඩි වැදී ඇත්තේ ඔහුගේ හිස ප්‍රදේශයට බව පොලීසිය සඳහන් කරයි.
-------------------------------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කෙසෙල්වත්තේ දී සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd