මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා ඉදිකරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මැනීම් කටයුතු අරඹා ඇත.
ආරම්භයේදී මංතීරු හතරකින් යුත් කිලෝමීටර් 80ක් දිග මාර්ගයේ වැඩ 2018 අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති ඉංජිනේරු එල් ජී ලලිත් ප්‍රියන්ත සිල්වා මහතා පවසයි.
පළමු කොටස ගොඩගම සිට බෙලිඅත්ත දක්වාත්, දෙවැනි කොටස බෙලිඅත්තේ සිට වැටිය දක්වාත්, තුන්වැනි කොටස සිට වැටිය සිට අන්දරවැව දක්වාත්, හතතර වැනි කොටස අන්දරවැව සිට මත්තල දක්වාත් ඉදි කිරීමට නියමිතය.
ගොඩගම, බෙලිඅත්ත, කසාගල, අඟුණගොඩ පැළැස්ස, වැටිය, සූරියවැව, අන්දරවැව සහ මත්තල අන්තර් හුවමාරු පිවිසුම් අටක් ඉදි කැරේ.
පරේ වැඩ අවසන් වූ විට කොළඹ සිට මත්තලට යෑමට ගත වන කාලය පැය දෙකහමාරකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි. ඩුබායි ඉන්නකොට හිතෙනවා ඇති ලොකු රටක ඉන්නවා කියලා. තමුන් දාන ප්‍රතිචාර දිහා බැලුවම පේනවා. අධ්‍යාපන තත්වය, මොලේ තියෙන්නේ ගොම. ඔබගේ ප්‍රතිචාර වලින් දැකලා තියෙනවා හැම විටම පුද්ගලයන් හා රට පහත් කොට තියෙනවා.(නදී)
නිවුවට වැඩක් නැති නිසා කියන්නේ නැහැ. (නි)
ද සිල්වා.ඔරවා රටේ මොළ හෝදපු හරිත් ල වගේ බත් කන හරක්ට කියල වැඩක් නැහැ රටම විනාසවෙලා ඉවරයි.(අ)
අපි මත්තලට යන්නේ කුරුල්ලෝ බලන්නද? මේවා තමයි ජාතික අපරාධ කියලා කියන්නේ. (නි)
ද සිල්වා, ඕවා රටේ ඉන්න මොළ හෝදපු අයට කියල වැඩක් නැහැ.රට නිදහස් කරගෙන අවරුදු 60 කට ගත්තු ණය ප්‍රමාණයෙන් බාගයකට වඩා මේ අවුරුදු 4-5 ට අරන් ඉවරයි.උපදින දරුවත් ලක්ස 3.5 ක ණයක් අත මිට මොලවාගෙනයි උපදින්නේ.රටේ අනාගත දරුවන් මොන තරම් අවාසනාවන්තද? (නි)
මාතර සිට මත්තල දක්වා ඉදිවෙන අදිවේගී මාර්ගය කිලෝ මීටර් 80 යි. ගාල්ල සිට මාතරට කිලෝ මීටර් 42 යි. එවිට ගාල්ල සිට මත්තල ගුවන් තොටුපොළට කිලෝමීටර් 122 යි. ගාල්ල සිට කටුනායක ගුවන් තොටුපොළට කිලෝමීටර් 158 යි. වෙනස කිලෝමීටර් 36 යි. දැන් ඔබම තීරණය කරන්න මේ ගුවන් තොටු පළෙන් සෙතක් ඇතිවී තිබෙන්නේ කවුරුන්හටද යන බව? රට වටේම අධි වේගී මාර්ග තැනීම ගැන අපට ඇත්තේ විශාල සතුටක් ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. මෙහි දැක්වෙන කිලෝමීටර් ප්‍රමාණය සඳහන් කර තිබෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව.(නදී)
