‘මිනිසුන් ආකර්ශනය වන්නේ වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා නොව ඔවුන්ට අවශ්‍යදේට පමණක් ’ යැයි මහවැලි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තඹුත්තේගමදී ප්‍රකාශ කළේය.
‘දැන් බලන්න අපි කොළඹ පැල්පත් කඩා තට්ටු නිවාස හදා දුන්නා.කොළඹ නගරය ලස්සන කළා.මිනිසුන් කීවා දැන් කොළඹ ලස්සනයි කියලා,එහෙත් කොළඹ මිනිසුන් අපට ඡන්දය දුන්නේ නෑ.මේ දෙවල්වලට මිනිසුන් ආකර්ශනය වන්නෙ නෑ.අප ඒ බව තේරුම්ගත යුතුයි.
ඒ මිනිසුන්ට කුණු වළේම ඉන්නට හැරිමයි.එහෙම කළා නම් අපිට තව ඡන්ද කිහිපයක් ගන්න තිබුණා.ගමේ මිනිසුන් ඊට වඩා කළ ගුණ දන්නා බව පේනවා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාගෙ කතාව හරි. වැඩක් කළේ නැත්නම් කියනවා තියන ඔක්කොම හොරකම් කළා, මෙලෝ දෙයක් කළේ නෑ කියලා. දැනෙන්න වැඩක් කළොත් කියනවා ඔව්ව කරන්නෙ යටින් ගහන්න කියලා. ආත්මාර්ථකාමි, කුහක, බොරුව ඉස් මුදුනින් පිළි ගන්න මිනිස්සුන්ට මොනව කළත් වැරදියි. නමුත් රටට වැඩක් කරන්න නම්, ඒ වගේ අය ගැන හිත හිත ඉඳල තේරුමකුත් නෑ.(නදී)
කොළඹ කියන්නේ ලංකාවේ අගනුවර, කොළඹ මිනිස්සු දන්නවා අද ජීවත් වෙන්න තිබෙන අමාරුව. කවුරු කැමති වුණත් නැතත් මහජන මතය පිළිගන්න වෙනවා. (නි)
බදුල්ලේ, හම්බන්තොට , පොළොන්නරුවේ ඉඳල කොළඹ ඇවිත් නොදන්නා ඒවා කරන්න ගියහම ඔහොම වෙනවා තමයි.(නදී)
කොළඹ මිනිස්සු හැමදේම ගන්න ඕනේ සල්ලි දිලා. මිනිස්සුන්නට ලස්සනට ඉන්න ඕනේ තමා. එත් ජිවන වියදම මිනිස්සුන්න්ට තදින් දැනෙනවා. ඒකනිසා බඩුමිල ටිකක් අඩු කරන්න වැඩ පිළිවලක් හැදුවොත් ජන්ද හම්බවෙයි ඉස්සරහට.(නදී)
සංවර්ධනයේ මුවාවෙන් ගසා කෑ යුගයට වහාම තිතක් තියන්න ඕනෑ කියලා ඡන්දය හරහා රතු එළියක් නිකුත් කළේ ඡන්දදායක ජනතාව. ඇමතිතුමා වේදනාවෙන් කතා කරන්නේ ඉදිරි දේවල් වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන (චීන ණය සීමා වීම, පොළී අනුපාතය වැඩිවීම, වෙළඳ ගෙවුම් ශේෂය ප්‍රසාරණය වීම වැනි) මඳවීම නිසා වෙන්න ඇති. දැන් සත්‍යය හැටියට වමාරන්නේ නිහතමානිබව නොවෙයි. තිත්ත වූ යථාර්තයයි. (නි)
කොළඹ මිනිස්සුන්ට තමයි මොළයක් තියෙන්නේ. ජාතිවාදීන්ට හොඳ පිළිතුරක් ලබාදුන්නා කොළඹ ජනතාව(නදී)
මෙන්න ඡන්ද දායකයින්ට කතා කරන විදිය.(නදී)
පිටබැද්දර ජයා, ඔයාගේ අදහස සීයට, දෙසීයක්ම හරි. (නදී)
සහාතික ඇත්ත. (නදී)
කොළඹ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු, මුලු රටම දිනුවත් වැඩක් නැහැ අග නගරය දිනා ගන්න බැරි නම්. අයියෝ සල්ලි! (නි)
