(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 8) පැවසීය.
මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන්වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑදරකම සහ කිසිම ලැජ්ජාවක් නැතිකම. පොහොසත් වුණේ මොන විදිහේ දහදුරා ජරා වැඩ කරලාද මන්දා...? අන්තිමට කියයි තමන්ට නෛතිකව හිමි වරප්‍රසාද කියලා. හෘද සාක්ෂිය සහ ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවනේ සදාචාර සම්පන්න වැදගත් මිනිසුන් හැටියට සමාජයේ පිළිගැනීමකට ලක්වෙන්න...
බැරිවෙලාවත් ඔය මහත්වරු බලයට පත්වුණොත්, මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද ගැන තමන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා, රටට දැන්ම හෙළිකරන්න ඕනෑ.
ගේ 200,000ට කුලියට දීලා නිල නිවාසේ 1,000ට ඉන්න ඇහැකි... 199,000ක් ලාබයි. හැබැයි විද්වතුන්ගේ පඩියට කෙලවන්න නම් අති දක්ෂයි...
මිනී මරුවන්ටත් ඇමැතිකන් දෙන රටේ ඕකත් මහ ලොකු දෙයක්ද සෑර්...?
දූෂිත වැඩ කරන අයගේ නම් ප්‍රකාශ කරන්නේ නැතිනම් කවදාවත් දූෂණය නතර කරන්න බැහැ. මේ ඇමැතිවරුන්ගේ නම් ප්‍රකාශ කළා නම් ඊළඟ මැතිවරණයේදී ඡන්ද ලැබෙන්නේ නැහැ.
අපි ඔක්කොම රජවරු ඔක්කොම පල් හොරු තුන් සිංහලයම මෝඩයෝ.