අපි ලංකාවට ආව දවසේ කටුනායකට වැස්සා.මීටර් 100 ක් දුරක් තියෙන අපේ ගමන් මලු ටික අරන් එන්න වාහන නැහැ.අපේ ප්ලේන් එකේ ෆයිලට්ලා දෙන්නත් බලන් ඉන්නවා එයාලගේ ගමන් මලු එනකම්.දුබි සිට ආව සුදු ජාතිකයන් බලන් ඉන්නවා. එනවුන්ස් කරනවා වැස්ස නිසා ඔබේ ගමන් මලු ප්‍රමාද වෙනවා කියලා.දුබි සිට ලංකාවට එන්න පැය 4 යි.ප්ලේන් එකේ බඩු ටික ගෙන්න ගන්න පැය 2.5යි.ඔක්කොම වාහන ටික මත්තලට අදාලයි.වැසි දවසට ගමන් මලු ටික ගේන්න වාහනයක් ගන්න සල්ලි නැහැ. (නි)
කිසිම ජාත්‍යයන්තර ගුවන් යානයක් දැන් මත්තලට එන්නේ නැහැ කියන්නේ ඇත්තද? ඒ මදිවට තව පාරවලුත් කෝටි ගානක් වියදම් කරලා හදනවා.මිනිසුන්ට පාරවල් තමා බඩගින්නට කන්න වෙන්නේ. (නි)
මොනවා බලන්නද මත්තලට යන්න හදන්නේ? (නි)
අනුරාධපුරයට වෙසක් පොසොන් වගේ විශේෂ මාස වලටයි අවුරුද්දේ හැමදාමයි එන දේශීය විදේශීය සංචාරකයන් ගණන අනුරාධපුරයට නිතර යන එන අය දැකලා ඇති. කොළඹ ඉදන් අනුරාධපුරයට අධිවේගි මාර්ගයක් හැදුවා නම් ඔය සල්ලි අයියෝ සල්ලි වෙන්නෙ නැහැ (නි)
අපේ ලංකාවේ සමහරක් ඉන්නවා කොච්චර හොඳ දෙයක් කළත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒක එයාලගේ හැටි. (නි)
'බඩගිනිකාරයන්ටද'? නැත්නම් 'ලැම්බෝගිනි කාරයන්ටද'? (නි)
හරිත්, මම බෙර්ලින් වල ජිවත් උනාට මගේ උපන්ගම හුංගම කහඳමෝදර, අර දඩුවම් මුදලාලි හිටිය පැත්තේ, මම ලංකාවට වියාපාරික කටයුතු සඳහා අව්රුද්දකට 2 නැත්නම් 3 පාරක් එනවා. අපේ ගම පළාතේ ඉන්න ජනගහනය සමග සංසන්දනය කරලා බැලුවම , තිබෙන පාරවල් හොඳටෝම ඇති. ප්‍රශ්නෙකට තිබෙන්නේ රජයේ රෝහල්වල බෙහෙත් නැහැ, බස් ගාස්තු , භූමිතෙල් , කප්පම් කල්ලි සහ දේශපාලන මැරයන් මෙහෙ බහුලයි. මම නිතර ලෝකයේ වෙනත් රට වලට යන එන නිසා මට පුළුවන් අපේ රට ඒවත් සමග සංසන්දනය කරන්න. සංචාරක ව්‍යාපාරය දියුණු කළ පලියටම රට දියුණුවෙන්නේ නැහැ. රටේ ජනතාවගේ , ආර්ථික , සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශ දියුණු උනොත් තමයි රට දියුණු වෙන්නේ. මේ විදියට රට ඉදිරියට ගියොත් සුලු පෝසතුන් ප්‍රමාණයක් රටේ ඉදිද්දී දුපතුන් මහා මගට වැටේවි. මට සල්ලි තිබුනට මම පිටරට හිටියට මගේ නෑයෝ යාලුවෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. එතකොට ඒ ගොල්ලන්ට වෙන්නේ මොකද?(නදී)