කොළඹ පමණක් නොවෙයි මහත්තයෝ.. හම්බන්තොටත් එහෙමයි. හම්බන්තොටට වරායක් ගුවන් තොටුපොලක්, ක්‍රිකට් පිටියක් , සිනමා ගම්මානයක් මෙකි නොකී දේවල් හැදුවා උනාට ඒවායින් කාගේ කාගේත් උවමනාවන් ඉටු උනාට ජනතාවගේ උවමනාව ඉටු උනේ නැහැ මහත්තයෝ. අඩුම තරමේ ජනතාවගේ උවමනාව තේරුම් ගන්ට පුළුවන් කමක්වත් නැහැ. ඌව පළාතෙත් හොඳට ඉඩ කඩ තියෙන නිසා ගුවන් තොටුපොලකුයි ක්‍රිකට් පිට්ටනියකුයි හදන්ටකෝ. (නදී)
මහජන ඡන්දයෙන් ඇවිල්ලා, මහජන මුදලින් යැපිලා තව මහ ජනතාවගේ ස්වාධීන මතයට අගරු කිරීමක් කළොත් එය වැරදියි.හරිහමන් විකල්ප විසඳුමක් තිබුනා නම් සමහර බඩගෝස්තරවාදීන්ට උන්හිටි තැනත් හොයාගන්නවත් බැරිවෙයි.ජනතාවට ජය! (නි)
ඇමතිතුමෝ ඔහොම යමුකෝ ඉස්සරහට. ගමේ අයත් යුතුකම් පෙන්නාවි.(නදී)
ඒ මිනිස්සු දන්නවා කොළඹ ලස්සන උනාට ඒ ම්නිස්සුන්ගේ කුස නොපිරෙන බවත් ඒ මිනිසුන්ව පන්නා හෙන්චියියන්ට කොළඹ ඉඩම්ටික දෙන බවත්. ඒකයි ඡන්දෙ නොදුන්නේ.(නදී)
රටක සංවර්ධනය ගොඩනැගිලි සහ පාරවල් වලින් විතරක් මනින්න බැහැ. මිනිසුන්ගේ ආර්ථිකයත් වර්ධනය වෙන්න ඕන.අද මිනිස්සු වැඩියෙන්ම ආහාරයට ගන්නේ බදු. ඒක තමා ඇත්ත තත්වය. (ස)
සුද්දෝ ලංකාව දාල යද්දී කොළඹ උයන් තිස් දෙකක් තිබුනා. අද තියෙන්නේ විහාරමහා දේවි එකයි කැම්බල් එකයි විතරයි. ඉතිරිවා ඔක්කොම හෙන්චයියන්ට බෙදල කොලඹ නගරේ කෑවේ පක්ෂ විපක්ෂ දේසපාලුවෝ. (නදී)
පළාත් සභාවට අලුතින් එක් වුණා හිරුනිකා මෙනවිය ඊයේ රාත්‍රියේ රුපවාහිනී වැඩසටහනකදී කොළඹ මිනිස්සුන්ගේ නිවැරදි අවශ්‍යතාවය තේරුම් අරන් හොඳ ප්‍රකාශයක් කළා. එම විදියට හැමෝම හිතල වැඩ කළොත් රටට සුභ අනාගතයක් වේවි. (ස)
කිරි අප්පට බල්ලෝ පැනපි. ඇත්තට ඕවගේ ගණන් හිලවු එහෙම කොහොමද. හොඳටම සුවර්ද පැරදුනේ ගණන් හිලවු වල ප්‍රස්නයක් නිසා නොවේ කියලා. (නදී)
ඇමති තුමෝ ගමේ මිනිස්සුත් ටික ටික ලොක්කන්ගේ වැඩ ගැන තේරුම් ගනිමින් ඉන්නවා. තව වැඩි දුරක් නෑ. ඇයි අර ආපු සමහර ව්‍යාපාරිකයින් රට දාල යන්නේ? (නදී)
සියල්ලම එක පැත්තක් නියෝජනය කරන බව පේනවා.(නදී)
මෙතන කොලඹ මිනිස්සු කියන්නේ එජාප දිනපු ආසන වල ඉන්න දෙමල සහ මුස්ලිම් වරුන්ද? ඒ ආසන වල සිංහල ඉතාමත් අඩුයි.(නදී)
ගමෙනුත් ඡන්ද අඩුවෙමින් යන බව එයාට පෙනිලා නෑ වගේ. කොළඹ ලස්සන කරන්න කියලා ඉන්න මිනිස්සුන්ව තමන්ගේ ඉඩම්වලින් අයින් කලාම ඡන්දෙ නැතුව යනවා.(නදී)
අනේ ඇමති තුමා සංවර්ධනය වගේම මිනිස්සුන්ගේ බඩගින්න ගැනත් ටිකක් බලන්න.(නදී)
දැන්වත් ප්‍රේමදාස මහත්තයා වගේ මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඉගෙනගන්න.(නදී)
