කොළඹ විශ්ව විද්‍යාලය සංවිධානය කරන පර්යේෂණ පරිසංචාදය ඔක්තෝබර් 11 සිට 22 වැනිදා තෙක් විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

එහි සමාරම්භක උත්සවය අඟහරුවාදා (11) පෙරවරු 8.30ට උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජර්මන් සමූහාණ්ඩු ජනරජයේ තානාපති යෝන් රෝඩර් එහි ප්‍රධාන ආරාධිතයා වන අතර ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක උනා මැකෝලි පවත්වයි.