සුදත්, ඔබේ තර්කයේ කිසිදු පදනමක් නොමැත. හැකි නම් තව විස්තර කරන්නන.(අ)
කිමී80 හදන්නේ අවුරුදු 5කටද? තව ඉක්මන් කරන්න වෙයි (නි)
කුමුදු, ඇත්තෙන්ම මෙතන මගේ කිසිදු තර්කයක්වත් අලුත් අදහසක්වත් නැහැ.මේ පුවත හොඳින් කියවන්න.ඊට පසුව ගුගල් "මැප්"වෙත ගොස් "ගෙට් ඩිරෙක්ෂන්" මත ක්ලික් කරන්න.පසුව ඔබට අවශ්‍ය නගර යන් "ඒ" හා "බි" මත යොදන්න. එවිට නිවැරදි දුර ප්‍රමාණය ලැබේවි.මේවා පොඩි ළමුන් විනෝදයට කරන වැඩනේ.කරුණාකර නැවත ප්‍රතිචාරයක් දාන්න. (නි)
සුදත්, ඔයා හැම දෙයක්ම බලන්නේ ගාල්ලට සාපේක්ෂවද? එතකොට මාතර ඉදලා කටුනායකට දුර සහ මාතර සිට මත්තලට දුර වෙනසක් නැද්ද ? පිටබැද්දර, මෝඩයෙක් වගේ උත්තර දෙන්න ඉස්සෙල්ලා ගොඩගම තියෙන්නේ කොහෙද කියලා බලන්න (නි)
ජපානයේත් ඔසාකා සිට ටෝකියෝ දක්වා තමයි අධිවේගී මාර්ග තියෙන්නේ. ප්‍රධාන නගර යාකර තමයි අධිවේගී මාර්ග හදන්නේ. තේරෙන විදියට හිතාගන්න (නි)
ඉතින්....මත්තලට පැය දෙකකින් ගිහිල්ලා මොනවා කරන්නද? (නි)
පිටිගල ඇත්තටම ඉන්නේ මිලනො වලද? දැනගන්න අහන්නේ (නි)
මත්තල ගුවන් යානා නොඑන නිසා මොනරු ,නැතිනම් බත් කුරෝ ,හරි බලන්න පුළුවනි.(නදී)
මේ වගේ යන්න වාහන ගන්න මට වත්කමක් නැත. අපේ ඉතුරු කරගත් සොච්චමෙන් ගන්න පුළුවන් වුනේ අවරුදු 25 විතර පැරණි කාර් එකකි. එම වාහනය අදිවේගී මාර්ගයට ඇතුල් කරන්න හදනකොට එතන හිටපු පොලිස් රාළහාමි කෙනෙක් කිවුවා මහත්තයා, තරහගන්න එපා,කාර් එක පරණ නිසා අධිවේග මාර්ගයේ යන එක හොඳ මදි නේද කියලා. මම ආපසු හරවාගෙන ආවා. අලුත් වාහන වලට ආණ්ඩුව 200% විතර බදු ගහන නිසා ඒවා ගන්න අපේ මාසික වැටුප මදි.මේ පාරේ යන්න වාහන ගන්න පුළුවන් දේශපාලකයන්ට සහ බලපත්‍ර ලාභී රජයේ සේවකයන්ට සහ ලොකු සල්ලිකාරයන්ට පමණි. මේවා හදන එක හොඳයි. නමුත් වාහන බදු , පැට්‍රොල් මිල අඩුකර මධ්‍යම පන්තික අපිටත් පොඩි සහනයක් දෙන්න. එහෙම බැරිනම් ඔය කැලේ,කුබුරු යායවල් බොරුවට විනාශ කරන්නේ නැතුව ඔහොම තිබෙන්න හරින්න.මම හිතන විදියට ඔය මුදල් සහ සම්පත් අපේ තිබෙන මාර්ග පද්ධතිය නඩත්තුවට යෙදවුවා නම් අපිට පුළුවන් අපේ ත්‍රිරෝද රථයකින් හෝ මෝටර් බසිකලයකින් හෙමිහිට අපේ ගමන් යන්න (නි)