ගමේ මිනිස්සු රැවටුනාට කොළඹ මිනිස්සු තම්බන්න ඔය ලුණු ගොරක මදි වගේ...හැබැයි ගමේ මිනිස්සුත් දැන් නම් දැනගෙන ඉවරයි....බලාගෙන ඉන්න ...ඔහොම නෙවෙයි කන්න වේනේ...(අ)
කොළඹ සංවර්ධනය කියලා කොළඹ වියදම් කරන්නේ කාගේවත් පෞද්ගලික සල්ලි නෙමෙයි. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර. ඒ ගැන කියන්නේ නැත්තේ ඇයි? ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. ඒත් ඇත්ත ඒක තමයි. (අ)
ඔයාලා කරන්නේ කොහොමත් ඉතින් මහා පරිමාණයේ වැඩනේ. (නි)
අනෙක් පළාත්වල වගේ දවස් පහම කරවිල කාලා ඉන්නවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගහක් කොළක් කොළඹ නැහැ. කොළඹ ගෙවල් වල එහෙම එකක් හදාගන්නවත් ඉඩක් නැහැ. අනික උදේ පහට හයට එළියට බැස්සම මහා රෑ 10-11 වෙනකම් ජීවිතය වෙනුවෙන් මැරි මැරී උපදින මිනිස්සු කොට්ඨාශයක් තමා කොළඹ ජීවත් වෙන්නේ. ඉතිං ඔය තත්ත්වය උඩ කොළඹ මිනිස්සු හැමදේම ගන්න ඕනෑ සල්ලි වලට. කොළඹ මිනිස්සුන්ගේ තිබෙන සැබෑම ප්‍රශ්න වලට විසඳුම් දීලා ඕනෑ කොළඹින් ඡන්ද ඉල්ලන්න. විශේෂයෙන්ම ජීවන වියදම අඩුකරලා දෙන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න. අනික් පළාත් වල අයට වඩා කොළඹ මිනිහා තමයි අමාරුවෙන්ම ජීවත් වෙන්නේ. කොළඹ ජනතාවට තමා ජීවන වියදම තදින්ම දැනෙන්නේ. (නි)
කොළඹ නොවෙයි රටේ කොහේ උනත් වැඩ කරන්නේ නැති නම් චන්දෙ හම්බ වෙන්නේ නැහැ (දී)
කොහොමත් කොළඹ ඉන්න අය ගමේ ඉන්න අය වගේ කියලා නම් හිතන්න එපා. (නි)
යන්තම් ඇති දැන්වත් තේරුණා නම්. (ස)
ඔය කතාව කෙලින්ම ජනාධිපති තුමාට කිව්වනම් නේද හොඳ ?.කොහොමත් ළඟදීම ලොකු පෙරලියක් බලාගන්න පුළුවන් වේවි .(දිල්)
කොහොම කිව්වත් කොළඹ මිනිස්සු බුදධිමත්. එකනේ 51% ඡන්දෙ නොදී රතු එළියක් දුන්නේ. දැන්වත් බේගල් නවත්තලා අවංකව වැඩ කළොත් ආයෙ පාර්ළිමේන්තු යන්න වාසනාව ලැබෙයි ඕං හැමෝටම කිව්වා ...(දිල්)
අපි කොළඹ කාක්කෝ අයියෝ කොළඹ කාක්කෝ. (කේජු කෑල්ලේ කතාව)(නදී)
කොලඹ අයව තම්බන්න අමාරුයි.(නදී)
ඔය කොළඹ තියන අමාත්‍යංශ ටිකයි, පාස්පෝට් කන්තෝරු වගේ ප්‍රධාන ආයතන ටික හිමිහිට හම්බන්තොටට ගෙනිච්චම කොළඹ මිනිස්සුන්ට ප්‍රඥව පහළවෙයි ඇමතිතුමෝ.(නදී)
මෙයා ලොක්ක එක්ක තියෙන අමනාපය මේකෙන් පිට කරනවා (අ)
කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඔහුට තුන්වන පාර්සවයක් ලෙස කතා කල නොහැකියි .ඇයි ඔහුට මේ කියන වැරදි නිවැරදි කරන්න කිසිවක් කරන්න නොහැකිද ? (අ)
