වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. මේ කාලයේදී කොළඹින් ඩෙංගු මරණ හතරක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා තිබේ. වෛද්‍ය කාරියවසම් මහතා පවසන්නේ මේ රෝගීන් අතරින් සියයට 55 ක් පාසල් සිසුන් බවයි. ඔවුන්ට පාසලේදී ඩෙංගු වෛරසය ඇතුළු වන්නට ඇතැයි ද වෛද්‍ය මතය වී තිබේ.
ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ පාසල් සෝදිසි කිරීමේදී ඩෙංගු කීටයන් සිටි පාසල් 51 ක් සොයාගත් බවත් ඒවාට අවසන් නියෝගය නිකුත් කළ බවත් කොළඹ මහා නගර සභාව කියයි. මේ පාසල් අතර ජනප්‍රිය පාසල් හතක් ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු වලට බෙහෙතක් අපේ දේශීය වෛද්‍ය වරියක් සොයා ගත්ත නේද ? ඒවාට තැන දුන්නොත් කොමිස්කාරයන්ට තට්ටු වෙන නිසාද මෙහෙම මිනිස්සු මැරෙන්න ඉඩ හරින්නේ.(ස)
අර ගෙනාපු බී ටී අයි බැක්ටීරියාව කල් ඉකුත් වෙන්න ඇරියා පරිසරය පිරිසිදුව තබාගැනීමට ජනතාව උනන්දු කිරීමක් කියලා. පස්සේ කිවුවා පලිබෝධනාශක අංශයේ අවසර ලැබුනේ නැහැ කියලා.ඊට පස්සේ කිවුවා ගුවනින් ඉසින්න කෘෂි අමාත්‍යංශයේ අවසර ලැබුනේ නැහැ කියලා. 3 න් 2 බලය පාවිච්චිකරලා මේ මනුස්සයෝ ටිකගේ පණත් බේරලා දෙන්නකෝ. පින් සිද්ධ වෙනවනේ. (නි)
ගස් බැඳීම ඩෙංගු වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි (දී)
පිට පළාත් වලින් පැමිණ ප්‍රධාන නගරය ආශ්‍රිතව කුඩා බිම්කඩක නිවසක් තනා පදිංචිවන සංඛ්‍යාව අසූව දශකයේසිට ඉතා අධිකවීමනිසා ඩෙංගු වසංගතයක් ලෙස ලංකාවේ මුල්බැස ගත්තා. සමස්ථයක්ලෙස ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉතා පහත්. අප අප දෙසම බැලිය යුතුයි මීට විසඳුමක් සඳහා.(ස)
මගේ අදහස දැන් ඩෙංගු වලින් මැරෙන්න ඕනෑ නැහැ. ගස්ලබු ගසේ බෙහෙත හොදම බෙහෙතක්. නමුත් බොහෝ දොස්තරලා ඒක ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් සමහරු නිර්දේශ කරනවා. ළගදි ලෙඩවෙලා හිටපු අපේ අවුරුදු නමයක පුතෙක් බේරගත්තෙත් මේ ප්‍රතිකාරයෙන් (නි)
අපේ රටේ හැමදේම අලුත් පිට ලොකුවට පටන් ගන්නවා, පහු වෙද්දී කොහු වෙනවා. ඩෙංගු කාලයක් අඩු වෙලා තිබුනනේ. ටිකක් කල් ඇරලා අර රට ගැන ආදරයක් නැති අය පරණ තත්වයට එනවා. කුඩු ව්‍යාපාරයත් ඔහොමයි. අල්ලස් දුෂණත් ඔහොමයි. ලංකාවේ ඉන්න හොරු අඩු කලොත් ඩෙංගු නිකම්ම අඩුවෙයි. මම මේ ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි, රටේ ඉන්න පිලිකා ගැන කතා කරන්නේ. (නි)
බේත් හොයාගත්තා කියලා පත්තරේ දානවා. ඒත් තවම ඩෙංගු නිසා මිනිස්සු මැරෙනවා.ඩෙංගු වලින් මිනිස්සු මැරෙන එක නවත්තන්න කියලා ගිනිතියාගන්න කෙනෙක් පහල වුණේ නැහැනේ. කැමති කෙනෙක් මට දොස් කියන්න. ඒත් මට නම් හරක් මැරෙන එකට වැඩිය ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කාරණයක් ඩෙංගු වලින් මිනිස්සු මැරෙන එක කියන්නේ. (නි)
අර කොහෙන්ද ගෙනාපු ක්ෂුද්‍ර සතා කෝ? (නි)
නැත්තටම නැතිනම් ඒත් ආශ්චර්යය... වැඩිපුර තියෙනවා නම් ඒත් ආශ්චර්යය... (නි)
වෙනම ඩෙංගු ඇමතිවරයෙක් පත්කරමුද? (නි)
කොහෙද අර ගස් බැඳිල්ල කරගෙන යන්න දුන්නයි. දැන් ඉතින් කනවෝ කනවෝ කියමු. ඔය දුටු ගැමුණු කට්ටිය පහල වෙලා ඉන්නේ ජාතියේ පෙර පිනෙන්. ඒ උත්තමයින්ගෙන් වැඩක් ගන්න අපිට මොලයක් නැති හැටි. (දී)
ඩෙංගු වැඩිවීමට යම් හේතුවක් තිබේද? (නි)
මෙතැන අදහස් දමන චතුල වෙරෝනා නියම කොල්ලෙකි. රිස්වාන් සෞදි නියම ලාංකිකයෙකි. සදරුවන් නියම බෞද්ධයෙකි . අපි හැමෝම ලාංකිකයන් වෙමු. බුදු සරණයි! (නි)
අපි ඔක්කොම ලාංකිකයෝ තමයි. හැබැයි අපිට තවම ඩෙංගු ගැන මොකුත් කරගන්ඩ බැරි හැඩයි (නි)
මේකේ වගකීම සම්පුර්නයෙන්ම විපක්ෂය බාර ගත යුතුයි. ඒ ගොල්ල තමා ඩෙංගුවාට අත්දුටු පිලියමක් වුණ ගස් බැඳීමේ ක්‍රමය නැවැත්තුවේ. දැන් පේනවා නේද පල විපාක. (නි)