මේ අදිවේගී මාර්ගයෙන් ගොඩක් සේවාවන් සැලසෙනවා. මත්තලට ගුවන් යානා එන්නේ නැති නිසා මත්තල යාල තිස්සමහාරාම ඉන්න විවිධ සතුන් බලන්නත් මේ මාර්ගය යොදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව ලොව බැබලේවා! (නි)
ඔස්ට්‍රේලියාව වගේ දුප්පත් රටකට තමන්ගේ අග නගරයටවත් (කැන්බරා වලට) ජාත්‍යන්තර ගුවන් තොටක් හරියකට නැහැ. ලගම ජාත්‍යන්තර තොටුපොලට කිමි 400 විතර දුරක් තියනවා, සිඩ්නි. මත්තල ජීවත් වන මිනිසුන් ගැන අපිට ඊර්ෂ්‍යාවයි. ඒ මිනිසුන්ට බොන්න වතුර, ලෙඩකට බෙහෙතක් තියන ඉස්පිරිතාලයක් ,පහසුකම් ඇති පාසලක් මිසක් ගුවන් තොටක් මොනවා කරන්නද? (නි)
ඒ කියන්නේ තව අවුරුදු පහක් බලාගෙන ඉන්න ඕනෑ මේ පැය දෙක හමාරට. (නි)
ඒක නම් හොඳ වැඩක්. හදිස්සියකට අහස් යාත්‍රාවක් වුනත් තටු ගලවලා දාලා මේ පාරෙන් යවන්න පුළුවන් ඒ වේගෙන්ම. (නි)
මත්තල ගුවන්යානා නැහැ වගේම යාල සත්තුත් නැහැ.ඉස්සර නම් මුවෝ වල් ඌරෝවත් හිටියා. දැන් උනුත් නැහැ. අපේ අයියලා මරාගෙන කාලද දන්නේ නැහැ. මේ ලගදී මම විදේශිකයෝ පිරිසක් සමග යාල ගියා. ලැජ්ජාවේ බැරිව ගියා. අයියෝ සල්ලි!! (නි)
මං තිරු දෙක වුනාට කමක් නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතියට හදන්න ඕනෑ. (නි)
ද සිල්වා, ඔබ කියන විදියට ලංකාවේ ප්‍රමුකත්වය දිය යුතු ගොඩක් දේවල් තියෙනවා.ඔබ සූරියවැව, වීරකැටිය පැත්තේ ජීවිත් වෙලා තියෙනවා නම් ඔහොම කතා කරන්නේ නැහැ.ඔබ කතා කරන්නේ, අධිවේගී මාර්ගයක් බාවිත කරන්නේ සංචාරකයෝ විතරද? මෙවැනිම ප්‍රශ්නයට මම මීට පෙර පිළිතුරු දී ඇත.අන්තිමටම තන්ගල්ල, කතරගම, වීරකැටිය පැත්තට ගියේ මොන කාලෙද? ඔබ බෙර්ලින් වලම ඉන්න වදයක් වෙන්නේ නැතුව.නිවාඩුවකට ඇවිල්ලා යන්න.මෙහෙ වෙන දෙයක් අපි බලා ගන්නම්. (නි)