කොළඹ, ගාල්ල, මහනුවර එහෙම ඉන්නේ හොඳ බුද්ධිමත් ජනතාවක්. ගමේ අය වගේ නගර වල ජනතාව අන්දන්න තමුන්නාන්සේලාට අමාරුයි. කොළඹ, ගාල්ල ජනතාවට අපේ ආචාරය. (අ)
ඔය පටන් ගැන්ම විතරයි ඇමති තුමෝ තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ...ඔබතුමාලා හිතාගෙන ඉන්නේ හැමදාම ජනතාව ගොනාට අන්දන්නනේ ...පරණ ගොනා විකුණලා හුගක් කල් ...(අ)
ඇමතිතුමා මරුකතාවක්නේ කියන්නේ හරියට ඇමතිලගේ අම්මගේ අප්පාගේ බූදලේ විකුණලා මිනිස්සුන්ට ගෙවල්, පාරවල්,හදල දුන්නවගේනේ කතාව,මේවා හදන අැමතිලගේ ලයිට්බිල ලක්ෂගණන් ,ගහනකොමිස්,කොහොමද?පොඩි මිනිහට තුන්වේල කන්න සල්ලි නැහැ පැජරෝ,ප්‍රාඩෝ, තියා බයිසිකලෙකක් ගන්න විදිහක් නැහැ ඒවටත් අරබදු මෙබදු ගහනවා.ගමවල්වල මිනිස්සු රවටුනාට කොළඹ මිනිස්සු රවටන්න ටිකක් අමාරුයි දැන් (අ)
උන්නැහේ දන්නා බම්බුව කොළඹ ඉන්නේ මුස්ලිම් දෙමල බහුතරය පදිංචි කොලේ යු එන් පි එකෙන් ඒ අය කල ගුණ දන්නවා (අ)
අධි වෙගෙන් සුප් හදල බීලා ගුවන්තොටුපොළ වරාය තම්බල කන්නද කියන්නේ (අ)
දැන් ඉතින් ඔය කතා වැඩක් නැහැනේ චන්දෙ ඉවරයිනේ (දී)
ඇත්ත මිනිස්සු දන්නවා (නි)
සමහරුන්ට නම් ඡන්දය ලැබුණෙ රඟපාන නිසයි (නි)
ජනතාව නියම තීන්දුව තමයි දීලා තියෙන්නේ (නි)
කොළඹ නගරයේ ජන අනුපාතය සහ අධ්‍යාපන මට්ටම සෙව්වා නම් ඕකට පිළිතුරු හොයා ගන්න පුළුවන්. (නි)
ඇමති මහත්තයෝ කොළඹ මිනිස්සුන්ට මොලේ තියෙනවා. ඒ මිනිස්සුනව අරවා දීලා මේවා දීල බොරු කියලා රවට්ටන්න බෑ. ඒකයි ඇත්ත.(නදී)
කොළඹ ලස්සන කලේ ඇමති තුමාගේ පෞද්ගලික මුදල් වලින්නම් ඔහොම කතා කලට කමක් නැහැ ඇමති තුමෝ. හැබැයි ඉතින් ලස්සන කරන ගමන් ලස්සනට ගහපු ගැහිලි කොළඹ මිනිස්සු දන්නවා ඇති. ගමේ මිනිස්සු රැවටුනාට කොළඹ මිනිස්සු තම්බන්න ඔය ලුණු ගොරක මදි වෙයි.(නදී)
ඔව්, ඒක ඇත්ත; වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා ආකර්ෂණය වන්නේ මැති ඇමතිවරු පමනයි. හේතුව තවම හොයාගෙන නැහැ.(නදී)
මිනිස්සුන්ගේ අවශ්‍යතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් (දී)
පාරවල් හදනවා වගේම රටේ මිනිස්සුන් කන විදිහ බලන්නත් ඕනේ. කොළඹ නගරය කොහොමත් සුන්දර කළ යුතුයි.(නදී)
මසුරන් කතාව ඇමතිතුමෝ.(නදී)
සංවර්ධනයේ නාමයෙන් ගොඩක් මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි වුනා.(නදී)
කොළඹ කවදත් යු එන් පි (දී)
කොළඹ කාක්කන්ව අන්දන්න හරි අමාරුයි මැම්බර්තුමෝ.(නදී)
මිනිස්සුන්ගේ සමාජ මට්ටම බලපානවා (දී)
කොළඹ මිනිස්සු සැම දේ ගැනම හොඳ අවධානයෙන් ඉන්න බව මෙයින්වත් ඇමති තුමාට තේරුම් ගියානම්.(නදී)
