(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසීය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ශ්‍රී ලංකාවේ තරග තරග හෙට (9) ආරම්භ වන අතර එහි තරග මේ මස 10, 12, 14, 15 සහ 17 යන දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට පදිංචිකරුවන් සහ ඒ මාර්ග භාවිතා කරන ජනතාව සහ තරග නැරඹීමට බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකයන් එම රථවාහන සැලැස්ම පිළිබඳව අවබෝදයෙන් සිටීම වඩා වැඳගත් බව ද පොලිසිය සඳහන් කළේය.