හරිත්, මම ගාල්ල කේන්ද්‍රස්ථානය කරගත්තේ, ගාල්ල දකුණේ පිහිටි ප්‍රධාන නගරය නිසා. අනික දකුණු පළාතේ විදේශ ගතව සිටින්නන් හා සංචාරක කර්මාන්තය වැනි දෑ පිලිබඳ අවධානය යොමු කරමින්. අඩු තරමේ ගුවන් තොටු පල ගාල්ලේ වත් තිබුනානම්, අපට සතුටු විය හැකිව තිබුනා. මාතර සිට හෝ ගාල්ලේ සිට මත්තලට ඇති දුර ගැන අපට එතරම් කරදර වෙන්න අවශ්‍ය තවයකුත් නැහැ. මොකද අපි යාළ පැත්තට යන්නේ සත්තු බලන්න මිසක් ගුවන් ගතවීමට නොවන නිසා. මගේ අදහස අනුව මාතර පැත්තේ දුෂ්කර ගම්මානයක බස් නැවතුම් පලක් හැදුවානම් දිනකට 30 ක් 40 ක් මගින් එයින් උපරිම ප්‍රයෝජන ගන්නවා.(නදී)
මම නම් දකින්නේ වෙන පැත්තක්. එයාර් පෝර්ට් එකක් හින්දා පාරවල් දානවට වැඩිය කරන්න වැඩ නැද්ද ? (නි)
මේ ව හැදුවට දුපත් මිනිසුන්ට යහපතක් නැත , බස් වලින් අධිවෙගෙට ගන්න ගාස්තුව අඩුකර , මගීන්ගෙන් ගන්න ගාස්තුවත් අඩු කරන්න එතකොට හැමෝටම මේ ම මාර්ගයේ ප්‍රතිපල ලැබේවි , නැත්නම් දෙසපලකයන්ට සහ සලිකරයන්ට කොලබට පැය 2 1/2 සාමාන්‍ය ජනතාවට පැය 7, (දී)
ඉස්සර අපි කුඩාකාලේ කටුනායකට ආව ජම්බෝ ජෙට් එක කියල එකක්.ඉතින් ඕක බලන්ඩ අපේ ගම් ලොරි වලින් එනවා.මම මුලින්ම එයාපෝර්ට් එකට ආවේ ඕක බලන්ඩ.දැන් මත්තලට ප්ලේන් එකක් අවොත් මිනිස්සු ලොරිවල එනවා ඇති බලන්ඩ.මම ඉන්නේ හීත්රෝ එයාපෝර්ට් එක ළඟ මෙහි විනාඩියක් ඇතුලත ප්ලේන් 10 ට වඩා නග්ගනවා බස්සවනවා.
වැඩේ නම් හොදයි නමුත් ලංකාව පුරාම කලොත් නේද හොද (දී)
කොළඹ සිට කටුණායකට මිනිත්තු 15 යි. කොහොම නමුත් රට වටේටම අධි වෙගි මාර්ගයක් හදන එක හොදයි. කාලය ඉතුරුයි ඒකෙන්. නමුත් මත්තල ගුවන්තොටුපලක් හදපු එක අනුමත කරන්නේ නැහැ මම. ඒ වියදම් කරපු මුදල්වලින්, ඩොමෙස්ටික් ගුවන් තොටුපොළ වල් ටික හැදුවා නම් , රටට තව විදේශ විනමය එනවා. ඒ ගැන මට 200% විශ්වාසයි.(නදී)
සුදත්, ගාල්ල කියන්නේ එක සංචාරක නගරයක් පමණයි. මත්තල දක්වා අදි වේගී මාර්ගය සෑදීමෙන් කටුනායක සිට මත්තල දක්වා මේ මාර්ගය භාවිතා කරන සියලු පුද්ගලයන්ට එහි වාසියක් අනිවාර්යෙන්ම ලැබේ. මෙම මාර්ගය ගුවන් ගත වෙන පිරිස් සදහම ඉදි කෙරෙන මාර්ගයක් නොවේ. බස් නැවතුමක් හදනවට වඩා පාරක් හදන එකේ වටිනාකම ඔබට නොතේරෙන්නේ ඇයි ? සරලව කිව්වොත් දකුනු පලාතේ වගා කරන දේ, මාලු, සංචාරකයින් , කෙටි කාලයකින් සහ අඩු ප්‍රවාහන වියදමකින් තම අවශ්‍ය ස්ථානය කරා යයි. බස් නැවතුමක් සෑදීමෙන් ඊට සමාන කාර්යක් සිදුවෙනවාද? (මම අනුමාන කරනවා ඔබ ලංකාවේ අඩි වේගී මාර්ගය එක වරක් හෝ බාවිතා කර නැති බව).(නදී)