මෙතුමාට තේරෙන්නේ නෑ වගේ. (නදී)
ඇමති තුමනි සංවර්දනය අපිට ඕනි බව ඇත්ත. ඒත් එ්කම විතරක් මදි බව තමයි අපි මතක් කරලා දුන්නේ. ඒ සමගම ඇමති මණ්ඩලය ලබන වරප්‍රසාද වැඩි බව ඇති ගරු ජනාධිපති තුමාට පොඩි මතක් කල දීමකුත් මෙවර අපි සිදුකලා. අපි සැමදාම එතුමා සමග. නමුත් ඇමති මණ්ඩල ගෝලයෝ අපිට නඩත්තු කරන්න බැහැ තව දුරටත්.(නදී)
අධිවේගී මාර්ග වල පවනට බඳු වේගයෙන් ඉගිලී යන්න තීරු බදු රහිත වාහන පර්මිට් ඔබතුමාලට ලැබුනට අපට නැහැ.දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝද රථයට තීරුබදු වැඩි කිරීම නිසා එයිනුත් පාඩු විඳින්න සිදුවෙලා තිබෙන්නේත් අපිටයි. කොළඹ ජනතාව අද ඔබ ප්‍රතික්ෂේප කර ඇත. ගම්බද ජනතාව හෙට ඔබ ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබ මෙය තේරුම්ගත යුතුය. (නි)
ඇමති තුමනි මෙතන තිබෙන්නේ කොළඹ මිනිස්සුන්ගේ වරදක් නොව ඔබතුමාගේ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ දුෂණ , වංචා , මැරකම්. ගමේ මිනිස්සුන්ට ඡන්දෙ කාලෙට බත් පැකට් එකක් දීල අරක්කු ටිකක් දීල , ප්‍රාෙඩා් එකේ රවුමක් එක්ක ගියහම ඒගොල්ල ඡන්දය දෙනවා නමුත් කොළඹ මිනිස්සු එහෙම තම්බන්න අමාරුයි.(නදී)
එයත් කොලඹ දාල ගියේ බැරි නිසා තමා.(නදී)
කොලඹ වැඩිපුර ඉන්නේ ව්‍යාපාරිකයෝ සහ දෙමළ ජනතාවය. ඔවුන් කවදත් වැඩි කැමැත්ත දක්ෂිණ දේශපාලනයට. ඒකයි ඈත්ත.(නදී)
ඔබතුමා නායකතුමා සමග එකඟ වෙන්නේ නැද්ද? රටට එළිපිට මොනවා කිවුවත් මේක තමයි අභ්‍යන්තර මතය. අමතක වුණාද හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, පිට්ටනි ඔක්කොම හදලත් විශාල චන්ද ප්‍රමාණයක් අඩුවුණේ ඇයි කියලා? (නි)
ඔව්, ඒක ඇත්ත; වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා ආකර්ෂණය වන්නේ මැති ඇමතිවරු පමනයි. හේතුව තවම හොයාගෙන නැහැ නියම මිනිස්සු ඉන්නේ කොළොඹ විතරයි.(නදී)
පිටබැද්දගේ කතාව මසුරන්.(නදී)
ඇමති තුමෝ ඕවට වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි නේද? ඔබතුමාගේ පෞව්ද්ගලික සල්ලි නෙමෙයිනෙ? කොළොඹ ලස්සන කරන්න ඕන තමයි ඒත් ඊට කලින් ජනතාවගේ ජිවන බර අඩු කරලා ඉන්න. ඊට පස්සේ තමයි ඉතුරු සල්ලි වලින් වැඩ කරන්න ඕනා.(නදී)
මහවැලි ගඟ කොළඹට හැරෙව්වත් උදේට වතුර පාවිච්චි නොකරන මිනිස්සු තමයි කොළඹ නගරයේ ඉන්නේ. ගම්පහ මිනිස්සු එහෙම නෙවෙයි.(නදී)
ඔව් ඉතින් ගමේ මිනිස්සු අන්දන්න ලේසිනෙ ඇමතිතුමා.(නදී)
කවුරු මොනවා කිවුවත් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ. (නි)