කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 30 වැනි සංවත්සරය නිමිති කොටගෙන 2016 වර්ෂයේ පාඨමාලාව නව මුහුණුවරකින් පැවැත්වීමට යයි.
පාඨමාලා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදුවන බවත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය 2015 නොවැම්බර් 20 වැනිදා තෙක් දීර්ඝ කළ බවත් එහි ප්‍රකාශකයෙක් කීය.
වෘත්තීය ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ අභිලාෂ ඇති විද්‍යාර්ථීන් සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මේ පාඨමාලාව පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර www.cmb.ac.lk වෙබ් අඩවියෙන් හෝ 011-2500431 දුරකථන අංකය ඇමැතීමෙන් ලබාගත හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කොළඹ සරසවියේ ඉංග්‍රීසි පාටමාලාවක් පැවැත්වුවා බාහිර අයදුම්කරුවන්ට. මමත් එයට සහාබාගී වුණා.නමුත් මට එය සම්පුර්ණ කරගන්න බැරි වුණා. දැනුත් එවැනි පුහුණු පාඨමාලා පැවැත්වෙනවද?(ම)
2020 මීඩියා ඩිප්ලෝමා එක පටන් ගන්නේ කවද්ද? ඩිප්ලෝමා එකේ මුළු ගාස්තුව කීයද?