මත්තල ගැන මෙතෙක් ලියල තිබුන ප්‍රතිචාර හැම එකක්ම මම එකතු කරගෙන ඉන්නේ. මම ඒවා මගේ පුතාට දීල කියනවා තව අවුරුදු 30ක් ගියහම පත්තරේට යවන්න කියලා. මට දුක ඒ කාලේ වෙනකොට මෙතන අදහස් දක්වපු අය නැති වීම. හැමෝම අදහස් දාන්නෙ හිතේ තියන කුහක කමට. (නදී)
මොකද දකුණට විතරක් අනිත් පළාත් වලට දෙන්නකෝ (දී)
පලවෙනි අදහස දාපු චානක ගේ අදහසට මාත් එකයි. අදිවේගී මාර්ග හදන්න ඕන රටේ ප්‍රදාන නගර වලට ඉක්මනින් ලගාවෙන්න ඕන විදියට. ජනගහන අනුපාතයට විහිදෙන්න ඕනා. එහෙම නැතුව (අ)
සුදත්, 1. මෙම ලිපිය මත්තල ගුවන්තොටුපල ගැන ලියුවක් නොව, මෙය දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබදවයි 2. 14:49:07 - ඔබයි ගුවන්තොටුපල ගැන කතා කරන්න ගත්තේ 3. මට කියන්න ඉස්සෙල්ලා ඔබ ලිපියට අදාලව පිළිතුරු ලියන්න... (දී)
මත්තල යන්නේ කුරුල්ලෝ මරන්නයි. ඕක විතරයි දැන් අඩුවෙලා තිබුනේ. පාරවල් වල තියෙන තාර කකා තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ.(නදී)
මගේ සිහිනය, ලොකු පුතාට රේස් කාරෙක වේගයෙන් පැදගෙන ගමට ඉක්මනින්ම යන්න පාරක්.පොඩි පුතාට පයිලට් කෙනෙක් වෙලා මත්තලින් ඉක්මනින් කොළඹ එන්න පාරක්,බාල කොල්ලට නැවෙන් බැහැලා පහසුවෙන් ගෙදර එන්න සුදුසු පරිසරක් මැවීමයි. (නි)
මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න කැමතියි තංගල්ල හා තිස්ස මට යන්න (අ)
ඔය අදිවේගී මාර්ගය කුළුණු උඩ ඉදි කෙරුවොත් වඩා හොදයි. අලින්ට කරදරයකුත් නැහැ. යන අයට අලි,මොනරු බලාගෙනම ගුවන් ගත වෙන්න පුළුවන්. (නදී)
හාරිත් සුරියවැව, අගුනුකොල පැලැස්ස , මත්තල පැත්තේ ඔය කියන තරම් වාහන තදබදයක් නැහැ. සංචරකයොත් නැහැ. ණයවෙලා අධිවේගී මාර්ග හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.සංචාරකයෝ ලංකාවට ඇවිත් මත්තලින් බැහැලා අධිවේගී මාර්ගය දිගේ ඉක්මනට කොළඹ ගිහින් කටුනායකින් ගුවන් ගත වෙනවා කියලයි සමහරු හිතන් ඉන්නේ. දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කොට්ටාවේ සිට මිගමු පාරට දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න. මත්තලට අධිවේගී මාර්ග හදනවට වැඩිය අත්‍යවශ්‍ය දේවල් අපේ රටේ තිබෙනවා. රෝහල්වල බෙහෙත් නැත. රටේ ජනගහනයේ ප්‍රමාණයට අවශ්‍ය කරන තරම් විශ්ව විද්‍යාල නැත. ඒවගේ පහසුකම් මදි. ලංගමට අවශ්‍ය තරම් බස් සහ අමතර කොටස් නැත. දුම්රිය සේවය අකාර්යක්ෂමයි (දී)
නුවරට පැය පහයි, මත්තලට පැය දෙකයි...ආශ්චර්යකට යන්න අපුරු සැලසුම! (නි)
හරිත්,යමක් ලියන්න කලින් හොඳින් කියවන්න. ඔබ බලන්න මගේ මුල්ම අදහසේ "රට වටේම අධිවේගී මාර්ග තැනීම ගැන අපට ඇත්තේ සතුටක් "යන්න මම පැහැදිලිව ලියා තිබෙනවා. ඔබ මා ගැන අනුමාන කරනදේ මෙහි ලිවීමෙන් පලක් නැහැ. මම ලිවුවේ මත්තල ගුවන් තොටුපල ගැන විනා අධිවේගී මාර්ග ගැන නොවේ. (නි)
සල්ලි ඔක්කොම සංවර්දනයට නිසා සමහර අමත්‍යංශ වල රුපියල් 30000 චෙක් එකක් වත් ලියන්න සල්ලි නැහැනේ.(නදී)
මේ පාර හදන එක නම් හොදයි. ඉතින් මේ පාර හදපුවාම මත්තල ඉඳලා කටුනායකට එන්න පුළුවන්නේ. මොකටද මත්තල ගුවන්තොටුපොළක්.(නදී)
කොළඹ ඉදලා මත්තලට ඇති දුර පැය දෙකහමාරෙන් බෙදුවහම කාර් එකක පැයට කිමී කීයක වේගෙන් යන්න ඕනෑද? (නි)
මත්තල යාල තිස්සමහාරාම ඉන්න විවිධ සතුන් බලන්නත් මේ මාර්ගය යොදා ගන්න පුළුවන්. මත්තල යාල තිස්සමහාරාම අධිවේගී මාර්ග හදන්න අවශ්‍යයි. සංචාරකයෝ යාල අධිවේගී මාර්ගයක යන්න කැමතියි. (නි)
මෙම වියාපෘතිය ගුවන්තොටුපලව සම්බන්ද කළත්, බස් නැවතුම් සම්බන්ද කළත්...අවසානයේ මෙය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් වනු නොඅනුමානයි. සංචාරකයෙක්ගෙන් හෝ ආයෝජකයෙක් ලංකාවේ පළමු දුර්වලකම ලෙස දකින්නේ ක්‍රමවත් නැති මහාමාර්ග හා වාහන තදබදයි... (දී)
සේනක මහත්තයෝ, මේවා හදන්නේ කෝටි ගණන් ණය අරගෙන. මෙම මුදල් වලින් 50% විතර දේශපාලකයෝ හොරා කනවා. මේවට ගන්න ණය වලට පොලි ගෙවන්නේ දුප්පත් අපේ සිනි ටිකෙන් , පරිප්පු 250 සහ පැට්‍රොල් ලීටරෙන් ගන්න බදු වලින්. නමුත් මේවයේ ප්‍රතිලාබ දේශපලකයන්ට සහ සල්ලිකාරයට. එහෙම අපිව කනවා මදිවට කැලේ ඉන්න අලිත් කුලප්පු වෙලා උන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා. (නි)
ගොඩගම ඉඳල අලුතෙන් පාරක් හදනවට වඩා කොට්ටාවෙන් පටන් ගත් දක්ෂිණ අධිවේගී එක මාතරට දික් කලානම් මේ යන වියදමෙන් බාගයක්වත් යන්නේ නැහැ නේද ? අනික රටේ භූමියත් ඉතුරුයි . (නි)